loader image
Select Page
අසරණ දරුවන්ට පාසල් උපකරණ ලබා දෙමින් දියණියගේ උපන්දිනයට ආශිර්වාද එක් කෙරූ ආදරණීය මව

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Hiruni Yatiwella විසින් ඇගේ දියණිය Iyana Wimalasena ගේ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින් මිදෙන්නට නම් හරි හැටි අධ්‍යාපනය ලබන්නට පොත පත හෝ ඔවුනට ලැබිය යුතු වනවා. නමුත් ඒ වෙනුවෙන් වියදම් කරන්නට මිල මුදල් ඔවුන් සතුව නැහැ. මේ දරුවන්ගේ දෙමාපියන් මත පැටවී ඇති ජීවිතේ බරත් එක්ක එවැන්නක් වෙනුවෙන් මුදල් යොදවන්නය හැකියාවක් ඔවුනට නැහැ.

ඉතින් එවන් වූ දරුවන් වෙනුවෙනුයි අපට හැකි අයුරින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කරගැනීම උදෙසා අළුත් පාසල් උපකරණ තිළිණ කරන්නට යෙදුනේ. තම දියණිය වෙනුවෙන් මෙවැන්නක් සිදු කරමින් තවත් දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් වීමට සිතීම තුළින් ඔබ ගුණවත් නැණවත් පින්වන්ත මවක් බව මනාව පසක් වනවා. දහස් ගණනින් වියදම් කොට ලබා දිය නොහැකි ඉතා වටිනා තිළිණයක් ඔබ අද ඔබේ දියණියට ලබා දී තිබෙනවා.

ඉතින් මේ පුංචි මල් කැකුළු වලට අනාගතය ජය ගන්න නිසි පරිදි අධ්‍යාපනය ලබන්නට අද දවසේ ඔබ විසින් දැක්වූ මෙම සහයෝගය හේතු කොටගෙන රැස් කරගත්තාවූ කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබේ දියණියගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… යසසින් නැණ නුවනින් ධාරණ ශක්තියෙන් වැඩෙත්වා…. කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. මෙවන් කටයුත්තක් සිදු කළ ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටත් උපන්දිනය සමරන ඔබේ ආදරණීය දියණියටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා…. කිසිදු කාය චිත්‍ත පීඩාවක් නොම වේවා… සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම ඉටු වේවා… උතුම් තුනුරුවනේ ආශිර්වාද බලයෙන් ඔබ සැමගේ ජීවිත වාසනාවන්ත වේවා….

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [දෙවෙනි සැත්කම] – (Day 03)

පළවෙනි සැත්කමින් සතියකට පසු දෙවෙනි සැත්කම සිදුකලා. උන්වහන්සේ පන්සලේ සිට රෝහකට වැඩම කරවන විට හරි සතුටෙන් හැමෝටම පිං දුන්නා. “දැන් මහත්තයෝ මට මේ ඇහෙන් හොඳට පේනවා” කියලා උන්වහන්සේ කීවා.

පළවෙනි සැත්කමේ ආකාරයටම දෙවෙනි සැත්කමත් සිදු කලා. සැත්කම අවසන් වුන පසු උන්වහන්සේව පන්සලට වැඩම කරවූ අතර ටික දිනකින් උන්වහන්සේ නැවත මැදවච්චිය බලා වැඩම කලා.

දින දෙක තුනකින් උන්වහන්සේට ඇමතුමක් ගත් අවස්ථාවක උන්වහන්සේ සතුටින් ප්‍රකාශ කලා උන්වහන්සේගේ ඇස් දෙකම පෙර පරිදිම පැහැදිලිව පෙනෙන බව. ඒ වගේම උදව් කල හැමෝටම බෙහෙවින් පිං දුන්නා.

නැවත වරක් අප මැදවච්චිය ගිය අවස්ථාවක උන්වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ තත්වය පිළිබඳව ඔබට දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා.

දිවා රෑ පිං වැඩෙන මේ පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

තෙරුවණ් සරණයි !

වැඩි දුරටත්…

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා.

උන්වහන්සේට නැවත පෙනීම ලබාදීම සඳහා ඇස් දෙකටම සැත්කම් කිරීමට සිදු වූ අතර ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ සඳහා දායකත්වය දැක්වූවා.

