loader image
Select Page
7 දෙනෙකුගෙන් යුත් අසරණ පවුලකට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සවියක් වූ ෆේස්බුක් මිතුරා – Birthday Project 35

7 දෙනෙකුගෙන් යුත් අසරණ පවුලකට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සවියක් වූ ෆේස්බුක් මිතුරා – Birthday Project 35

පාවහන් නිපැයුම් වැඩපල පිළිබඳව වැඩිදුරටත්….

මේ පවුල් 9 සිටින්නේ මැදවච්චිය පාඩිග්ගම සහ ඇටවීරගොල්ලෑව කියන ගම් වල. ගොඩක් අසරණ පවුල්. බොහොමයක් පවුල් වල දරුවන් 3 දෙනෙක් පමණ සිටිනවා. කාත් කවුරුවත් නැති අසරණ අයත් සිටිනවා. ඔවුන් එදාවේල සොයාගන්නේ බොහොමත්ම අමාරුවෙන්.

ඉතිං අපි වෙනදා මෙන් ඔවුන්ට සති කිහිපයකට වියළි ආහාර නොදී අපි කල්පනා කලා ඔවුන්ට දිරියෙන් නැගී සිටින්නට සහයක් වෙන්නේ කොහොමද කියලා. එක් එක් අයට වෙන වෙනම ස්වයංරැකියාවන් ලබාදෙන්න ගියොත් යන පිරිවැය වැඩියි. ඒ නිසා සමාජසත්කාර.lk මඟින් 2019 වර්ෂයේ ආරම්භ කල ස්වයංරැකියා.lk ව්‍යාපෘතිය හරහා අපි තීරණය කලා ඔවුන්ට ස්වයංරැකියාවක් සිදුකිරීමට ස්වයංරැකියා කේන්ද්‍රයක් ආරම්භ කිරීමට. ඒ සඳහා අපට සමාජසත්කාර කණ්ඩායමේ මැදවච්චිය සම්බන්ධීකරණ කටයුතු වලට සහය වෙන සිසිර මහතා ඔහුගේ නිවසේ වෙනම කොටසක් අපට ලබාදෙන්න කැමැත්ත ප්‍රකාශ කලා. මන්ද අපිට මේ ස්වයංරැකියා සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ අපගේ අධීක්ෂණයකින් තොරව වෙනත් තැනක තැබීමට අපහසු නිසා. අපිට සති 6ක පමණ කාලයක් ගියා අවශ්‍ය යන්ත්‍ර නිර්මාණය කරගැනීමට සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සූදානම් කරගැනීමට.

ප්‍රථමයෙන් අපි ජනවාරි මාසයේ රබර් සෙරෙප්පු නිෂ්පාදනය කලහැකි මැෂිමක් නිර්මාණය කරන තැනක් හරහා මැෂිමක් නිර්මාණය කරගත්තා. සාමාන්‍යයෙන් වෙළඳපොල තිබෙන හයිඩ්‍රොලික් රබර් සෙරෙප්පු මැෂිමක් රු.300,000 – 600,000 අතර ප්‍රමාණයක් වෙනවා. එහිදී රබර් සෙරෙප්පු කැපීමට එක් මැෂිමකුත්, හිල් විදීමට (රවුටර් කිරීමට) තව මැෂිමකුත් පටි දැමීමට තවත් යන්ත්‍රයකුත් අවශ්‍ය වෙනවා. නමුත් මේ මැෂිම ඒ සියල්ල එකතුව නිර්මාණය කල එකක්. අපට මේ සඳහා වියදම් වුනේ රු.98,000ක මුදලක්.

