by Danesh Edirisooriya | Apr 15, 2019 | Dry Rations
අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල අපගේ සෙනෙහසේ චාරිකාවේදී අප මැදවච්චිය ප්‍රදේශයේ අසරණ අම්මාවරුන්/පියවරුන්, දරුවන් ඉන්නා පවුල් සොයා ගොස් ඔවුන්ට වියළි ආහාර මලු පරිත්‍යාග කරා. මේ අම්මා හම්බවුනේ ඒ ගමක අපි සංචාරය කරනවිට.
මෙම ගම්මාන අති දුෂ්කර මෙන්ම නිරතුරුවම නියගය නිසා පීඩා විදින ගම්මාන. එවන් පරිසරයක ගිනි කාශ්ඨකේ මේ මව්වරු තමන්ගේ කුසගින්න, තමන්ගේ දරුවන්ගේ කුසගිනි නිවා ගන්න එදා වේල වෙනුවෙන් අපරිමිත වීර්යයක් දරනවා. මෙවන් දුක් විදින අම්මාවරුන්ට සහ දරුවන්ට එදිනෙදා ආහාර වේලකට අත්‍යාවශ්‍ය සියල්ල සමග ඔවුන් නොසිතූ මොහොතක දෝතට ලද වියළි ආහාර මල්ල ඒ අසරණ සිත් සතුටින් පිරවූවා අහිංසක දෑස් කදුළින් තෙත් කරවන්නට වූවා.
මේ පිංකම සඳහා දායකත්වය දැක්වූයේ Dilan Poulis මල්ලී.
ඔබ මේ සිදු කළා වූ කුසලයේ බලයෙන් ඔබේ සහ ඔබේ පවුලේ සියලුම දෙනාගේ සියලු දුක් රෝග පීඩා දියෙහි ඇදි ඉරක් සේ පහව යේවා… සිතේ සතුට සැනසුම නිරතුරුවම රැදේවා…. නීරෝගී ලාභයත් දීර්ඝායුෂත් ලැබේවා…
සුභ අලුත් අවුරුද්දක් !
Donor : Dilan Poulis
Project ID : 2019-APR-0109
by Danesh Edirisooriya | Feb 5, 2019 | Dry Rations
2012 පෙබරවාරි 4 වැනි දින මිය පරලොව යන්නට යෙදුනාවූ අමරවංස කුමාරසිරි දාබරේ මහතාගේ ආදරණීය පුතණුවන් වන Venura Niron Dabare සහ Vindu Dabare පියණන් හට පිං පැමිණවීම උදෙසා අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීම සිදුකල ව්‍යාපෘතියකට දායකත්වය දැක්වූවා. 2019 පෙබරවාරි 04 වැනි දිනට ඔහු මෙළොව හැර ගොසින් වසර 7ක් වෙනවා.
මිය පරලොව යන්නට යෙදුන පියාණන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට මෙන්ම දරුවන් සහ ආබාධිත/රෝගී අයට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන්/දරුවන් බොහෝම අසරණයි. ඒ වැඩිහිටියන්ගේ දරුවන්ට පවා ඒ අයගේ පවුල් වල කුස පුරවන්න හැකියාවක් නැහැ. එවන් පවුල් කිහිපයකටම අපි වියළි ආහාර පරිත්‍යාග කරා. ඒ මව්වරු, පියවරු, දරුවන් ඉන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ පියාණන් හට අනුමෝදන් වේවා….
මේ පිං බලයෙන් ඔහුගේ පරලොව ජීවිතය සැපයෙන් සැපයට පත් වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…
එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා දායකත්වය දක්වා සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් දරුවන් වන ඔබ දෙපළගේ පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම දරුවන් සිටීනම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…
Donor : Venura Dabare & Vindu Dabare
Death Anniversary : February 04 (7th)
Project ID : 2019-JAN-0034
by Danesh Edirisooriya | Jan 27, 2019 | Dry Rations
තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ කටයුතු කරන්නේ ඒ දරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේම නැති නිසා. ඔබට මතක ඇති ඔබ පාසල් ගිය කාලය. කඩචෝරු කන්න පුංචි මුදලක් හරි අරන් ගියේ ප්‍රධාන කෑම වේලට අමතරව. ඒත් මේ දරුවන්ට ප්‍රධාන කෑම වේලකින්වත් කුස පුරෝගන්න අවස්ථාවක් නැහැ. ඒ දරුවන්ගේ කුසගින්න තරමක් හෝ නිවාගන්න ලැබෙන්නේ එදා දවසට මොනාහරි විකුණලා, කුළී වැඩක් කරලා ලැබෙන පුංචි මුදලකින්.
