loader image
Select Page
පවුල් 10කට ස්වයංරැකියා ලබාදීමේ පළමු පියවර

පවුල් 10කට ස්වයංරැකියා ලබාදීමේ පළමු පියවර

“සහස්නා” ඇපරල් | “Sahasna” Apparel (A Virtuous Associate of Samajasathkara.lk) – Sustaining Rural Families

අඩු ආදායම්ලාභී පවුල් වලට ස්වයංරැකියා ලබාදීමේ අරමුණින් සහ අඩු ආදායම් ලාභී පවුල් වල කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීමේ අරමුණින් ආරම්භ කල සහස්නා ඇපරල් ජූලි මාසය තුල පවුල් 10කට ස්වයංරැකියා ලබාදීම සඳහා පළමු ඇඳුම් තොගය මැසීම ආරම්භ කලා.

දැනට තිදෙනෙක් සේවය කරන අතර ඉදිරි සති කිහිපය තුළ තව කිහිපදෙනෙක්ට රැකියා අවස්ථා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. පාසල් යන දරුවන් සිටින දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල් වල අයට ප්‍රමුඛතාවය ලබාදෙනවා.

ඒ වගේම ඔබ දන්නා පාසල් යන දරුවන් දෙදෙනෙක්ට වැඩි පොල් අතු, පිදුරු, ටකරන් සෙවිලි කල මැටි, ලෑලි ගෙවල් වල ඉන්නා අන්ත අසරණ පවුල් වේනම් අපට දැනුම් දෙන්න. ඒ එක් පවුලකට උපරිම ඇඳුම් 200ක්, කුඩා වෙළඳසැලක් ඉදිකරගැනීමට මූල්‍ය ආධාර, ඔවුන් කැමති නමකින් ව්‍යාපාරය සඳහා නාමපුවරුවක් ලබාදීම සිදුකරන අතර තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහාද සහය දැක්වීම සහ මග පෙන්වීම සිදු කරනු ලබනවා.

ඕනෑම සමාජසත්කාරක කටයුත්තක් සඳහා ඉතාමත් අඩුම මිළට ඇඳුම් තොග වශයෙන් ලබාගත හැක.

පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය සහ මිතුරා

පවුලේ සැමට ආශිර්වාද පතා රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය සහ මිතුරා

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Ishara Premadasa සහ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන Shameera Rathnayaka මිතුරා පවුලේ සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් අවැසි කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න දායක වුණා.

මේ ඉන්නේ නිලූක සඳරුවන් පුතා. වයස අවුරුදු 26යි. උපතින්ම ආබාධිතයි. දන්ගහවත්ත අසල, පහල වතුපිටිය, උඩකරවිට, නිවිතිගල ලිපිනයේ ඉන්නේ. දරුවගේ තාත්තා පතල් වැඩ කරන්නේ. අම්මා හඳුන්කූරු හදනවා. ඒ පුතාට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම ගැන අම්මා නොසෑහෙන්න පිං දුන්නා. අපි ඉදිරියේදී මේ පවුලට ස්වයංරැකියාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉතිං ඉෂාරා නංගී ඔයා මේ කලාවු කුසලයේ මහිමයෙන් ඔයාගේ ස්වාමිපුරුෂයා සහ පවුලේ සියලුම දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා. මේ කුසලය නිර්වාණ සම්පත්තියටම හේතුවාසනා වේවා. පවුලේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි…

Location : නිවිතිගල

අද ඇගේ විවාහ දිනයයි… අසරණ අත්තම්මා කෙනෙකුට වාරුවක් වෙමින් කුල ගෙට යන පින්බර මනාලිය

අද ඇගේ විවාහ දිනයයි… අසරණ අත්තම්මා කෙනෙකුට වාරුවක් වෙමින් කුල ගෙට යන පින්බර මනාලිය

සුන්දර මනාලියක් වීම හැම කෙල්ලෙකුගේම අහිංසක බලාපොරොත්තුවක්. ඒ දවස මහත් ඉහළින් සමරන්න ගොඩක් අය උත්සහ කරනවා. නමුත් බොහොම අතලොස්සක් තමයි ඒ දවස අර්ථාන්විත කරගන්නේ කොහොමද කියලා හිතන්නේ.

