loader image
Select Page
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwanthi Vithana නංගී

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwanthi Vithana නංගී

නුවන්ති නංගී මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද අපේ Manoj Prasanna අයියාට මුණගැහුණ තුන්දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඔවුන් බෙහෙවින් පිං දුන්නා. පවුල තෝරාගැනීමේදී ඇල්ලගම පවුල් සෞඛ්‍යසේවා නිළධාරිණිය අපට බෙහෙවින් උදව් කලා. ඇයටත් බොහොම පිං.

ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමි වේවා. තෙරුවණ් සරණයි.

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwan Cooray අයියා

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Nuwan Cooray අයියා

නුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අද මට මුණගැහුණ දෙදෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. ඔවුන් බෙහෙවින් පිං දුන්නා.

ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමි වේවා. තෙරුවණ් සරණයි.

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

නිවස කපරාරු කර අවසන්. පේමන්ට් එකේ 20%ක් විතර අවසන් කරන්න තියේ. බිම සිමෙන්ති දාන්න තියේ. දොර, ජනෙල් සවි කරන්න තියේ. දරුවෝ ගොඩක් සතුටෙන් ඉන්නේ.
වැඩ කෙරෙන වේගය ගැනනම් මගේ සතුටක් නැහැ. ඒත් ඉතිං මට ඒ වෙනුවෙන් කරන දෙයක් නැහැ. සතිපතා වියදම් කරගෙන බලන්න එන්න වෙනවා. මොකද එක සතියක් නාවොත් වැඩ නතර වෙනවා. ;-(

මෙතෙක් කතාව…
මේ පවුල ඉන්නේ මීරිගම. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පොඩි දූට වයස අවුරුදු 8යි, ලොකු දූට 13යි, පුතාට 18යි. පුතා මේ අවුරුද්දේ උසස්පෙළ කරනවා.
වට්ටි වියලා තමයි දරුපවුල රැකගන්නේ. තාත්තට රැකියාවක් කරගන්න බැහැ. ගහකින් වැටිලා.
ගොඩක් අසරණ පවුලක්. හිටිය ගේ වැස්සට කඩා වැටිලා. දැන් පුංචි පැලක මේ 5 දෙනා ජීවත් වෙන්නේ.
දරුවෝනම් හරි සතුටෙන් ඉන්නේ. වැස්සට කලින් නිවස හදාගන්න පුලුවන් වුන එක ලොකු දෙයක්… ඒ හැම දෙයක්ම ෆේස්බුක් මිතුරෝ නිසයි…

Location : Mirigama

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් දරුවන් 8 දෙනෙක් ඉන්න පවුලක් වෙනුවෙන් ආරම්භ කල “වාසනා Concrete Works”

ඔයාලට මතකනේ අපි මේ අයට බ්ලොක්ගල් වැඩපලක් දාලා දුන්නා. මීට කලින් පවුල් වලට අපි නිවස හදලා තමයි ස්වයංරැකියාවක් ලබාදුන්නේ. මෙහි තත්වයේ අපි පොඩි වෙනසක් කලේ මුදල් හමුවේ වෙනස්වෙන මිනිසුන් ඉන්නා බව මාගේ සමහර ව්‍යාපෘති වලදී මට හැඟී ගිය බැවිනි. මොහුගේ බ්ලොක්ගල් සඳහා තවම වෙළඳපලක් නිර්මාණය වෙලා නැහැ. ඔහු බ්ලොක්ගල් 1000කට වැඩි ප්‍රමාණයක් කපලා තිබුණා. නමුත් මම අද දිනයේ මොහුගේ බ්ලොක්ගල් උඩුබද්දාව ප්‍රදේශයේ පවතින මිළටම මිළදීගත්තා. ඒ වෙන දෙයකට නෙමෙයි මොහුගේම නිවස හදන්න භාවිතා කරන්න. මෙහිදී මා සිදුකලේ Immediate Market එකක් නිර්මාණය කරදීම පමණි. දැන් දිනෙන් දින ඔහුගේම මහන්සියෙන් සාදන බ්ලොක්ගල් වලින් ඔහුගේ නිවස ගොඩනැගේවි. බොහොම අමාරුවෙන් ආයෙත් බාසුන්නැහැ කෙනෙක් හොයාගත්තා. මීට සති 4කට කලින් ෆේස්බුක් දැමූ පෝස්ට් එකකින් තමා මිතුරෙක්ගේ උදව්වෙන් මේ බාසුන්නැහැ සොයාගත්තේ.
ඔයාලට පේනවා ඇති මම මගේ ෆෝන් එකෙන් දරුවන්ට යමක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ ඔවුන්ගේ නිවස අවසාන වන විට පෙනෙන ආකාරයයි… දරුවෝ ගොඩාක් සතුටෙන්…
ඒ අතර පසුගිය දිනක අකුණක් ගහලා මැෂින් එකේ ප්‍රශ්නයක්ලු. මම කීවා වයරින් එක පරීක්ෂා කරන්න කියලා. මාස 3කටත් වැඩී ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරලා. තාම කිසි ප්‍රතිචාරයක් නැහැ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්.

සමාජසත්කාර බ්ලොක්ගල් වැඩපළ – දිළිඳු පවුල් වලට ස්වයං රැකියා පහසුකම් සැලසීම (Project ජීවනාලෝක)

Location : උඩුබද්දාව, කුලියාපිටිය