loader image
Select Page
පවුලේ සැමට සෙත් පතා වියපත් මවකට උපැස් යුවළක් පරිත්‍යාග කිරීම

පවුලේ සැමට සෙත් පතා වියපත් මවකට උපැස් යුවළක් පරිත්‍යාග කිරීම

Dushani Samaraweera මිතුරිය විසින් ඇගේ දෙමාපියන්ටත් වැඩිමල් සොයුරියටත් සෙත් පතා කුරුඳුගොල්ල බණ්ඩාරවෙල පදිංචි හැට හය වියැති ආර්.එම්. ආරියවතී මවට උපැස් යුවලක් පරිත්‍යාග කරා. මේ මව කලක පටන් දෑස් වල ඇති ආබාධ තත්වයෙන් පෙළුණ කෙනෙක්. ඇස් පරික්ෂා කරත් වියදම් කරලා ඉතිරි වැඩ කටයුතු කරගන්න හැකියාවක් නැති නිසා කණ්ණාඩි නොගෙන ඉන්න තීරණය කරලා. වයසත් එක්ක තව තවත් දුර්වල වෙද්දි තව කාලයක් යද්දි හරිහැටි වැඩක් කරගන්නත් බැරි වෙනවා. පොතක් බලන්න එහෙමත් දැනටත් බැහැ. ඉතින් මේ විදිහට අලුත් කණ්නාඩි දෙකක් පරිත්‍යාග කරාම ඒකෙන් ඇය ලබන ප්‍රයෝජනය අපමණයි. ඒ නිසයි මෙවන් පරිත්‍යාගයක් ඇය වෙනුවෙන් අපි සිදු කළේ. මේ පරිත්‍යාගය වෙනුවෙන් Dushani samaraweera මිතුරිය ඇගේ පූර්ණ සහයෝගය දැක්වුවා. ඇගේ බලාපොරොත්තුව උනේ මේ තුළින් පවුලේ හැම කෙනෙකුටම ආශිර්වාද කිරීම.

උපැස් යුවළ ලැබූ මේ මවට අපි ඔබ ගැන පවසා ඡායාරූප පෙන්වූ විට ඇය බොහෝ සේ පිං දුන්නා. ඒ සියළු පිං ඔබටත් ඔබේ පවුලේ සියළු දෙනා හටත් හිමි වනවා…. දැසට පෙනීම ලබා දුන් පිනෙන් සසර පුරාවට නිවැරදි මඟම යන්නට අවැසි ආශිර්වාදය නිරතුරුවම හිමි වේවා…. උතුම් ධර්මාවබෝධය ලැබීමටද මෙම පින මහෝපකාරී වේවා…. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා….. කරන කියන යම් කටයුත්තක් වේ නම් සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම ඔබේ ජීවිතයට උදා වේවා…. අවසානයේ මේ රැස් කරගත්තාවූ කුසලය සියළුම දෙවියන්ටද අනුමෝදන් වේවා…. මේ පින් අනුමෝදන් වීමෙන් පවුලේ සෑම සියළු දෙනා හටම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා…