රබර් සෙරෙප්පු නිර්මාණය පිළිබඳව මා ඉගෙන ගත්තේ යූටියුබ් හරහා. ඉන්පසු මේ මැෂින් එක සහ සෙරෙප්පු සඳහා අවශ්‍ය රබර් ෂීට් කොළඹ සිට සමාජසත්කාර තුල්හිරිය කාර්යාලයට ගෙනවිත් සති 3ක කාලයක් රබර් සෙරෙප්පු නිෂ්පාදනය පිළිබඳව මාත් චතුර මල්ලිත් පුහුණු වුණා. ෆේස්බුක් මිතුරන් කිහිප දෙනෙක්ද පැමිණ අපට සහය දැක්වූවා. සාමාන්‍යයෙන් දිනකට රබර් සෙරෙප්පු 400ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් අප දෙදෙනාගේ දෙනික නිෂ්පාදනය වූයේ සෙරෙප්පු කුට්ටම් 300ක් පමණයි. මන්ද අප ඒ කටයුතු සිදුකලේ අනෙකුත් කටයුතු වලද නිරත වෙන ගමන්.

අපගේ පුහුණුවෙන් පසු අප අවශ්‍ය තරම් දැනුම ලබාගත්තා තවත් කෙනෙක් පුහුණු කිරීමට තරම්. ඉන්පසු අපි මැෂින් එක, ඒ සඳහා නිර්මාණය කල මේසය සහ සීට්, පටි,කටර් ඇතුළු අනෙකුත් දේවල්ද මැදවච්චියට රැගෙන ගියා. සතියක කාලයක් ගියා ස්වයංරැකියාව කේන්ද්‍රය තුළ මැෂින් සවිකර වැඩකටයුතු ආරම්භ කිරීමට. ඉන්පසු මමත්, සමාජසත්කාර කණ්ඩායමේ දෙව්ශා මිතුරිය සහ ලහිරු මල්ලිත් පවුල් 9ම කැඳවා ඔවුන්ට තනි තනිව සෙරෙප්පු නිෂ්පාදනය කිරීමට පුහුණු කලා. සම්පූර්ණ දිනක්ම ගතවුණා පුහුණුව සඳහා.

පුහුණුවෙන් පසු සෑම පවුලකටම සෙරෙප්පු 150- 200ක් (ඔවුන් භාවිතා කරන කටර් එකෙහි ප්‍රමාණය අනුව) නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පරිත්‍යාග කලා. ඔවුන්ට එමගින් ලැබෙන ශුද්ධ ආදායම/ලාභය රු.20,000-26,000ක් වනවා. අපගේ අරමුණ වූයේ ඔවුන්ම මහන්සි වී උපයාගන්නා ඒ මුදලින් සහ අප අදාල ප්‍රදේශයේ බැංකු සමඟ සාකච්ඡා කල ඔවුන්ට ලබාදීමට බලාපොරොත්තු වන කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා ණය මුදල මගින් මේ ව්‍යාපාරය දිගටම සිදුකරගෙන යාමට සහය දීමයි.

සෙරෙප්පු නිෂ්පාදනය සඳහා විවිධ ප්‍රමාණවලින් ඔවුන්ට කටර්ද නිර්මාණය කර දුන්නා. ඒ අනුව ගැහැණු අය සඳහා 4-8 දක්වා ප්‍රමාණ 5කින්ද, පිරිමි අය සඳහා 5-10 දක්වා ප්‍රමාණ 6කින්ද, දරුවන් සඳහා 15-17-19-21 යන ප්‍රමාණ 4න්ද කටර් පරිත්‍යාග කලා. රබර් ෂීට් එකක් කැපීමේදී විවිධ ප්‍රමාණ වලින් කැපීමෙන් වැඩි සෙරෙප්පු යුගලයන් ප්‍රමාණයක් කපාගත හැක. ඉතිරිවන කොටස් වලින් කුඩා දරුවන්ගේ සෙරෙප්පු කැපිය හැක.