ඉතින් මේ දරුවෝ කොහොම හරිහැටි අධ්‍යාපනය ලබන්නද? මේ දරුවන්ගේ දුක ගැන අවබෝධ උන අපි මේ පවුල් වලට වියළි ආහාර ලබා දෙන්න කටයුතු කළා. වියළි ආහාර පාර්සලයේ පෝෂණීය ආහාර අඩංගු නිසා මේ වියළි ආහාර මල්ල ඒ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් බොහෝමත්ම වටිනවා. ඒ දෙමාපියන්ට කොයිතරම් සතුටක් ඇත්ද. හැකි ඕනෑම මොහොතක කාගේ හෝ කුසගින්නක් නිවන්න හැකි නම් ඒ පිනෙන්ම ඔබේ හැම දුක් ගින්නක්ම නිවී යාවි.
මේ පිංකම සිදුකලේ ජනවාරි 30 වෙනි දිනට යෙදිලා තියෙන සුධීර සහන් මිතුරාගේ උපන්දිනය වෙනුවෙන්. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.
මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…
සුභ උපන්දිනයක් අයියේ…
by Danesh Edirisooriya | Nov 6, 2018 | Dry Rations
Dilini Senadheera අක්කට අවශ්‍ය කලා අසරණ පවුල් කිහිපයකට උදව් කරන්න. විශේෂ හේතුවක්නම් නැහැ. අසරණ කෙනෙක්ට පිහිට වීම විතරයි ඇගේ අරමුණ වුනේ…
ඉතිං පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කරන පිංකමකට ඇයව දායක කරගත්තා. ඔවුන්ගේ ආශිර්වාද වල, ඔවුන් ලබාදුන් පිං වල හිමිකාරිය ඔබයි අක්කා. ඔබට බොහොමත්ම පිං…
ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය, බුද්ධි තේජස් ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්‍රමාණ පුණ්‍යසම්පත්තියක් ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්‍යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක් මඟුල් ලකුණු අනුහසින්
සවණක් ඝණ බුදුරැස් අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්‍රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්‍රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක් ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්‍රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද
ඔබගේ සහ ඔබ පවුලේ සියලු දෙනාගේ
සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද
සියලු දුක් දොම්නස් ද දුරුවේවා·
ඔබ සියලු පැතුම් ඉටුවේවා·
දීර්ඝායුෂ ලබා සියවසක් ජීවත්වීමේ වාසනාව
උදාවේවා·
තෙරුවණ් සරණයි !!!
by Danesh Edirisooriya | Jun 23, 2018 | Dry Rations
මීට වසර 5කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ චන්ද්‍රා රාජකරුණා මහත්මියගේ දියණිය වන Manikya Rajakaruna අක්කා මෑණියන් හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීමද සිදු කලා.
මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන් බොහෝම අසරණයි. ඔවුන්ගේ දරුවන්ට පවා ඒ අයගේ පවුල් වල කුස පුරවන්න හැකියාවක් නැහැ. එවන් පවුල් කිහිපයකටම අපි වියළි ආහාර පරිත්‍යාග කරා. ඒ මව්වරු, පියවරු, දරුවන් ඉන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ මෑනියන් හට අනුමෝදන් වේවා….
මේ පිං බලයෙන් ඇයගේ පරලොව ජීවිතය සැපයෙන් සැපයට පත් වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…
එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා දායකත්වය දක්වා සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් මානික්‍යා අක්කා ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම දරුවන් සිටීනම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…
by Danesh Edirisooriya | Jun 9, 2018 | Dry Rations
මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sachini Ahinsika මිතුරිය පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, ගුණවතී මහත්මිය සිහිපත් කරමින් අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කලා.
මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන් බොහෝම අසරණයි. ඔවුන්ගේ දරුවන්ට පවා ඒ අයගේ පවුල් වල කුස පුරවන්න හැකියාවක් නැහැ. එවන් පවුල් කිහිපයකටම අපි වියළි ආහාර පරිත්‍යාග කරා. ඒ මව්වරු, දරුවන් ඉන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ මෑනියන් හට අනුමෝදන් වේවා….
මිය පරලොව යන්නට යෙදුනාවූ ඒ මෑණියන් මේ පින් අත්වීමෙන් යම් සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප වැඩි දියුණු වේවා… යම් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලැබීමට මේ පින් හේතු වේවා…
එමෙන්ම මෑනියන් වෙනුවෙන් මෙවන් පරිත්‍යාගයක් සිදු කෙරූ සචිනි නංගීටත් මේ සිදුකළා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගි සුවය උදා වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම රැඳේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා…. කරන කියන සෑම දෙයක්මද රැකීරක්ෂා කටයුතුද ව්‍යාපාරය හෝ අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…