loader image
Select Page

උදව්.lk වැඩසටහන (සමාජසත්කාර පදනම) වෙනුවෙන් ආධාර කරන්න

Annual helping coverage in Sri Lanka. Distance as trice around the world

Total helping coverage in Sri Lanka. Traveled more than distance to the moon and back

සෙනෙහසේ චාරිකා සදහා පෙට්‍රල් සදහා දායක වෙන්න 

අපගේ සෙනෙහසේ වාහනය දිනකට කිලෝමීටර් 300ක් පමණ අසරණ සොයාගෙන ශ්‍රී ලංකාව පුර සංචාරය කරනවා. එක දිනකට ඉන්ධන සදහා රු.3,000-4,000 පමණ වැය වෙනවා. (මේ දිනවල වාහනයේ Hybrid බැටරිය ක්‍රියාත්මක නොවන නිසා වාහනය Full Tank ඉන්ධන ගැසූ පසු ධාවනය කල හැකි උපරිම දුර කිලෝමීටර් 300කි. සාමාන්‍ය තත්වයේදී කිලෝමීටර් 700ක් පමණ සංචාරය කල හැක.)

කිලෝමීටර් 01 වෙනුවෙන් වියදම රු.14කි. ඔබට හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කල හැක.

සමාජසත්කාර කණ්ඩායමේ ආහාර වියදම් වෙනුවෙන් දායක වෙන්න 

අප කණ්ඩායමේ 3 දෙනෙක් (සභාපති, රියදුරු සහ ඡායාරූප ශිල්පියා) සතියකට දින 6ක් ශ්‍රී ලංකාව පුරා සංචාරය කරයි. එක වේලක් වෙනුවෙන් ආහාර සදහා වියදම දළ වශයෙන් රු.1,000කි. දිනකට වියදම උපරිම 3,000කි. මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් ඔබට අප කණ්ඩායමට වතුර බෝතලයක් වුවද පරිත්‍යාග කල හැක.

ලංකාවේ අසරණ අයට පිහිටවීම වෙනුවෙන් සංචාරය කරන අප කණ්ඩායම වෙනුවෙන් ඔබට එක වේලක් හෝ දිනක් වෙනුවෙන් මුල්‍යමය දායකත්වය හෝ ආහාර පන වලින් සංග්‍රහ කල හැක.

සමාජසත්කාර කණ්ඩායමේ නවාතැන් පහසුකම් වෙනුවෙන් දායක වෙන්න

අප කණ්ඩායමේ 3 දෙනෙක් සතියකට දින 6ක් ශ්‍රී ලංකාව පුරා සංචාරය කරයි. බොහෝවිට සංචාරය කරන්නේ අති දුෂ්කර ප්‍රදේශවලය. එම අවස්ථාවල  99%ක්ම ආසන්නතම නගරයේ ලැගුම්හලක/හෝටලය නතරවේ. සමහර අවස්ථාවලදී ෆේස්බුක් මිතුරන්ගේ ආරාධනයක් ලැබුනහොත් ඔවුන්ගේ නිවෙස් වල හෝ පන්සල් වල නතර වේ.

එක දිනක් වෙනුවෙන් සාමාන්‍ය වියදම රු.2,500ක් පමණ වේ. ඔබට දිනක් හෝ කිහිපයක් වෙනුවෙන් දායකත්වය හෝ නවාතැන් පහසුකම් සැපයිය හැක.

උදව්.lk වැඩසටහනේ අන්තර්ජාල සහ දුරකථන වියදම් වෙනුවෙන් දායක වෙන්න

උදව්.lk වැඩසටහන සම්පුර්නයෙන්ම ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය හරහාය. අපගේ සියලුම ක්‍රියාකාරකම් සදහා පැය 24 පුරා අන්තර්ජාල සබදතාවයක් අවශ්‍යය. ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමේදී අන්තර්ජාල සබදතාවය නොකඩවා පවත්වා ගැනීමට අවශ්‍ය බැවින් අප විසින් සේවා දායකයින් 3 දෙනෙකගේ  අන්තර්ජාල සබදතා 3ක් භාවිතා කරයි. අපගේ ආයතනයේ මාසික අන්තර්ජාල වියදම රු.4,500කි. 

එමෙන්ම අපගේ ප්‍රධාන අංගය වන ක්ෂණික ඇමතුම් අංකය වෙනුවෙන් මාසික දුරකථන වියදම රු.2,100කි. උදව් අවැසි අයෙක් පණිවිඩයක් එවූ සැනින් අප විසින් ඔවුන්ට ඇමතුම් ගන්නා බැවින් පිටතට යන ඇමතුම් සියල්ල නොමිලයේ ගත හැකි සබදතාවයක් අප භාවිතා කරයි. 

මේ සදහා ඔබට හැකි විදිහට දායක විය හැක.

