loader image
Select Page
Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ලබන මාර්තු 28 වෙනිද රසාංජලී මිතුරියගේ උපන්දිනය. අපි ඒ වෙනුවෙන් මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා.

මේ අම්මගේ නම ආර්. එම්. මල්ලිකා. වයස අවුරුදු 68යි. දියතලාව, පහළකදුරුගමුව, කිරිමඩුවෙපතන ඉන්නේ. ඇස් පේන්නේ නැහැ. මීට කලින් පිළිකාවක් ඇවිත් තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරලලු තියෙන්නේ. ගෙදර අයටනම් මං රසාංජලී මිතුරියගේ ඡායාරූපයක් පෙන්නුවා. අම්මට මං ඔයා ගැන විස්තර කීවා. අනේ නොසැහෙන්න අඬ අඬා පිං දුන්නා.

මේ කුසලයේ ආනුභාවයෙන් රසාංජලී මිතුරිය නිදුක් නීරෝගී වේවා. රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ඔබ පවුලේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. විවාහ* වී සිටීනම් ඔබේ පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරුඵල ලැබේවා. විවාහ වී නොමැතිනම් යහපත් ස්වාමිපුරුෂයයෙක්/ප්‍රේමවන්තයෙක් ලැබීමටද මේ පින හේතුවාසනා වේවා.

සුභ උපන්දිනයක් මිතුරිය…

සැත්කමට පෙර නිකිණි දුවත් සමඟ කැළණි පන්සල් ආ ගමන (පෙබරවාරි 13)

සැත්කමට පෙර නිකිණි දුවත් සමඟ කැළණි පන්සල් ආ ගමන (පෙබරවාරි 13)

ලබන පෙබරවාරි 20 වෙනිදා තමයි නිකිණි දුවගේ සැත්කමට දින ලබාදීලා තියෙන්නේ. ඉතිං අපි අද දුවත්, දුවගේ අම්මා, තාත්තා සහ ආච්චි අම්මා සමඟින් කැලණිය පන්සලට ආවා.

අපි නිල් මානෙල් මල් 50ක් පූජා කලා. ඒ වගේම පහන් දල්වා, සුවඳ ඳුම් පූජාවක්ද සිදුකලා.
කිරිපිඬු පූජාවක්ද සිදුකලා. මේ හැම දෙයක්ම අවසානයේ පැතුවේ පෙර අකුසල කර්ම යටපත් වී, දුවගේ සැත්කම සාර්ථක වෙන්න කියාය.

සැත්කම සාර්ථක වීමට ඔබගේ ආශිර්වාදයද මේ දියණියට ලබාදෙන්න…

උදව් කරන්න පොරොන්දු වූ, උදව් කල මාගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අනේක වාරයක් පිං…

ඔබ තවමත් පොරොන්දු වූ මුදල් ලබාදී නැත්නම් හැකි ඉක්මනින් මුදල් තැන්පත් කර දැනුම් දෙන්න.

ශ්රී සෞභාග්ය ධෛර්ය, බුද්ධි තේජස්‌ ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්රමාණ පුණ්යසම්පත්තියක්‌ ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්යවත් අරහත් සම්ය සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක්‌ මඟුල් ලකුණු අනුහසින්
සවණක්‌ ඝණ බුදුරැස්‌ අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක්‌ ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද

ඔබගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා·

සැත්මක සාර්ථක වේවා…

දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා· තෙරුවණ් සරණයි…

සමාජසත්කාර ආශිර්වාද පූජා | ප්රාර්ථනා Fund

නිකිණි දුව පිළිබඳව වැඩි දුරටත්….