අප ඔවුන්ට පරිත්‍යාග කල ෂීට් සහ සෙරෙප්පු පටි නැවත ඔවුන්ට ගෙන්වා ගැනීමට වන්නේ කොළඹින්. ඉතිං සියලු දෙනාම එකතු වී එකවර විශාල ප්‍රමාණයක් මිළදී නොගත්තහොත් ඔවුන්ට එක් සෙරෙප්පුවක් සඳහා යන පිරිවැය වැඩි වෙනවා. අමුද්‍රව්‍ය මිළදී ගැනීමට කොළඹ ඇති ස්ථානද අපි ඔවුන්ට අපගේ සම්බන්ධීකාරක හරහා සම්බන්ධ කර දුන්නා.

රබර් ෂීට් සහ පටි පවුල් 9ටම පරිත්‍යාග කල අතර මැෂින් එක කාලසටහනකට අනුව ඔවුන්ට භාවිතා කිරීමට අවස්ථාව සලසා දුන්නා. පළවෙනි පවුලට සඳුදා දිනයේ සෙරෙප්පු නිෂ්පාදනය කලහැකි අතර, දෙවෙනි, තෙවෙනි දිනවල පිළිවෙලින් ඊලඟ පවුල් වලට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට අවශ්‍යයිනම් එකතුව වුනත් කටයුතු කිරීමට අප නිදහස ලබාදුන්නා. මන්ද සෙරෙප්පු නිෂ්පාදනයේදී මූලික කටයුතු 3ක් තිබෙනවා. සෙරෙප්පුව කැපීම, පටිය දැමීමට හිල් විදීම සහ පටිය දැමීම. මෙය 3 දෙනෙක් එකතුව සිදුකලානම් ඉක්මනින් අවසන් කල හැකියි. අපි මැෂින් එකේ කොටස් 3 ගලවා වෙන වෙනම සවිකලා පහසුවට. නැතිනම් එක් කාර්යයක් අවසන් වූ පසුයි ඊලඟ කාර්යය සිදු කරන්න වෙන්නේ. අප මැෂින් එක වෙනම සවි කල නිසා කාර්යක්ෂමතාව සහ දෛනික නිෂ්පාදනය වැඩිවෙනවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති. හැමෝම නොසෑහෙන්න පිං දුන්නා.

පුහුණුව දිනයේදී පවුල් කිහිපයකට සම්බන්ධ වෙන්න නොහැකිවුණා. ඔවුන් සඳහා පුහුණුව අපගේ සම්බන්ධීකාරක විසින් පසුව ලබාදුන්නේ නැවත පුහුණුව සඳහා යෑමට සිදුවුවහොත් විශාල වියදමක් යන බැවිනි.

මතු සම්බන්ධයි …

ඔබටද රබර් සෙරෙප්පු නිෂ්පාදනය සඳහා පුහුණුව හෝ මැෂින් ලබාගැනීමට අවශ්‍යයි නම් 0703366488 හරහා ස්වයංරැකියා.lk අමතන්න. පුහුණුව නොමිලයේ ලබාදෙන්න අප සූදානම්. ඒ සඳහා වෙළඳ පොළද නිර්මාණය කරදෙන්න අප සූදානම්.

පාවහන් නිපැයුම් වැඩපල (ස්වයංරැකියා Hub – www.swayanrakiya.lk)

 

මේ ඉන්නේ නාලනී කුමුදු (32), කේ. කීර්ති දිසානායක (42), තරුෂි දිව්‍යාංජලී (16), රන්දිකා වනමලී (12), ඉමල්ෂා හසංජලී (06) ඔවුන් ඉන්නේ මැදවච්චිය ඇටවීරගොල්ලෑව කියන ගමේ. ගොඩක් අසරණ පවුලක්. මේ දරුවන්ගේ සීයයි, ආච්චියිත් මේ ගෙදරමයි ජීවත් වෙන්නේ. අම්මයි තාත්තයි බොහොම අමාරුවෙන් තමයි පවුලත් නඩත්තු කරමින් මේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරන්නේ.