අසරණ දරුවකුගේ අපැහැදිළි දෙනෙත් පැහැදිළි කළ මහත්මා ගුණය

අසරණ දරුවකුගේ අපැහැදිළි දෙනෙත් පැහැදිළි කළ මහත්මා ගුණය

දරුවෙක්ගෙ අනාගතය ලස්සන වෙන්න නම් ඔහු යන මඟ නිවැරදි වෙන්න ඕන. ඒ වෙනුවෙන් දරුවෙක් තුළ යහපත් දැක්මක් තියෙන්න ඕන වගේ තමයි හොඳ අධ්‍යාපනයක් ලබන්න නම් සියල්ල පැහැදිළිව දැකීමේ හැකියාව දරුවෙක්ට තියෙන්න ඕනමයි. නමුත් අවාසනාවකට අපේ රටේ දරුවෝ ගොඩක් මේ වෙද්දි පන්තියේ පාඩම් කියවන්නෙ බලන්නෙ ඇස් පුංචි කර කර. ඒ ඔවුන්ට පංතියේ කළු ලෑල්ලෙ ලියන අකුරු හරිහැටි පේන්නෙ නැති නිසා. එක එක දරුවන්ගෙ ඇස් වල විවිධාකාර ආබාධ. සල්ලි තියෙන දෙමාපියන්ගෙ දරුවෙක් නම් ඇස් රිදෙනවා කියපු පමාවට දොස්තර කෙනෙක් ළඟට ගිහින් පෙන්නලා ඉස්තරම්ම මිළ අධිකම හොඳම විලාසිතාවෙ කණ්නාඩි කුට්ටමක් අරන් දෙනවා. ඒත් ගමේ ඉන්න එදා වේල අමාරුවෙන් හොයාගන්න පවුල් වල දෙමාපියන්ට නම් ඇස් රිදෙනවා කිව්වට ඒකට කරන්න දෙයක් නෑ. මොකද දොස්තර කෙනෙක්ට පෙන්නන්න පුළුවන් උනත් ඊළඟට කණ්නාඩි දෙක හදාගන්න ඕන සල්ලි හොයන්න අවුරුද්දකුත් මඳි වෙනවා. මොකද ඒ පවුල් වල එද දවසේ කෑම ටිකක් කාලා බඩ පුරෝගන්නෙ උදේ ඉඳන් හම්බකරන සල්ලි වලින්. ඒත් මේ දරුවොත් අපේම දරුවෝ වගේ ඇස් වල අමාරුවෙන් අපහසුවෙන් උනත් ඉගෙන ගන්න උනන්දු දරුවො. ඒ අයට තියෙන එකම අඩුව මුදල් නැතිකමයි. ඒත් ඒ දරුවෝ නෝක්කඩු කියන්නෙ නෑ. අමාරුවෙන් උනත් ඉගෙන ගන්නවා.

ඉතින් මේ වගේ දරුවන්ට පුළුවන් විදිහට උදව් කරොත් ඒ අයටත් අපහසුවකින් තොරව පාඩම් වැඩකටයුතු කරගන්න පුළුවන් වේවි. මේ පුතත් ඒ වගේ ඇස් වල රෝගාබාධයක් තියෙන දරුවෙක්. මේ වගේ දරුවන්ගේ අවශ්‍යතාව හොඳින්ම හඳුනගත්ත Achala Meegama මිතුරා බොහෝම කැමති උනා ඒ වගේ දරුවෙක්ට පිහිට වෙන්න. අන් කිසිදු ප්‍රාර්ථනාවක් නිසා නෙමෙයි හුදෙක්ම මේ දරුවට පිහිට වෙන පිනෙන් නිවනට මඟ එළි වේවා කියන පැතුම පමණයි ඔහුට මේ කෙරෙහි තිබුණේ. ඉතින් මේ දරුවට අළුත් කණ්නාඩි කුට්ටමක් ලබා දෙන්න Achala මිතුරා ඔහුගේ පූර්ණ දායකත්වය ලබලා දුන්නා. මෙ දරුවා දමිළ පවුලක දරුවෙක්. නමුත් ජාති භේද සලකන්න කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ. ඉතින් මොන ආගමක ජාතියක උනත් මේ දරුවා ඉන්නෙ අපහසුවෙන් නිසා ඔහුට පහසුවෙන් පොත පත පාඩම් කරන්න ලෝකය දකින්න ඕන නිසා ඔහුටම ගැලපෙන කණ්නාඩි කුට්ටමක් අපි සකස් කරන්න භාර දුන්නා. පූර්ණ අක්ෂි පරික්ෂාවකින් අනතුරුව ඔහුට සුදුසු කාච තීරණය කර කැමති ඕනෑම රාමුවක් තෝරගන්න අපි ඒ පුතාටම අවස්ථාව දුන්නා. ඉතින් ඒ පුතා තෝරගත්ත රාමුවට කාච සවි කොට සතියකින් වැඩ කටයුතු සම්පූර්ණ කරලා කණ්ණාඩි යුගල මේ පුතුට ලැබෙනවා.