මේ ඉන්නේ නිකිණි නේත්රා පැහැසරණි දුව. වයස අවුරුදු 4යි. මොන්ටිසෝරිත් යනවලු. උප්පත්තියෙන්ම කොන්දෙහි ගෙඩියක් සහ මොළයේ වතුර එකතුවෙන රෝගයෙන් ඉපදීලා ඉන්නේ. කොන්දේ ගෙඩිය ඉපදුන ගමන් ඉවත් කරලා. මේ ගෙඩියේ ප්රතිඵලයක් ලෙස ස්නායු තෙරපීම නිසා මේ දරුවට ඇවිදින්න බැහැ. මොළයේ සිට මුත්රාශයට බටයක් (Shunt) දාලා තියෙන්නේ මොළයේ එකතුවෙන වතුර ඉවත්වෙන්න. එය කිහිපවරක්ම ඉවත් කරන්න වුනාලු. වෛද්යවරු කියන්නේ අවුරුදු 12කට වඩා ජීවත්වෙන එකක් නැ කියලා. හේතුව මේ දුවගේ හිස් කබල එකතුවෙලා (හා වෙලා) නැහැලු . මොළය වර්ධනය වෙන විට එය හිස් කබළෙන් එළියට එනවලු.

පියා කාර්යාල සහයක රැකියාවක් කරන්නේ. මේ දරුවාගේ අසනීපය වෙනුවෙන් ලෝන් අරන් නිසා මාසෙකට රු.1,500ක් වගේලු පඩිය අතට එන්නේ දැන්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. තව පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ගොඩක් ආර්ථික අපහසුතා මැද දිවිගෙවන පවුලක්.

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද මලී | Project 01 (Haputale)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද මලී | Project 01 (Haputale)

මේ ඉන්නේ මලී. මලී කියන්නේ මේ ලස්සන දුව නම් නෙමේ. කිරි එළදෙනට තමයි ඒ නම කියන්නේ. සඳලි දුව තමයි ඒ නම දැම්මේ. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත් කිරිගවයෙක් ලබාදුන්නා.

අපි මේ අයට කිරි ගවයෙක් දෙනවා කියලා කීවට පස්සේ ගොඩක් සතුටු වුණා. දුව තමයි වැඩියෙන් සතුටු වුණේ. මේ අයට ඉන්න හරිහමන් ගෙදරක් නැති වුණාට මලී වෙනුවෙන් මේ අය දවස් 2ක් ඇතුළත ගවගාලක් හැදුවා. අපි එනකොට බැලුම් බෝල එහෙම සවි කරලා, ගණ දෙවියන්ට පහනක් එහෙම තියලා ලැහැස්ති කරගෙන හිටියා.

අපි මේ අයට කිරි ගවයා පරිත්යාග කරලා එය ගිවිසුමක් ඔස්සේ ජීවිතාන්තය දක්වා මලීව ආදරෙන් බලාගන්න පොරොන්දුව පිට තමයි භාරදුන්නේ. දුවනම් ගොඩක් සතුටෙන් ඉන්නේ… දුව ස්තූති කරලා අපිට කාඩ් එකකුත් දුන්නා…

ඉතිං අපිට මේ සඳහා උදව් කලේ ගයාෂි (Kumosha Abeyweera) මිතුරිය. විශේෂ හේතුවකටනම් නෙමේ. එයාගේ එකම ආසාව වුණේ අසරණ සතෙක්ට ජීවිත දානය දෙන එක. ඔබට ගොඩක් පිං සොහොයුරිය.

ඒ වගේම අපිට පහත ලින්ක් එකේ ඉන්න මිතුරු මිතුරියෝ හැමෝම උදව් කලා මේ කිරි ගවයා අපිට සොයාගන්න යන්න, භාර දෙන්න පවුලක් සොයන්න යන්න, අනෙකුත් රාජකාරී කටයුතු සිදුකරගන්න සහ අපි මිළදී ගත්ත තැන ඉඳන් මේ ගෙදරට අරන් එන්න යන වියදම් සහ අනෙකුත් වියදම් සඳහා. ඔබ සියළුම දෙනාටද බොහොමත්ම පිං… මේ අහිංසකයින් හෙලන සුසුමක් පාසාම ඔවුන්ගේ ජීවිත රැක දුන් ඔබට අප්රමාණ පින් රැස් වේවා…. මේ කුසලයේ ආනිසංස ඔබටත් ඔබේ පවුලේ සෑම දෙනාටමත් ආශිර්වාදයක්ම වේවා…

https://www.facebook.com/photo.php?fbid=1208715715832436&set=a.209961979041153.47065.100000820578834&type=3

රැස්කලා වූ සියළු පිං සුපින්වත් ඔබ සැමට ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. දැකබලා සතුටු වූ ඔබ සියළු දෙනාටද මේ පිං එක සේ අනුමෝදන් වෙත්වා.