අපි ඔවුන්ට පිහිටක් වෙන්න හිතුවා. කිහිප වරක් අපි ඔවුන්ට වියළි ආහාර සහ පාසල් උපකරණ පරිත්‍යාග කරලා තියේ. මෙවර අපි හිතුවා ස්ථීර විසඳුමක් ලබාදෙන්න.

සමාජසත්කාර කණ්ඩායම විසින් 2019 පෙබරවාරි මස ආරම්භ කල මැදවච්චිය පාවහන් නිපැයුම් වැඩපලෙහි (ස්වයංරැකියා HUB) ඔවුන්ට ස්වයංරැකියාවක් ලබාදුන්නා.

අපි දරුවන්ගේ අම්මට සෙරෙප්පු නිෂ්පාදනය පිළිබඳව පුහුණුවක් ලබාදුන්නා. ඒ වගේම අවශ්‍ය අමුද්‍රව්‍යද ලබාදුන්නා. ඇය නොසෑහෙන්න පිං දුන්නා. දරුවෝ ගොඩක් සතුටු වුනා.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර), දිනිති (3 වසර). අන්ත අසරණ පවුලක්. කුළී වැඩ කරලා ජීවත්වෙන්නේ. දරුවන්ගේ අම්මා සමහර දවස් වලට බයිට් කම්පැනියක වැඩ කරනවා. ඒත් දරුවන්ව බලාගන්න ඕන නිසා අම්මා ඒ රස්සාවට යන එක නවත්වල තියෙන්නේ. අපි ඒ අම්මව මුණගැහුණ වෙලාවේ අම්මා කිව්වේ ගෙදර ඉඳන් මොනවා හරි ස්වයංරැකියාවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා කියලා. ඉතිං අපි මේ පවුලට මහන මැෂිමක් පරිත්‍යාග කලා.

අපි මේ පවුල බලන්න ගියේ මීට සති කිහිපයකට පෙරයි. මහන මැෂිමක් ලබාදුන්නොත් ස්වයංරැකියාවක් කරන්න පුලුවන්ද කියලා අපි ප්‍රථමයෙන් විමසුවා. ඇය ඒ පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කලා. අපි ඔවුන්ට මහන මැෂිම ලබාදෙන්න දෙවරක් ගියත් ඔවුන් නිවසේ සිටියේ නැහැ. දුරකතන නොමැති නිසා සම්බන්ධ කරගන්න ගොඩක් අපහසුයි.

මොවුන් ඉන්නේ තනි කාමරයේ පුංචි පැලක. ඇත්තෙන්ම මේ මැෂින් එක ගේ ඇතුලට දැම්මට පස්සේ ඔවුන්ට මේ නිවස ඇතුලේ එහෙට මෙහෙට යන්නවත් ඉඩ නැති වෙනවා. පසුගිය සතියේ අපි ඔවුන්ට මෙලෙස ජුකී මැෂිමක් පරිත්‍යාග කලා.

ප්‍රථමයෙන්ම ඇය පාපිසි, යට සායවල්, ගවුම් ආදිය මැසීමට බලාපොරොත්තු වනවා. බඩල්කුඹුර, බුත්තල, ඔක්කම්පිටිය පොළවල් වල ඇයට ඒවා විකීමට හැකි බව ඇය පැවසුවා.

මේ ජුකී මැෂින් එක ක්‍රියා කරන්නේ විදුලියෙන් වුනත් දැන් ඇය මුහුණ පාන ලොකුම ප්‍රශ්නය වන්නේ ඇගේ නිවසට විදුලිය නොමැති විමයි. දැනට ඇය විදුලිය ලබාගන්නේ අසල නිවසකින් කුඩා වයර් එකක් මාර්ගයෙන්. ඇය කෙසේ හෝ මහන මැෂිම වෙනුවෙන් විදුලිය ලබාගන්නට බලාපොරොත්තු වන බව අපට පැවසුවා.