සමාජසත්කාර වාහනයේ රියදුරුගේ වැටුප වෙනුවෙන් දායකත්වය දක්වන්න 

අප ආයතනයේ රියැදුරා අගය කලයුතු පුද්ගලයෙකි. මන්ද නොකඩවා දිනකට උපරිම පැය 18ක් සතියට දින 6ක් අප  ශ්‍රී ලංකාව පුරා සංචාරය කරයි. වසරකට උපරිම කිලෝමීටර් 120,000ක් වාහනය ධාවනය කිරීමට සිදුවේවි. ස්ථිර රියදුරෙක් වෙනුවෙන් මාසික වැටුප රු.40,000කි. දින ගණනට සම්බන්ධ වන විට දිනක වැටුප රු.1,000කි. 

ඔබට එක දිනක් හෝ දින කිහිපයක් වෙනුවෙන් මුල්‍ය දායකත්වය හෝ නොඑසේනම් ඔබට පහසු වෙලාවක නොමිළයේ/ස්වේච්චා නිළධාරියෙකු ලෙස අපගේ වාහනය ධාවනය කිරීමට සම්බන්ධ විය හැක. 

අප වැඩසටහනේ ඡායාරූප ශිල්පියා/කාර්යාල සහය නිළධාරියාගේ වැටුප වෙනුවෙන් දයකත්වය දක්වන්න

අප වැඩසටහනේ ඡායාරූප ශිල්පියා/කාර්යාල සහය නිළධාරියා යනු මාස 3කට වරක් නිවාඩු හිමිවන ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන පුද්ගලයෙකි. ඔහු පැය 24 පුරාම කටයුතු කලයුතු පුද්ගලයෙකි. ස්වේච්චා නිළධාරියෙකු ලෙස මුලදී සම්බන්ධ වුවත් දීර්ඝ කාලීනව යම් අයෙක්ට ඒසේ සම්බන්ධ විය නොහැක. මන්ද ඔවුනටද වගකීම් තිබෙනවා. එම නිසා අප දිනකට රු.1,000ක මුදලක් වැටුප ලෙස, එනම් මසකට රු.30,000ක මුදලක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.  එම පුද්ගලයාටම වාහනය ධාවනය පුරුදු කරවිමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එමගින් වියදම අවම කරගත හැකිය.

ඔබට දිනක හෝ කිහිපයක වැටුප වෙනුවන් දායකත්වය දැක්විය හැක.

සෙනෙහසේ වාහනයේ ටයර් වෙනුවෙන් දායකත්වය දක්වන්න 

අප වාහනය ධාවනය කරන්නේ ඉතාමත් දුෂ්කර පාරවල් වලය. සමාජසත්කාර පදනම සතු වන්නේ Toyota Aqua GSport වාහනයක් (පරිත්‍යාගයකි) වන අතර එය වසරකට කිලෝමීටර් 120,000 උපරිම දුරක් ධාවනය කරයි. ගල්, බොරළු සහිත පාරවල් වල ධාවනය කරන බැවින් එහි ටයර් 4 වැඩි කලක් යාමට මත්තෙන් ගෙවෙන අතර සැමවිටම පාහේ සිදුවුයේ ටයරය පුපුරා යාමයි. සාමානයෙන් මාස 4කට වරක් හෝ ටයර් 4ම මාරු කිරිමට සිදුවේ. 

එක ටයරයක් වෙනුවෙන් රු.19,500ක් වැයවන අතර ඔබට හැකි පමණින් දායක විය හැක.

සමාජසත්කාර වාහනය සර්විස් කිරීම වෙනුවෙන් දායකත්වය දක්වන්න

අපගේ වාහනය දින 365 පුරා ශ්‍රී ලංකාවේ අසරණ අය සොයාගෙන සංචාරය කරන අතර වසරකට කිලෝමීටර් 120,000 ආසන්න දුරක් සංචාරය කිරීමට සිදුවෙනවා. වසරකට වාහනය 15-24 වාර ප්‍රමාණයක් සර්විස් කිරීමට සිදුවෙනවා. එක සේවා වාරයක් වෙනුවෙන් රු.18,500 – 23,000 අතර මුදලක් වැය වෙනවා. 

ඔබටත් හැකි ආකාරයට මේ වෙනුවෙන් දායකත්වය දැක්විය හැක.

පදනමේ වෙනත් වියදම් වෙනුවෙන් දායකත්වය දක්වන්න 

සමාජසත්කාර පදනම යනු රජයේ ලියාපදිංචි තනි පුද්ගලයෙකු විසින් ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් සිදු කරගෙන යනු ලබන වසර 14ක ඉතිහාසයක් ඇති දේශීය, විදේශීය සම්මාන වලට පාත්‍ර වූ පදනමකි. එම පදනම වෙනුවෙන් ඔබට ඕනෑම අවස්ථාවක ඉහත සදහන් නොවන වෙනත් හේතුන් වෙනුවෙන් පරිත්‍යාගයක් සිදුකල හැක. උදා: කාර්යාලීය  උපකරණ, පරිගණක 

ඔබට හැකි අයුරින් පරිත්‍යාගයක් කරන්න.