loader image
Select Page
පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

පවුලේ සැමට ආශිර්වාද පතා අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය – Yasintha Samanmali

මීට ටික කලකට ඉහතදී සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ අපේ සම්බන්ධීකාරක සිසිර අයියාගෙන් රෝදපුටුවක් අවශ්‍ය තාත්තා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා.

යූ. ඥානසේන තාත්තගේ වයස අවුරුදු 63යි. ගොවිතැන් කරලා ජීවත් වුනේ. ඒත් අංශභාගය නිසා මේ තාත්තා එක්තැන් වෙලා ඉන්නේ. අපි මේ තාත්තට රෝදපුටුවක් පරිත්‍යාග කලා. දරුවොත් විවාහ වෙලා වෙන්වෙලා ගිහින්. දැන් බොහොම අමාරුවෙන් තමා මේ තාත්තාව බලාගෙන ඒ අම්මා ජීවිතේ ගැටගහගන්නේ.

ඔහුගේ පවුලේ අය සහ ඔහු නොසෑහෙන්න පිං දුන්නා. නොසෑහෙන්න ආශිර්වාද කලා. ඒ හැම ආශිර්වාදයකම සැබෑ හිමිකාරිය මේ රෝද පුටුව පරිත්‍යාග කල Yasintha අක්කයි.

ඔබ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබේ අනාගතය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා. රැකියාව, විවාහ ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමිවේවා.

මේ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

මේ පිළිබඳව විස්තර ලබාදුන් හිරල්ලුගම ගමේ සිසිර අයියාටත්, ව්‍යාපෘතියට ශ්‍රම දායකත්වය දැක්වූ Chathura මල්ලීටත්, කංචන අයියාටත් බොහොම පිං.

Location : හිරල්ලුගම, මැදවච්චිය

ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

ආදරණීය දෙමව්පියන්ගේ උපන්දිනය වෙනුවෙන් අසරණ මවකට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා සහ මිතුරිය

මේ ඉන්නේ කේ. රන්හාමි අම්මා. වයස අවුරුදු 100යි. ඉන්නේ මැදවච්චිය කිරිගල්ලෑව, ගල්ලෑලිගම ගමේ. ගොවිතැන් කරලා ජීවත්වුනේ. ඒ අම්මගේ දුවත් එක්ක දැනට ඉන්නේ. හරි හමන් ආදායම් මාර්ගයක් නැහැ. අම්මගේ ඇස් පේන්නේ නැහැ. අංශභාගේ හැදිලා ඉන්නේ. අඩු තරමේ සමෘද්ධියවත් ලැබෙන්නේ නැහැ.

අපි මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා. අම්මා සහ එයාගේ දුව නොසෑහෙන්න පිං දුන්නා. නොසෑහෙන්න ආශිර්වාද කලා. ඒ හැම ආශිර්වාදයකම සැබෑ හිමිකරුවන් වන්නේ මේ රෝද පුටුව පරිත්‍යාග කල Sameera Ruwanwali අක්කා සහ අයියාටත් පසුගිය දිනක උපන්දිනය සැමරූ ඔවුන්ගේ මව සහ පියාටත්ය. (Sunanda Gunarathna සහ Gunarathna Bandara) සැප්තැම්බර් 26 සහ ඔක්තෝම්බර් 9 වෙනි දින තමයි ඔවුන්ගේ උපන්දින යෙදිලා තිබුණේ.

අක්කේ/අයියේ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබේ ආදරණීය මව සහ පියා නිදුක් නීරෝගීව බොහෝ කාලයක් ජීවත් වේවා. එමෙන්ම ඔබ දෙපළගේ අනාගතය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා. රැකියාව, විවාහ ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමිවේවා.

මේ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

මේ පිළිබඳව විස්තර ලබාදුන් හිරල්ලුගම ගමේ සිසිර අයියාටත්, ව්‍යාපෘතියට ශ්‍රම දායකත්වය දැක්වූ Chathura මල්ලීටත්, කංචන අයියාටත් බොහොම පිං.

අම්මේ, තාත්තේ ඔබ දෙපළට සුභම සුභ උපන්දිනයක්…

ව්‍යාපෘතිය ප්‍රමාදවීම පිලිබඳව සමාව අයදිනවා. මාගේ අසනීප තත්වය නිසා ව්‍යාපෘතිය සිදුකිරීමට තරමක් ප්‍රමාද වුණා.

Location : ගල්ලෑලිගම, මැදවච්චිය