loader image
Select Page

උදව්.lk  ~ Udaw.lk Platform (උදව් 3.0)

2015දී ආරම්භ කල Solutions.lk (ධනේෂ් පුතාට කීවනම් හරි) නව මුහුණුවරකින්….

SamajaSathkara.lk හරහා අපි මේ වන විට ප්‍රතිලාභීන් 100,000 ආසන්න පිරිසකට උදව් කරලා තියෙනවා. බොහොමයක් ඒවා අපි සිදු කරන්නේ ඔබගේ දැනුම්දීම් මත. සමාජසත්කාර ක්ෂණික ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් හෝ Viber, Whatsapp, Skype, Imo, Facebook Messanger ඔස්සේ සහ www.samajasathkara.lk වෙබ් අඩවියේ ස්වයංක්රීය තොරතුරු දැනුම් දීම් පද්ධතිය (Solutions.lk) ඔස්සේ ඔබ 2012 සිට අපට අසරණ පවුල් ගැන විස්තර සහ ඡායාරූප එවනු ලැබූ අතර අප ඉන්පසු ඒවා පිළිබඳව සොයා බලා උදව් කරනු ලැබුවා.

එම සේවාව අප සැමට ප්රවේශ විය හැකි ආකාරයට වෙබ් අඩවියක් ලෙස ලඟදීම එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එය ලංකාවේ කාර්යක්ෂම අසරණ අයට සේවා සැපයීමේ පද්ධතිය බවට පත් කිරීමට ඔබගේ සහය අවශ්යයි.

?උදව්.lk | Udaw.lk? (උදව් 3.0)

? හැඳින්වීම – ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

?ක්රියාකාරීත්වය : ඔබ පහත දකින්නේ එම වෙබ් අඩවියේ Developer Edition එකේ Screenshot එකකි. එහි විවිධ අවශ්යතා ඇති පුද්ගලයින් ගැන සඳහන් වෙනවා.