loader image
Select Page

මගේ ෆේස්බුක් මිතුරෙක් වන කසුන් (Kasun Wickramanayake) අයියට අවශ්ය කලා ගවයෙක් නිදහස් කරලා අසරණ පවුලකට ලබාදෙන්න. ඉතිං අපි කසුන් අයියා වෙනුවෙන් නිදහස් කලේ මේ රත්තිව. මෙ පවුල ඉන්නේ හපුතලේ. ගොඩක් අසරණ පවුලක්. ටකරන් ගෙයක ඉන්නේ. ඉතිං මේ අයට අපි මරණයෙන් නිදහස් කරගත් කිරිගවයෙක් ලබාදුන්නා. අපි මේ රත්තීට අමතරව තව මලී කියලා කිරි ගවයෙකුත් මේ අයට වෙනත් මිතුරිකගේ උදව්වෙන් පරිත්යාග කලා.

අපි මේ අයට කිරි ගවයෙක් දෙනවා කියලා කීවට පස්සේ ගොඩක් සතුටු වුණා. දුව තමයි වැඩියෙන් සතුටු වුණේ. මේ අයට ඉන්න හරිහමන් ගෙදරක් නැති වුණාට රත්ති සහ මලී වෙනුවෙන් මේ අය දවස් 2ක් ඇතුළත ගවගාලක් හැදුවා. අපි එනකොට බැලුම් බෝල එහෙම සවි කරලා, ගණ දෙවියන්ට පහනක් එහෙම තියලා ලැහැස්ති කරගෙන හිටියා.

අපි මේ අයට කිරි ගවයා පරිත්යාග කරලා එය ගිවිසුමක් ඔස්සේ ජීවිතාන්තය දක්වා රත්තීව ආදරෙන් බලාගන්න පොරොන්දුව පිට තමයි භාරදුන්නේ. දුවනම් ගොඩක් සතුටෙන් ඉන්නේ… දුව ස්තූති කරලා අපිට කාඩ් එකකුත් දුන්නා…

අයියේ, ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ මෙන්ම ඔබගේ පවුලේ සියලු දෙනාගේ අනාගතය සාර්ථක වේවා. ඔබ පවුල් ජීවිතය සාර්ථක වේවා. අපල උපද්රව දුරු වේවා. සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා.

ඒ වගේම අපිට පහත ලින්ක් එකේ ඉන්න මිතුරු මිතුරියෝ හැමෝම උදව් කලා මේ කිරි ගවයා අපිට සොයාගන්න යන්න, භාර දෙන්න පවුලක් සොයන්න යන්න, අනෙකුත් රාජකාරී කටයුතු සිදුකරගන්න සහ අපි මිළදී ගත්ත තැන ඉඳන් මේ ගෙදරට අරන් එන්න යන වියදම් සහ අනෙකුත් වියදම් සඳහා. ඔබ සියළුම දෙනාටද බොහොමත්ම පිං… මේ අහිංසකයින් හෙලන සුසුමක් පාසාම ඔවුන්ගේ ජීවිත රැක දුන් ඔබට අප්රමාණ පින් රැස් වේවා…. මේ කුසලයේ ආනිසංස ඔබටත් ඔබේ පවුලේ සෑම දෙනාටමත් ආශිර්වාදයක්ම වේවා…

https://www.facebook.com/photo.php?fbid=1208715715832436&set=a.209961979041153.47065.100000820578834&type=3

රැස්කලා වූ සියළු පිං සුපින්වත් ඔබ සැමට ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. දැකබලා සතුටු වූ ඔබ සියළු දෙනාටද මේ පිං එක සේ අනුමෝදන් වෙත්වා.

Family Details :
Mother’s Name : H.N.D. Renuka Malkanthi
Address : No 03, Tawana, Glanore Watta, Haputale
Daughter’s Name : Sandali Wathsala (Grade 5)
Contact No : 0786102380