loader image
Select Page
සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

සිඟිති දියණියගේ උපන්දිනය වෙනුවෙන් පුංචි පුතෙකුගේ නෙත් පෑදූ ෆේස්බුක් මිතුරිය

ෆේස්බුක් මිතුරියක් වන Jayani Madhi Prasadika අක්කා විසින් ඇගේ සිඟිති දියණිය Dinuli Thisathna Premathilaka ගේ තුන්වන උපන්දිනය වෙනුවෙන් (2017) පාසල් යන වයසේ පුතෙකුට ඇස් කණ්ණාඩි ලබා දුන්නා. වයස අවුරුදු 7 ක් වයස ගීනුක පුතා ඉන්නේ දියතලාවේ. මේ පුතාගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තිබෙන බව හඳුනාගැනීමෙන් පසු වෛද්‍යවරයෙක් ලවා පරික්ෂා කොට සුදුසු කාච තීරණය කිරීම සිදු කළා. ඇස් කණ්නාඩිය සෑදීමට භාරදී දරුවාට එය ලබාදීමට සති කිහිපයක් ගතවුණා. ඒ ඇස් කණ්නාඩිය දරුවාට ලබාදීමෙන් පසු ගීනුක පුතා ගොඩක් සතුටු වුණා. ඔහුට දැන් පැහැදිලිව අකුරු පෙනෙන බව ඔහු පැවසුවේ ඉතාමත් සතුටෙන්…

ඉතින් මේ පුතා වෙනුවෙන් ඒ වියදම් සියල්ල දරා තමන්ගේම දරුවකු සේ සිතා මේ දරුවාගේ අවශ්‍යතාව වෙනුවෙන් පිහිට වූ ඔබට එම පුතුගෙත් දෙමාපියන්ගේත් කෘතවේදිත්වය හිමි වනවා. පාසල් යන වයසේ ඉන්න මේ පුතාට පැහැදිළි ලෙස පොත්පත් කියවීමට ලැබෙන්නේ පැහැදිළි දෘෂ්ටිකත්වය තිබීමෙන් පමණයි. දැන් ඉතා පැහැදිළිව අකුරු කියවීමට හැකි වන නිසාත් අපහසුවකින් තොරව පාඩම් කටයුතු සිදු කළ හැකි නිසාත් මේ පුතුට ඉතාමත් හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකළ හැකි වනවා. මේ සියළු වරප්‍රසාද ඔහුට හිමි උනේ ඔබේ සෙනෙහෙවන්ත පරිත්‍යාගය නිසාවෙනියි. ඔබට හැකි අයුරින් මෙය දායක වී මෙම කටයුත්ත ගීනුක පුතා වෙනුවෙන් සිදු කිරීමට ඉදිරිපත් වීම සැබැවින්ම අගය කළ යුතුයි.

දරුවකුගේ දෙනෙත් පාදා අනාගතය එළි කර මෙසේ රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබේ සිඟිති දියණිය Dinuli Thisathna Premathilaka හට කිසිදි ලෙඩ දුක් රෝග පීඩාවක් නොම වේවා…. නිදුක් නීරෝගී සුවය උදා වේවා…. ඇගේ අනාගතය මෙන්ම යම් කලෙක අධ්‍යාපනය ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. එසේම දියණිය වෙනුවෙන් මෙවන් කටයුත්තක් සිදුකළ ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටත් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වේවා… කරන කියන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම උදා වේවා…. දරුවකුගේ දෙනෙක්ත් පෑදූ පිනෙන් ඔබ සැමගේ ජීවිත නිරන්තරයෙන්ම ආලෝකමත් වේවා….

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ මව

ෆේස්බුක් මිතුරියක් වන Kasun Piyumi විසින් ඇගේ දියණිය Sanaya Dulandee ගෙ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. ඒ අනුව සෙනෙහසේ චාරිකාවේදී හමු වුන අතිශයින්ම අසරණ පවුල් වල දරුවන්ට මෙසේ පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කරනු ලැබුවා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින් මිදෙන්නට නම් හරි හැටි අධ්‍යාපනය ලබන්නට පොත පත හෝ ඔවුනට ලැබිය යුතු වනවා. නමුත් ඒ වෙනුවෙන් වියදම් කරන්නට මිල මුදල් ඔවුන් සතුව නැහැ. මේ දරුවන්ගේ දෙමාපියන් මත පැටවී ඇති ජීවිතේ බරත් එක්ක එවැන්නක් වෙනුවෙන් මුදල් යොදවන්නය හැකියාවක් ඔවුනට නැහැ.

ඉතින් එවන් වූ දරුවන් වෙනුවෙනුයි අපට ඇති මුදලින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කරගැනීම උදෙසා අළුත් පොත්පත් හා අනෙකුත් පාසල් උපකරණ අඩංගු කට්ටලයක් තිළිණ කරන්නට යෙදුනේ. තම දියණිය වෙනුවෙන් මෙවැන්නක් සිදු කරමින් තවත් දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් වීමට සිතීම තුළින් ඔබ ගුණවත් නැණවත් පින්වන්ත මවක් බව මනාව පසක් වනවා. දහස් ගණනින් වියදම් කොට ලබා දිය නොහැකි ඉතා වටිනා තිළිණයක් ඔබ අද ඔබේ දියණියට ලබා දී තිබෙනවා.

ඉතින් මේ පුංචි මල් කැකුළු වලට අනාගතය ජය ගන්න නිසි පරිදි අධ්‍යාපනය ලබන්නට අද දවසේ ඔබ විසින් දැක්වූ මෙම සහයෝගය හේතු කොටගෙන රැස් කරගත්තාවූ කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබේ දියණියගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… යසසින් නැණ නුවනින් ධාරණ ශක්තියෙන් වැඩෙත්වා…. කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. මෙවන් කටයුත්තක් සිදු කළ ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටත් උපන්දිනය සමරන ඔබේ ආදරණීය දියණියටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා…. කිසිදු කාය චිත්‍ත පීඩාවක් නොම වේවා… සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම ඉටු වේවා… උතුම් තුනුරුවනේ ආශිර්වාද බලයෙන් ඔබ සැමගේ ජීවිත වාසනාවන්ත වේවා….