ඇයත් දරුවෝ දෙදෙනාත් නොසෑහෙන්න සතුටු වුණා. මේ පරිත්‍යාග සිදුකල මිතුරාට ඇය බෙහෙවින් පිං දුන්නා. අපි ඔහුගේ ඡායාරූපයක්ද ඔවුන්ට පෙන්වූවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, එගොඩවත්ත, හොරමණ්ඩිය කියන ගමේ. දුලනි සමන්ලතා (28), නුවන් මධුරංග (31) තේජාන් මදූෂ (3 වසර) සමලි විමන්සා (අවුරුදු 1 1/2) තව මේ ගෙදර දුලනි මහත්මියගේ අම්මා, තාත්තා සහ පුංචිද ජීවත් වෙනවා. හැමොම ජීවත්වෙන්නේ මහත්තයා දැනට කුලීවැඩ කරලා හම්බ කරන එකෙන්. තාත්තටත් සීනි හැදිලා ඉන්නේ.

ගොඩක් අසරණ පවුලක්. ඇය හැකි වෙලාවට අසල මැෂිමක් තියෙන ගෙදරකට ගිහින් ඒකෙන් රෙදි මහලා විකුණනවා. ඒත් ඉතිං හැමදාම එහෙම කරනවට පිට ගෙවල් වල මිනිස්සු කැමති නෑනේ. ඉතිං අපි ඇයට මැෂිමක් දෙන්නම් කීවහම ඇයගේ ඇස් වලින් කඳුලු වැටුනා සතුටට.

ඉතිං අපි ඇයට පසුගිය දිනක මහන මැෂිමක් පරිත්‍යාග කලා. කිලෝමීටර් ගාණක් අති දුෂ්කර පාරක ගම ඇතුලට යන්න ඕන මේ අයගේ ගෙදරට. ඇයත් පවුලේ සියලුම දෙනාත් නොසෑහෙන්න සතුටු වුණා. මේ පරිත්‍යාග සිදුකල මිතුරාට ඇය බෙහෙවින් පිං දුන්නා. අපි ඔහුගේ ඡායාරූපයක්ද ඔවුන්ට පෙන්වූවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති.

දැන් ඇයට කාටවත්ම අතපාන්න ඕන නැහැ. ඇයටම ගෙදර ඉඳන් රෙදි මහලා විකුණන්න පුලුවන්. ඒ ආදායමෙන් පවුල නඩත්තු කරන්න පුලුවන්. අසරණ මනුස්සයෙක්ට කෑමට දෙයක් දෙනවට වඩා වටිනවා තමන්ගේ මහන්සියෙන් නැගී සිටින්න ක්‍රමයක් හදලා දෙන එක.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…

ගින්නට හසුවී සැමදේ අහිමි වුණ පවුලට ස්වයංරැකියාවක් කරන්න සහය වූ ෆේස්බුක් මිතුරෝ

ගින්නට හසුවී සැමදේ අහිමි වුණ පවුලට ස්වයංරැකියාවක් කරන්න සහය වූ ෆේස්බුක් මිතුරෝ

මේ ඉන්නේ ඊ.පී වාසනා ප්‍රනාන්දු (24), ආර්.ඩී. නිශාන්ත විජේසිරි (29), නිශාන් (අවුරුදු 2 1/2), සිතුමි (4), ධනංජය (9). ජීවත්වෙන්නේ නීරවිය, පොතානෙගම, පහල ගිරිබාව. ජීවත් වුනේ ගොවිතැන් කරලා. මැටි ගෙදරක ජීවත්වුනේ.