හැමදාමත් වගේ යහපත් මිතුරු ඇසුර නොඅඩුව ලබන මගෙන් එවැනි වූ මිතුරියක් වන Kushani Othnapitiya නංගී විශේෂ ඉල්ලීමක් කළා. ඒ ඇගේ විවාහ දිනය වෙනුවෙන් ඉතාමත් වියපත් අහිංසක අසරණ අත්තම්මා කෙනෙකුට රෝද පුටුවක් ලබා දෙන්න අවශ්‍ය බව.

අද ඇගේ විවාහ දිනය. ඉතින් අපි ඒ පින්බර සිතුවිල්ල ඇගේ ජීවිතේ සුන්දරතම සිහිනය සැබෑ වන දිනයේදීම මලඵල ගන්වමින් නිවිතිගල ඉන්න දෑස් නොපෙනෙන මේ අත්තම්මාට රෝද පුටුවක් ලබා දුන්නා. ඇයට අවශ්‍ය වූයේ සැබැවින්ම රෝද පුටුවක අවශ්‍යතාවය දැඩි ලෙසම පවතින කෙනෙකු හට උපකාර කිරීමටයි. මේ පරිත්‍යාගය ඔබ බලාපොරොත්තු වූ අයුරින්ම සිදු වූවායැයි අප විශ්වාස කරනවා.

මේ අම්මා ඉන්නේ නිවිතිගල. නම ඩී.එච්.ඒ රොසලින්. වයස අවුරුදු 83යි. රයිගල, පාතකඩ නිවිතිගල ලිපිනයේ ඉන්නේ. ඇස් පේන්නේ නැහැ. අංශභාගය හැදිලා ඉන්නේ.

අද ඔබ බොහෝමත්ම සතුටින් ඔබ හා අතිනත ගන්නා ඔබේ ස්වාමිපුරුෂයා හා එක්ව විවාහ දිනයේ සතුට හදවතින්ම විඳගනිද්දී මේ අම්මාත් ඉතා සතුටින් ඔබ ලබා දුන් රෝද පුටුවෙන් එහෙ මෙහෙ ආරක්ෂාකාරීව යනවා ඇති. අනේක වාරයක් ඈ ඔබට පින් දෙනවා ඇති. ඒ සියල්ල ඔබට අද දවසින් ඇරඹෙන අළුත් දිවියට ආශිර්වාදයක්ම වේවා…. ජීවිතයකට වාරුවක් රැකවරණයක් වූ පිනෙන් ඔබේත් ඔබේ ස්වාමිපුරුෂයාගේත් දිවියට නිදුක් නීරෝගි සුවය ලැබේවා… යන එන ගමන බිමන කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා…. ආදරය සෙනෙහස උතුරන සොඳුරු කැදැල්ලක සුවය හදවතින්ම විඳගන්නට ඔබ දෙපළටම හැකි වේවා… මේ සිදු කළා වූ කුසලයේ බලයෙන් ඔබේත් ඔබේ ස්වාමිපුරුෂයාගෙත් දෙමාපියන්ටත් මේ පින අත් වීමෙන් ඔවුන්ගේ ජීවිත ද නිදුක් නීරෝගී වේවා… දීර්ඝායුෂ ලබත්වා….

ඔබ වැනි පින්වන්ත බිරිඳක් ලද ඔහු සැබැවින්ම වාසනාවන්තයි. ඔහු හා එක්ව සසර පුරාවටම මෙසේ පින් දහම්හි යෙදෙමින් අවසානයේ උතුම් නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම පිණිස ඔබ දෙපළටම මෙම කුසලය හේතු වාසනා වේවා…

Happy Wedded Life !