මේ උපකාරයෙන් මෙ පුතා ඉතාමත් හොඳින් ඔහුගේ අධ්‍යාපන කටයුතු සිදු කරාවි. ඒ වගේම දිනෙක් ලෝකය දිනාවි. ජීවිතය ජය ගනීවි. ඒ හැම දේකම පින අයිති ඔබටයි මිතුර. මේ දරුවගේ දෑස් පාදපු පින ඔබේ අරමුණ වූ පරිදිම ඔබටත් ඔබේ පවුලේ හැම කෙනෙකුටමත් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස එයට මඟ හෙළි කරනා ආශිර්වාදයක්ම වේවා…. අන් කිසිවක් නොව ඔබ පැතුවේ එයයි. නමුත් මේ සිදුකළ කුසලයේ ආනුභාවයෙන් ඔබේත් ඔබේ පවුලේත් සෑම සියළු දෙනාගේම ජීවිත වලට නිදුක් නීරොගී සුවය උදා වේවා… මොනයම් හෝ රෝගාබාධ දුක් පීඩා සිත් තැවුල් ඇත්නම් ඒ සියල්ල වහා පහව යේවා…. කරන කියන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව තවත් පින් දහම් සිදු කරමින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය කරා යන ගමන තව තවත් එළි පෙහෙළි කරගැනීමට නිරතුරුවම හැකි වේවා….

දරුවෙකුගේ දෙනෙත් පාදා ජීවිතය ආලෝකමත් කෙරූ පිනෙන් ඔබේ ජීවිතයද සදා ආලෝකමත් වේවා….

පැහැසරාට නැවත ජීවිතය දුන් සැබෑ මිනිසත්කම | Project ජීවදාන

පැහැසරාට නැවත ජීවිතය දුන් සැබෑ මිනිසත්කම | Project ජීවදාන

ඇටම්පිටියෙ බොහෝම දුෂ්කර ප්රදේශයක මසට විකුණන්න නියම වෙලා තිබුණ කිරි ගවයින් බේරා ගැනීමට ගිය ගමනේදී අප විසින් බේරා ගත් සුරතලියයි මේ. මේ තමයි පැහැසරා, අපි බේරාගත් වැස්සියන්ගෙන් හුරතල්ම කෙනා තමයි මෙයා. බලන්න මෙයාගේ ලස්සන. මේ හුරතලියගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ විදිහට බේරාගෙන නැවත ජීවිතය ලබා දෙන්න හැකි උනේ Devaka Fernando මිතුරා නිසයි. ඔහුගේ දායකත්වය තුළින් නැවතත් ජීවය ලැබූ පැහැසරා වචනින් ඔබට තුති පුදන්නට නොහැකි වූවත් හදවතින් බොහෝ පිං දෙනවා ඇති.

මරණය අභියස බිය නොවන මිනිසුන්ද නැතිකොට තිරිසන් මිනිසුන්ගේ උපායන් හමුවේ අසරණ සතුන්ගේ මරණ බිය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. බේරෙන්නටවත් කිසිදු අවස්ථාවක් නොලබන මේ අසරණ සතුන් හට කිසිදු බලාපොරොත්තුවක් ඔවුන්ගේ ජීවිතය ගැන තබන්නට බැහැ. ඕනෑම මොහොතක මසට බිලි වීමට මෙන් මෙම ජීවිත තිබෙන්නේ ඉතාමත් අවිනිශ්චිත තත්වයක. එවන් ජීවිතයකට තමයි මෙසේ බේරාගැනීමෙන් නැවත සතුට උදා කරදුන්නේ. මේ පින ඔබට උපනුපන් ජාති දක්වාම සෙවනැල්ලක් සේ ඔබ පසුපස එන්නාවූ උතුම් පුන්යකර්මයක් වේවි….

අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන උණපාණ, ලූණු වත්ත, වැලිමඩ ඉන්න කුලී වැඩ කරලා ජීවත් වෙන අසරණ පවුලකට තමයි පරිත්යාග කලේ. ඒ ගෙදර දරුවෝ 2 (පරභාත් – 13 වසර, දිනේෂ් 3 වසර) ඉන්නවා. ගොඩක් අසරණ පවුලක්. ඒ දරුවෝ හැමෝම ගොඩාක් සතුටු වුණා. චූටි පුතානම් පුදුම ආදරයක් තියෙන්නේ පැහැසරාට. බලන්නකෝ ෆොටෝ ටික. අපි මේ අයට පැහැසරාව ගිවිසුමක් ඔස්සේ ජීවිතාන්තය දක්වා ආදරෙන් බලාගන්න පොරොන්දුව පිට තමයි භාරදුන්නේ.

පැහැසරා අහිංසකාවියට ජීවිත දානය ලබා දී මේ රැස් කරගත්තාවූ උතුම් කුසලානිසංසයන්ගේ බලයෙන් Devaka Fernando මිතුරාටත් පවුලේ සෑම සියළු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා…. මෙය සිදු කීරීමේ මූලිකම අරමුණ වූ පරිද්දෙන්ම ඔබේ ඉගෙනීම් කටයුතු සාර්ථක වීමට මුහුණ දීමට තිබෙන්නාවූ සියළුම විභාග කටයුතු ආදියෙනුත් ජයග්රහණය කිරීමට මෙය ආශිර්වාදයක්ම වේවා…. නිදුක් නීරෝගී සුවය උදා වේවා…. යම් කාය චිත්ත පීඩාවන් වේ නම් ඒ සියල්ල දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා…. සතුට සැනසුම සෞභාග්යය නිරතුරුවම උදා වේවා…. කරන කියන කටයුතු සියල්ලක්ම සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා…. පතන යම් පැතුමක් වේ නම් යම් අරමුණක් වේ නම් ඒ සියල්ල පතන අයුරින්ම ඉෂ්ඨ වේවා…. තව බොහෝ පින්දහම් කිරීමට අවැසි ශක්තිය ධෛර්යය නිබඳව ලැබේවා….

දඟකාර නිම්සරාගේ ජීවිතය රැකදුන් සෙනෙහෙබර යුවතිය | Project ජීවදාන

දඟකාර නිම්සරාගේ ජීවිතය රැකදුන් සෙනෙහෙබර යුවතිය | Project ජීවදාන

මේ දඟමල්ලගේ පණ නසා මසට විකුණන්න හිටපු අයගෙන් මේ විදිහට බේරාගෙන නැවත ජීවිතය ලබා දෙන්න හැකි උනේ Nilu Thennakoon සොයුරිය නිසයි. ඇයගේ දායකත්වය තුළින් නැවතත් ජීවය ලැබූ නිම්සරා වචනින් ඔබට තුති පුදන්නට නොහැකි වූවත් හදවතින් බොහෝ පිං දෙනවා ඇති. මෙම උතුම් කුසලය ඈ විසින් සිදු කළේ ජූනි 19 වන දිනට යෙදී තිබූ ඇගේ උපන්දිනය වෙනුවෙනුයි. සමාජසත්කාර හා එක්ව බොහෝ දුර ගමනක් ආ ඇය අප හා එක්වූ දා පටන්ම සිත් හි දරා සිටි උතුම් ප්රාර්ථනාවක් වූයේ කෙදිනක හෝ ඇගේ පූර්ණ දායකත්වයෙන් මසට කැප වූ සතෙකු බේරා ගෙන් ජීවිත දානය ලබා දීමයි. මෙම උතුම් කටයුත්ත නිම කිරීමෙන් අනතුරුව ඇගේ සිතේ සතුට ඈ පිට කළේ සැමට පින් දෙමින්. මිල මුදල් යාන වාහන කෙරෙහි බලාපොරොත්තු සහගතව කටයුතු කරන ලෝකයක අසරණ සතෙකුගේ ජීවිතය බේරා ගැනීමට බලාපොරොත්තු සහගතව කටයුතු කිරීම සැබැවින්ම අගය කළ යුතුයි. ඔබේ එම උතුම් ප්රාර්ථනාව මල් ඵල ගන්වමින් අද දවසේ නිම්සරා ඇගේ ජීවිතය සතුටින් ගෙවනවා.