නමුත් අවාසනාවකට වගේ මීට සති කිහිපයකට පෙර මේ නිවස විදුලි කාන්දුවක් නිසා ගිනිගෙන විනාශ වුනා. ගිනි ගන්නා අවස්ථාවේ කම්පනය නිසා දරුවන්ගේ මවට සිහි නැති වූ අතර, අත්තම්මා බොහොම අමාරුවෙන් දරුවන් 3 දෙනා නිවසින් පිටට ගෙනවිත් තිබුණා. දරුවන්ගේ පොත් පත්, හැඳුනුම්පත්, උප්පැන්න සහතික, වෛද්‍ය වාර්තා ඇතුලු සියලුම දේවල් ගින්නට හසුවිය. ඊටත් වඩා කුලියට ගත් ළිං හෑරීමට ගන්නා යන්ත්‍රයක්, ගස් කපන මැෂිමක්, තණකොල කපන මැෂිමක් ආදී සියල්ලද ගිනි බත් වූයේ මේ පවුලම රටටම ණය කාරයින් කරමින් සහ ජීවත් වෙන්නට මුදල් ඉපැයීමට තිබූ සියලුම මාර්ග අහුරවමින්.

දරුවන් දෙදෙනෙක් උග්‍ර ලෙස තැලසීමියා රෝගයෙන් පීඩා විඳිනවා. සැත්කම සඳහා මුදල් සොයමින් ඉන්න අවස්ථාවේ තමයි මේ කරදරය සිදුවුණේ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙන්නේ. නිතරම අලි එන තැනක තමයි නිවස පිහිටලා තියෙන්නේ.

සිද්ධිය වූ දිනයට පසු දිනයේම අපි ඔවුන්ව බැලීමට ගියා. ගමේ අය පැමිණ ඔවුන්ට අවශ්‍ය දේවල් හැකි ඉක්මනින් සැපයීම සිදු කල අතර සවස් වන විට තාවකාලික කුඩා පැලක්ද ගොඩනැගුවේ ඔවුන්ට ඉන්න හිටින්නට තැනක් නැති නිසයි.

ඔවුන්ට ආදායම් මාර්ගයක් නැති නිසා අපි ඒ සඳහා ස්ථීර විසඳුමක් දෙන්න හිතුවා. අපිට බෑ ඒ අයට දිනපතා උදව් කරන්න. නමුත් දිනපතා මුදල් උපයන්න ක්‍රමවේදයක් හදලා දුන්නනම් ඒ අයගේ උත්සාහයෙන් මුදල් උපයාගනීවී. අපි ඔවුන්ට සහස්නා ඇපරල් හරහා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන අවශ්‍ය දේවල් ලබාදුන්නා. උදව් කල හැමෝටම ඔවුන් නොසෑහෙන්න පිං දුන්නා.

අපි ඔවුන්ට මේ ස්වයංරැකියාව ලබා නොදුන්නානම් මේ පවුලට සිද්ධ වෙන්නේ බඩගින්නේ ඉන්න. මන්ද ගොවිතැන් සියල්ලක්ම පාහේ ජලය නොමැතිකමින් විනාශ වෙලා. ඒ වගේම දහස් ගණනක් වටිනා කුළියට ගත් ආම්පන්නද ගින්නෙන් විනාශ වෙලා. උදව් කල ඔබ සැමට බොහොමත්ම පිං.

Project Code : 2018-MAR-A-0007

නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

නින්ද අහිමිව හඬන පුතුට සුවසේ නිදන්න ප්‍රතිකාර වලට යන වියදම් සොයාගන්න ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුල ඉන්නේ කුරුණෑගල, දොරටියාව ගමේ. පුතාගේ නම දුල්ෂාන් චමෝද. වයස අවුරුදු 10යි. මේ පුතාට ඇවිදින්න, කතා කරන්න බැහැ. ඉපදුන ගමන්ම කහ උණ හැදුනලු. දරුවා එක දිගට දින ගනන් නිදාගන්නේ නැතුව ඉන්නවලු. මහනුවර රෝහලෙන් එයට බෙහෙතක් (Extra Strength MELATONIN Night Time Sleep Aid) නිර්දේශ කරලා තියෙනවලු. ඒකත් ලංකාවේ මිළදී ගන්න නැහැ. පිටරටින් රුපියල් ලක්ෂ 3 1/2ක් දීලා ගෙන්නවගෙන තියෙන්නේ.දරුවගේ අසනීපයට මුදල් ඕන නිසා හැම දෙයක්ම විකුණලා දැන් මේ අය ගොඩක් අසරණ වෙලා ඉන්නේ. පොඩි කඩයක් කරනවා. පොඩි ලෑලි වටකරගත්ත කොටසක තමා මේ පුතාගේ අම්මයි, තාත්තයි, අක්කයි දැන් මේ දරුවත් තියාගෙන ඉන්නේ.