Family Details :
Mother’s Name : H.N.D. Renuka Malkanthi
Address : No 03, Tawana, Glanore Watta, Haputale
Daughter’s Name : Sandali Wathsala (Grade 5)
Contact No : 0786102380

ෆේස්බුක් මිතුරෙක් නිසා ජීවිතදානය ලද රත්තී | Project 02 (Haputale)

ෆේස්බුක් මිතුරෙක් නිසා ජීවිතදානය ලද රත්තී | Project 02 (Haputale)

මගේ ෆේස්බුක් මිතුරෙක් වන කසුන් (Kasun Wickramanayake) අයියට අවශ්ය කලා ගවයෙක් නිදහස් කරලා අසරණ පවුලකට ලබාදෙන්න. ඉතිං අපි කසුන් අයියා වෙනුවෙන් නිදහස් කලේ මේ රත්තිව. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත් කිරිගවයෙක් ලබාදුන්නා. අපි මේ රත්තීට අමතරව තව මලී කියලා කිරි ගවයෙකුත් මේ අයට වෙනත් මිතුරිකගේ උදව්වෙන් පරිත්යාග කලා.

අපි මේ අයට කිරි ගවයෙක් දෙනවා කියලා කීවට පස්සේ ගොඩක් සතුටු වුණා. දුව තමයි වැඩියෙන් සතුටු වුණේ. මේ අයට ඉන්න හරිහමන් ගෙදරක් නැති වුණාට රත්ති සහ මලී වෙනුවෙන් මේ අය දවස් 2ක් ඇතුළත ගවගාලක් හැදුවා. අපි එනකොට බැලුම් බෝල එහෙම සවි කරලා, ගණ දෙවියන්ට පහනක් එහෙම තියලා ලැහැස්ති කරගෙන හිටියා.

අපි මේ අයට කිරි ගවයා පරිත්යාග කරලා එය ගිවිසුමක් ඔස්සේ ජීවිතාන්තය දක්වා රත්තීව ආදරෙන් බලාගන්න පොරොන්දුව පිට තමයි භාරදුන්නේ. දුවනම් ගොඩක් සතුටෙන් ඉන්නේ… දුව ස්තූති කරලා අපිට කාඩ් එකකුත් දුන්නා…

අයියේ, ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ මෙන්ම ඔබගේ පවුලේ සියලු දෙනාගේ අනාගතය සාර්ථක වේවා. ඔබ පවුල් ජීවිතය සාර්ථක වේවා. අපල උපද්රව දුරු වේවා. සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා.

ඒ වගේම අපිට පහත ලින්ක් එකේ ඉන්න මිතුරු මිතුරියෝ හැමෝම උදව් කලා මේ කිරි ගවයා අපිට සොයාගන්න යන්න, භාර දෙන්න පවුලක් සොයන්න යන්න, අනෙකුත් රාජකාරී කටයුතු සිදුකරගන්න සහ අපි මිළදී ගත්ත තැන ඉඳන් මේ ගෙදරට අරන් එන්න යන වියදම් සහ අනෙකුත් වියදම් සඳහා. ඔබ සියළුම දෙනාටද බොහොමත්ම පිං… මේ අහිංසකයින් හෙලන සුසුමක් පාසාම ඔවුන්ගේ ජීවිත රැක දුන් ඔබට අප්රමාණ පින් රැස් වේවා…. මේ කුසලයේ ආනිසංස ඔබටත් ඔබේ පවුලේ සෑම දෙනාටමත් ආශිර්වාදයක්ම වේවා…

https://www.facebook.com/photo.php?fbid=1208715715832436&set=a.209961979041153.47065.100000820578834&type=3

රැස්කලා වූ සියළු පිං සුපින්වත් ඔබ සැමට ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. දැකබලා සතුටු වූ ඔබ සියළු දෙනාටද මේ පිං එක සේ අනුමෝදන් වෙත්වා.

