loader image
Select Page
දින 2ක් ඇතුලත පවුල් 10ක ජීවිත ආලෝකමත් කල ෆේස්බුක් මිතුරෝ | Project Donate a Light, Create a Bright

දින 2ක් ඇතුලත පවුල් 10ක ජීවිත ආලෝකමත් කල ෆේස්බුක් මිතුරෝ | Project Donate a Light, Create a Bright

අද පෙබරවාරි 29වන දින සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය/මාලිගාවිල අන්ත අසරණ පවුල් 6කට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා…
ඊයේ 4ත් සමඟ අපි මෙවර දින 2ක් ඇතුලත පවුල් 10කට විදුලිය ලබාදුන්නා. වෙනදට අපිට Solar Panel එකක් සවි කිරීමට පැය 1 1/2ක පමණ කාලයක් යනවා. නමුත් ගමේදි අපට මුණගැහුණ, අපට මේ වැඩසටහනට උදව් කල මිතුරෝ කිහිප දෙනාගේ සහයෙන් අපි අද පැය 1/2කට 1 බැගින් සවිකලා. අද අපිට වැඩි වේලාවක් ගියේ ඒ ගෙවල් වලට යන්න. කිලෝමීටර් ගණන් බයික් එකේ සහ කැබ් එකේ විතරක් නෙමේ පයිනුත් යන්න වුණා… නමුත් වෙහෙස නොබලා අපි හැමෝම මහන්සි වුනේ මේ ජීවිත ආලෝකමත් කරන්නයි.

මීට කලින් අම්පාර, මහඔය පවුල් 3ට ලබාදුන් අතර, 2016 වසරේදී අපි තව පවුල් 87ට විදුලිය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා…

ඔබටත් එක පවුලක හෝ කිහිපයක පිරිවැය දරන්න පුලුවන්.
එක් නිවසක් සඳහා වියදම රු.12,000 (කොළඹින් කිලෝමීටර් 150ක දුරකට ප්‍රවාහන වියදමත් ඇතුළුව)

Donate a Light, Create a Bright Project

කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන දරුවෝ ඉන්න පවුල් වලට Solar Panel ලබාදීම

Location : ඔක්කම්පිටිය/මාලිගාවිල, මොණරාගල

Solar Panel එකක් පරිත්‍යාග කර ජීවිත ගණනාවක් ආලෝකමත් කල ෆේස්බුක් මිතුරියන් දෙදෙනා

Solar Panel එකක් පරිත්‍යාග කර ජීවිත ගණනාවක් ආලෝකමත් කල ෆේස්බුක් මිතුරියන් දෙදෙනා

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. කිලෝමීටර් 3ක් විතර ගමක් ඇතුලේ ඉන්නේ. ගොඩක් අසරණ පවුලක්. ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ.
Maheshi Yapa මිතුරිය සහ Manel Dammika මිතුරියන් දෙදෙනා එක්ව තමයි මේ පරිත්‍යාගය සිදු කලේ.
දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා.
මෙහිදී අපි විශේෂයෙන්ම සැකසූ සමාජසත්කාර Study Light එක දරුවන්ට පාඩම් වැඩ වලට යොදාගන්න පුලුවන්. මෙහි ජංගම දුරකතන චාර්ජ් කිරීමේ පහසුකමද තිබෙනවා.
අද මේ පවුල ගොඩක් සතුටෙන් ඉන්නේ. මේ ගෙදර එක කාමරයයි තියෙන්නෙ. අපේ Unit එකට LED බල්බ් 3ක් එනවා. අපි එකක් කාමරයට, අනික එලියේ කුස්සිය පැත්තට සහ වැසිකිළිය තියෙන්නේ කැලේ. එහාට වෙන්නත් බල්බ් එකක් දැම්මා. ගොඩක් පිං දුන්නා. සතුට ඡායාරූප වලින් ඔබට පෙනේවි.
මගේ ෆේස්බුක් මිතුරියන් දෙදෙනා මේ කලාවූ සත්කාරයේ බල මහිමයෙන් ඔබ දෙපලගේද රැකියාව, විවාහ ජීවිතය සහ අනාගතය ආලෝකමත් වේවා. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