මේ දරුවට ප්‍රතිකාර වලට විශාල වියදමක් යනවා. නුවර, කොළඹ එක්ක යන්න වෙනවා. දැන් මේ පවුලම මහමගට වැටෙන්න තරම් අසරණ වෙලා ඉන්නේ දරුවගේ වියදම් නිසා. ඉතිං අපි ඒ සඳහා ස්ථීර විසඳුමක් දෙන්න හිතුවා. අපිට බෑ ඒ අයට දිනපතා උදව් කරන්න. නමුත් දිනපතා මුදල් උපයන්න ක්‍රමවේදයක් හදලා දුන්නනම් ඒ අයගේ උත්සාහයෙන් මුදල් උපයාගනීවී. ඔවුන් දැනටමත් පාපිසි, මල් පෝච්චි, ඇඳුම් වගේ දේවල් නිවස ඉදිරිපිට විකුණනවා. අපි ඔවුන්ට සහස්නා ඇපරල් හරහා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන අවශ්‍ය දේවල් ලබාදුන්නා. උදව් කල හැමෝටම නොසෑහෙන්න පිං දුන්නා.

Project Code : 2017-K-0038

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

අත් පා සතරම අහිමි ආබාධිත තරුණයාට ස්වයංරැකියාවක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Project ජීවනාලෝක (නාච්චදූව) – Family 05

මේ ඉන්නේ ආර්.ජී ජයලත් (23) උපතින්ම ආබාධිතයි. අත්පා සතරම නැහැ. ඉන්නේ අනුරාධපුර කාවරක්කුලම, ගල්කුලම කියන ප්‍රදේශයේ. පවුලේ අම්මයි, තාත්තයි, ආච්චියි, අයියයි, නංගිලා දෙන්නයි (ශාලිකා – 6 වසර, තක්ශිලා – 13 වසර) ඉන්නේ. ලොකු පුතා කුලී වැඩ කරනවා, අම්මා හේන් වල වැඩට යනවා. ඒ ලැබෙන සොච්චමෙන් තමා මේ හැමෝම ජීවත් වෙන්නේ. තාත්තටත් රැකියාවක් කරගන්න බෑ. උකුල් ඇටේ දිරලලු. ඇස් පේනවත් අඩුයි. මේ අසරණ තරුණයාට ජීවිතේ තවත් විඳවන්න නොදී නැගිටින්න අපි උදව් කරන්න ඕන… ඒ පවුල රැකගන්න මේ තරුණයාට සවියක් වෙන එක අපේ යුතුකම.

සතියකට දෙකකට කන්න කෑම ටිකක් දීලා වැඩක් නැති නිසා අපි තීරණය කලා මේ අයට ස්වයංරැකියාවකට සහය දක්වන්න. පාර අයිනේම ගෙදර තිබෙන නිසා වෙළඳාමක් කරන එකත් පහසුයි.

ඉතිං අපි මේ අයට පළවෙනි පියවර ලෙස නිමි ඇඳුම් අලෙවි කරන ස්වයංරැකියාවක් ලබාදුන්නා. උදව් කල ඔබට ඔහු නොසෑහෙන්න පිං දුන්නා…

Project Code : 2017-A-0045