Family Details :
Mother’s Name : H.N.D. Renuka Malkanthi
Address : No 03, Tawana, Glanore Watta, Haputale
Daughter’s Name : Sandali Wathsala (Grade 5)
Contact No : 0786102380

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද බට්ටී | Project 04 (Badulla)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද බට්ටී | Project 04 (Badulla)

මේ ඉන්නේ බට්ටී. අපි නිදහස් කරගත්ත හුරතල්ම කිරි එළදෙන. මේ කිරි එළදෙන නිදහස් කරගන්න උදව් කලේ හරි සිරියාවන්ත නංගි කෙනෙක්. ඒ තමයි උදාරි නංගි. ඇත්තෙන්ම මේ වැස්සි හරි හුරතල්, ආදරණීයයි. ඒ වගේම හීලෑයි…

අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන බදුල්ල, වීරියපුර අසරණ පවුලකට පරිත්යාග කලා. ඒ ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පුංචි තනි කාමරයක ජීවත් වෙන්නේ. ඒ දරුවෝ හැමෝම ගොඩාක් සතුටු වුණා.

මගේ ෆේස්බුක් මිතුරියක් වන උදාරි නංගී ( Udhari Jayamanna) තමයි මේ කිරි එළදෙන බේරගන්න මූලික දායකත්වය දැක්වූයේ. පවුලේ සියළුම දෙනා නිදුක් නීරෝගී වෙලා සියළුම දුක් කරදර නැතිවෙන්න කියලා පරාර්ථනා කරලා තමයි නංගි මේ පිංකම කරේ.

අපි මේ අයට කිරි ගවයා පරිත්යාග කරලා එය ගිවිසුමක් ඔස්සේ ජීවිතාන්තය දක්වා බට්ටිව ආදරෙන් බලාගන්න පොරොන්දුව පිට තමයි භාරදුන්නේ. පුතාලා තුනදෙනාගේ සතුටනම් කියලා නිම කරන්න බෑ… අපි මේ බට්ටි එක්ක තව සඳා කියලා වැස්සියෙකුත් ෆේස්බුක් මිතුරියකගේ උදව්වෙන් මේ පවුලට පරිත්යාග කලා.

නංගී, ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ පවුලේ සියලු දෙනා නිදුක් නීරෝගී වේවා. දීර්ඝායුෂ සම්පත් හිමිවේවා. ඔබගේ අනාගතය සාර්ථක වේවා. ඔබ පවුල් ජීවිතය සාර්ථක වේවා. අපල උපද්රව දුරු වේවා. සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා. කල්යාණ මිතර සම්පත්තියටද මේ පින හේතු වාසනා වේවා.

අපිට පහත ලින්ක් එකේ ඉන්න මිතුරු මිතුරියෝ හැමෝම උදව් කලා මේ කිරි ගවයා අපිට සොයාගන්න යන්න, භාර දෙන්න පවුලක් සොයන්න යන්න, අනෙකුත් රාජකාරී කටයුතු සිදුකරගන්න සහ අපි මිළදී ගත්ත තැන ඉඳන් මේ ගෙදරට අරන් එන්න යන වියදම් සහ අනෙකුත් වියදම් සඳහා. ඔබ සියළුම දෙනාටද බොහොමත්ම පිං… මේ අහිංසකයින් හෙලන සුසුමක් පාසාම ඔවුන්ගේ ජීවිත රැක දුන් ඔබට අප්රමාණ පින් රැස් වේවා…. මේ කුසලයේ ආනිසංස ඔබටත් ඔබේ පවුලේ සෑම දෙනාටමත් ආශිර්වාදයක්ම වේවා…

https://www.facebook.com/photo.php?fbid=1208715715832436&set=a.209961979041153.47065.100000820578834&type=3

රැස්කලා වූ සියළු පිං සුපින්වත් ඔබ සැමට ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. දැකබලා සතුටු වූ ඔබ සියළු දෙනාටද මේ පිං එක සේ අනුමෝදන් වෙත්වා.

Family Details :
Mother’s Name : T.H.M. Rangani Lasanthika
Father’s Name : D.M. Thilak Randeniya
Address : No 43, Weeriyapura, Badulla
Contact No : 0726115715