දරුවන් දෙන්නෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල නිලූපා අක්කා

දරුවන් දෙන්නෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල නිලූපා අක්කා

මේ පවුලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවන්ගේ පියා ගොවිතැන් කරන්නේ. ගොඩක් අසරණ පවුලක්. කඩා වැටුණු මැටි වලින් හදපු පුංචි පැලක මේ අය ඉන්නේ. ඡායාරූප වලින් පෙනේවි නිවසේ තත්වය. නිවසට දොර ජනෙල් නැහැ. කැලයක් මැද්දෙන් ගොඩක් දුර යන්න වුණා මේ නිවස සොයාගෙන.
මගේ ෆේස්බුක් මිතුරියක් වන Nilupa Perera අක්කගේ දුව ටිනාරා නිමායා හේවගේ දුවගේ උපන්දිනය දෙසැම්බර් 30 දිනට යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් තමා අද මේ පවුලට විදුලි ආලෝකය ලබාදුන්නේ.
දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා. මෙයාලා පහල ගෙදරින් වයර් එකක් ඇදලා ලයිට් අරන් තිබ්බේ. අපි ඒක ඉවත් කරන්න කීවා.
මෙහිදී අපි විශේෂයෙන්ම සැකසූ සමාජසත්කාර Study Light එකක් සහ නිවසට අමතර LED බල්බ් තුනක් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි සවිකලා. මෙහි ජංගම දුරකතන චාර්ජ් කිරීමේ පහසුකමද තිබෙනවා.
අද මේ පවුල ගොඩක් සතුටෙන් ඉන්නේ. ගොඩක් පිං දුන්නා. ඒ පින ඔයාලටයි අක්කා. මේ දරුවන්ගේ නිවස ආලෝකමත් වුණා වගේ ඔයාලගේ ජීවිතත් ආලෝකමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිමායා දුවටත් සුභ උපන්දිනයක්… දිනය පසුවීම ගැන සමාවෙන්න අක්කා. අවශ්‍යතාවය ඇති පවුලක්ම සොයා දෙන්න අවශ්‍ය නිසයි ප්‍රමාද වුණේ… මේ ඔබගේ දායකත්වයෙන් සුර්ය පැනල ලබාදුන් දෙවෙනි නිවසයි.

සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය අන්ත අසරණ පවුල්4ට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා

සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය අන්ත අසරණ පවුල්4ට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා

මීට කලින් අම්පාර, මහඔය පවුල් 3ට ලබාදුන් අතර, 2016 වසරේදී අපි තව පවුල් 93ට විදුලිය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා…

ඔබටත් එක පවුලක හෝ කිහිපයක පිරිවැය දරන්න පුලුවන්.
එක් නිවසක් සඳහා වියදම රු.12,000 (කොළඹින් කිලෝමීටර් 150ක දුරකට ප්‍රවාහන වියදමත් ඇතුළුව)

Donate a Light, Create a Bright Project

කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන දරුවෝ ඉන්න පවුල් වලට Solar Panel ලබාදීම

Location : ඔක්කම්පිටිය, මොණරාගල

දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ පියාගේ රැකියාව අහිමිවෙලා දැන් අත්වැඩ දෙනවා. දරුවන්ගේ ආච්චි අම්මත් මේ පැල්පතේමයි ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ පවුලක්. ලොකු දූට ලස්සනට විරිඳු කියන්න පුලුවන්.
මගේ ෆේස්බුක් මිතුරියක් වන Dee Shwepps (දිලූපා) අක්කගේ පුතා නයිජල් විජේතිලක පුතාගේ උපන්දිනය පෙබරවාරි 26 දිනට යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් තමා අද මේ පවුලට විදුලි ආලෝකය ලබාදුන්නේ.
දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා.
මෙහිදී අපි විශේෂයෙන්ම සැකසූ සමාජසත්කාර Study Light එකක් සහ නිවසට අමතර LED බල්බ් තුනක් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි සවිකලා. මෙහි ජංගම දුරකතන චාර්ජ් කිරීමේ පහසුකමද තිබෙනවා.
අද මේ පවුල ගොඩක් සතුටෙන් ඉන්නේ. ගොඩක් පිං දුන්නා. ඒ පින ඔයාලටයි අක්කා. මේ දරුවන්ගේ නිවස ආලෝකමත් වුණා වගේ ඔයාලගේ ජීවිතත් ආලෝකමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.