මැදවච්චිය සිට උන්වහන්සේ ප්‍රථමයෙන්ම කොළඹට වැඩමවූ අතර, ඉන්පසු රාගම සහ හංවැල්ල ප්‍රදේශයේ පන්සල් දෙකක සිට තමා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට වත්තල හේමාස් රෝහල වෙත වැඩම කලේ.

ප්‍රථම දිනයේ අපි උන්වහන්සේ සමඟ රෝහලට ගොස් සැත්කම සඳහා උන්වහන්සේව රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන්පසු සැත්කම අවසන් කර උන්වහන්සේ වාට්ටුවට ඇතුලත් කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද, ඊලඟ සැත්කම පිලිබඳව විස්තරද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කලා.

ඉන්පසු නැවත උන්වහන්සේ නතර වී සිටි රාගම විහාරස්ථානයට වැඩම කලේ ඊලඟ දින උදෑසනද වෛද්‍ය පරික්ෂාව සඳහා නැවත රෝහලට වැඩම කරවීමේ බලාපොරොත්තුවෙන්.

සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක සුවයෙන් ගතකල යුතු නිසාය. උන්වහන්සේ මේ සැත්කමට දායකත්වය දැක්වූ සැමට පිං දුන්නා.

දිවා රෑ පිං වැඩෙන මේ පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

තෙරුවණ් සරණයි !

Project Code : 2018-A-OCT-0028

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

වැඩි දුරටත්….

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා.

උන්වහන්සේට නැවත පෙනීම ලබාදීම සඳහා ඇස් දෙකටම සැත්කම් කිරීමට සිදු වූ අතර ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ සඳහා දායකත්වය දැක්වූවා.

මැදවච්චිය සිට උන්වහන්සේ ප්‍රථමයෙන්ම කොළඹට වැඩමවූ අතර, ඉන්පසු රාගම සහ හංවැල්ල ප්‍රදේශයේ පන්සල් දෙකක සිට තමා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට වත්තල හේමාස් රෝහල වෙත වැඩම කලේ.

ප්‍රථම දිනයේ අපි උන්වහන්සේ සමඟ රෝහලට ගොස් සැත්කම සඳහා උන්වහන්සේව රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන්පසු සැත්කම අවසන් කර උන්වහන්සේ වාට්ටුවට ඇතුලත් කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද, ඊලඟ සැත්කම පිලිබඳව විස්තරද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කලා.

ඉන්පසු නැවත උන්වහන්සේ නතර වී සිටි රාගම විහාරස්ථානයට වැඩම කලේ ඊලඟ දින උදෑසනද වෛද්‍ය පරික්ෂාව සඳහා නැවත රෝහලට වැඩම කරවීමේ බලාපොරොත්තුවෙන්.

දිවා රෑ පිං වැඩෙන පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

තෙරුවණ් සරණයි !

Project Code : 2018-A-OCT-0028

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 01)

අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය (Part 01)

Dilini Senadheera අක්කට අවශ්‍ය කලා අසරණ පවුල් කිහිපයකට උදව් කරන්න. විශේෂ හේතුවක්නම් නැහැ. අසරණ කෙනෙක්ට පිහිට වීම විතරයි ඇගේ අරමුණ වුනේ…

ඉතිං පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කරන පිංකමකට ඇයව දායක කරගත්තා. ඔවුන්ගේ ආශිර්වාද වල, ඔවුන් ලබාදුන් පිං වල හිමිකාරිය ඔබයි අක්කා. ඔබට බොහොමත්ම පිං…

ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය, බුද්ධි තේජස්‌ ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්‍රමාණ පුණ්‍යසම්පත්තියක්‌ ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක්‌ සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්‍යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක්‌ මඟුල් ලකුණු අනුහසින්
සවණක්‌ ඝණ බුදුරැස්‌ අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්‍රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්‍රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක්‌ ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්‍රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද

ඔබගේ සහ ඔබ පවුලේ සියලු දෙනාගේ
සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද
සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා·
ඔබ සියලු පැතුම් ඉටුවේවා·
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා·

තෙරුවණ් සරණයි !!!