ඇටම්පිටියෙ බොහෝම දුෂ්කර ප්රදේශයක මසට විකුණන්න නියම වෙලා තිබුණ කිරි ගවයින් බේරා ගැනීමට ගිය ගමනේදී අප විසින් බේරා ගත් දඟමල්ලයි මේ. මේ තමයි නිම්සරා, අපි බේරාගත් වැස්සියන්ගෙන් හිතුවක්කාර දඟමල්ල තමයි මෙයා. මෙයා හරිම දඟකාරයි. නමුත් ඒ දඟකාරකම් ජීවිතය ලැබූ සතුටට ඇති වූවක් වෙන්නත් පුළුවන්. මරණ බිය සිතින් පහව ගොස් නැවත ජීවත් වීමේ බලාපොරොත්තු ලද ඕනෑම කෙනෙක්ගේ සිත සැහැල්ලු වනවා සේම මේ සතුන්ගේත් මනස සතුටින් පිරෙනවා ඇති මර උගුලෙන් බේරාගත් පසුව.

අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන උණපාණ, ලූණු වත්ත, වැලිමඩ ඉන්න කුලී වැඩ කරලා ජීවත් වෙන අසරණ පවුලකට තමයි පරිත්යාග කලේ. ඒ ගෙදර දරුවෝ 3 දෙනෙක් (දිල්හානි – 13 වසර, සුබෝධි 9 වසර, රුවන්තිකා – 7 වසර ) ඉන්නවා. ගොඩක් අසරණ පවුලක්. ඒ දරුවෝ හැමෝම ගොඩාක් සතුටු වුණා.
අපි මේ අයට නිමසරාව ගිවිසුමක් ඔස්සේ ජීවිතාන්තය දක්වා ආදරෙන් බලාගන්න පොරොන්දුව පිට තමයි භාරදුන්නේ.

මරණය අභියස බිය නොවන මිනිසුන්ද නැතිකොට තිරිසන් මිනිසුන්ගේ උපායන් හමුවේ අසරණ සතුන්ගේ මරණ බිය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. බේරෙන්නටවත් කිසිදු අවස්ථාවක් නොලබන මේ අසරණ සතුන් හට කිසිදු බලාපොරොත්තුවක් ඔවුන්ගේ ජීවිතය ගැන තබන්නට බැහැ. ඕනෑම මොහොතක මසට බිලි වීමට මෙන් මෙම ජීවිත තිබෙන්නේ ඉතාමත් අවිනිශ්චිත තත්වයක. එවන් ජීවිතයකට තමයි මෙසේ බේරාගැනීමෙන් නැවත සතුට උදා කරදුන්නේ. මේ පින ඔබට උපනුපන් ජාති දක්වාම සෙවනැල්ලක් සේ ඔබ පසුපස එන්නාවූ උතුම් පුන්යකර්මයක් වේවි….

නිම්සරා දඟකාරියට ජීවිත දානය ලබා දී මේ රැස් කරගත්තාවූ උතුම් කුසලානිසංසයන්ගේ බලයෙන් Nilu Thennakoon සොයුරියටත් ඇගේ පවුලේ සෑම සියළු දෙනාටත් දීර්ඝායුෂ ලැබේවා…. නිදුක් නීරෝගී සුවය උදා වේවා…. යම් කාය චිත්ත පීඩාවන් වේ නම් ඒ සියල්ල දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා…. සතුට සැනසුම සෞභාග්යය නිරතුරුවම උදා වේවා…. කරන කියන කටයුතු සියල්ලක්ම සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා…. පතන යම් පැතුමක් වේ නම් යම් අරමුණක් වේ නම් ඒ සියල්ල පතන අයුරින්ම ඉෂ්ඨ වේවා…. තව බොහෝ පින්දහම් කිරීමට අවැසි ශක්තිය ධෛර්යය නිබඳව ලැබේවා….