loader image
Select Page
මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

Manel Mangalika නැන්දාගේ ආදරණීය මෑණියන්වූ සෝමාවතී මහත්මිය පසුගිය ජනවාරි 01 වෙනි දින මෙළොවින් සමුගත්තා. අදට මාස 3ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි ඉතාමත් උතුම් පිංකමක් සිදුකලා.

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා යටියන්තොටින් අම්මා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. ඉතිං අපි රෝදපුටුවකුත් අරන් යටියන්තොට ගියා ඒ අම්මා බලන්න.

මේ අම්මට වයස අවුරුදු 90යි. නම හාමිනෝනා. ඉන්නේ යටියන්තොට මීගහවල්ල ගමේ. ගොඩක් අසරණ පවුලක්. මේ අම්මට ඇවිදින්න බැහැ. ඇස් පේන්නෙත් නැහැ. වැසිකිළියටවත් යන්න විදිහක් නැහැ. බිම මෙට්ටයක තමා ඉන්නේ. වැටිලා කකුල කැඩිලා තියෙන්නේ. අපි යනකොට වේදනාවෙන් කෑගගහා හිටියේ. රෝද පුටුවේ වාඩි කරවන්න විදිහක් තිබුණේ නැහැ අනේ පුතේ මට රිදෙනවා නැගිටින්න බැහැ කියලා අඬනවා. අපි කීවා එහෙනම් පුතා ආවාට පස්සේ රෝද පුටුවෙන් වාඩි කරවයි කියලා.

අපි මේ අම්මට වැසිකිළි යන්න පහසු වෙන්න කොමඩ් එකක් සහිත රෝදපුටුවක් තමයි පරිත්‍යාග කලේ. ඒත් එක්කම සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාර පාර්සලයකුත් ලබාදුන්නා. අනේ නොසෑහෙන්න පිං දුන්නා ඒ අම්මා ඉකි ගගහා අඬ අඬා පිං දුන්නේ. මගෙන් ඇහුවා මං ගෙනාපු කෑම පාර්සලේ දැන් කන්න පුලුවන් දෙයක් තියේද කියලා. මං කීවා බිස්කට් තියේ කියලා. අනේ පුතේ මට පුතාගේ අතින් බිස්කට් එකක් කවන්න කීවා. මට ඇඬුනා ඒක කියනකොට. මං බිස්කට් පැකට් එක කඩලා බිස්කට් දෙකක් කැව්වා. මගේ අත ඉඹ ඉඹ පහත් වෙලා මට වඳින ගමන් කෑවේ.

මට මේ අම්මා පිළිබඳව විස්තර සහ ඡායාරූප ලබාදුන් Dhanu Hemachandra මිතුරියටත්, වැඩසටහනට ශ්‍රම දායකත්වය දැක්වූ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී Rohan Chathuranga මහත්මයාටත් Nalaka Sampath, Prasanna Sanjaya Nammuni Arachchi, Chalani Jinadari යන ධනූ මිතුරියගේ මිතුරු මිතුරියන්ටත් බොහොමත්ම පිං.

මේ සිදු කලා වූ පුණ්‍යකර්මයේ බලයෙන් ඔබගේ මවද, මීට වසර 13කට පෙර අද වගේ දිනකදී මෙලොවින් සමුගත් ඔබේ පුංචි අයියා, ෆ්‍රැන්සිස් අතුකෝරල මහතාද දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක් ලැබීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප සම්පත් තව තවත් වැඩිදියුණු වීමටත් අවසානයේ අමා මහා නිවන් සුවය අත් කරගැනීමටත් හේතු වාසනා වේවා.ඒ වගේම දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

Location : යටියන්තොට

ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා ෆේස්බුක් මිතුරෙක්ගෙන් රෝදපුටුවක් අවශ්‍ය කෙනෙක් නිවිතිගල ඉන්නවා කියලා.

මේ අයියට වයස අවුරුදු 31යි. උපතින්ම ආබාධිතයි. අසරණ පවුලක්. නිවිතිගල ඉන්නේ. අපි මේ තරුණයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා.

ඔහුගේ අම්මා සහ ඔහු නොසෑහෙන්න පිං දුන්නා. නොසෑහෙන්න ආශිර්වාද කලා. ඒ හැම ආශිර්වාදයකම සැබෑ හිමිකාරයා ඔබ සහ ඔබේ ආදරණීය බිරිඳ Inoka Sumithraarachchi අක්කයි. මං ඔයාලගේ ඡායාරූපත් පෙන්නුවා.

ඔබ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබ දෙපළගේ අනාගතය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා. රැකියාව, විවාහ ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමිවේවා. මතු ඉපදෙනා සෑම ආත්මයකදීම සැපවත් ආත්මයක් ලැබේවා… මේ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

මේ පිළිබඳව විස්තර ලබාදුන් අසේල මල්ලීටත්, විකුම් මිතුරාටත් බොහොම පිං.

Location : නිවිතිගල, රත්නපුර

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – කහගොල්ල

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම – කහගොල්ල

ඊයේ, මාර්තු 23 අපි අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 24 දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා.

කහගොල්ල සායන මධ්‍යස්ථානයේදී තමයි මේ වැඩසටහන සිදුකලේ. පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් කිහිප දෙනෙක්ගේ උදව්වෙන් වසම් කිහිපයක අඩු ආදායම්ලාභී පවුල් වල ගැබිණි මාතාවන් තෝරාගෙන මෙලෙස ආධාර ලබාදීම සිදුකලා. සම්බන්ධ වූ ගැබිණි මව්වරුන් උදව් කල සැමට බොහොමත්ම පිං දුන්නා.

දියණියගේ උපන්දිනය වෙනුවෙන් පාසලක දරුවන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Melani Devindya Sooriyaarachchi

දියණියගේ උපන්දිනය වෙනුවෙන් පාසලක දරුවන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Melani Devindya Sooriyaarachchi

පසුගිය පෙබරවාරි 28 වෙනිදා නුතාරා කිත්මිණී ප්‍රනාන්දු දියණියගේ තුන් වැනි උපන්දිනය. අක්කට ඕනකලා ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න.

බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව, ඇල්ලගම මහා විද්‍යාලයේ දරුවන් 300ක් පමණ ඉගෙනුම ලබනවා. විදුහල්පතිතුමා අපෙන් ඉල්ලා සිටියා හැකිනම් ජල ටැංකියක් ලබාදෙන ලෙස. ඉතිං අපි අද ලිටර් 1000ක ධාරිතාවයකින් යුත් ජල ටැංකියක් සහ අවශ්‍ය අනෙකුත් උපාංග පාසලට පරිත්‍යාග කලා. පාසලේ ගුරුමණ්ඩලයේ සියලුම ගුරුවරුන් බොහොමත්ම කෘතඥ වුණා මේ සිදුකල සත්කාරයට.

අක්කේ, ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ දියණිය නිදුක් නීරෝගී වේවා. ඉදිරි අනාගතය සාර්ථක වේවා. ඔබගේ පවුල් ජීවිතය සාර්ථක වේවා. අපල උපද්‍රව දුරු වේවා. ඔබගේ රැකියා ජීවිතය ඇතුලු සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා. තෙරුවණ් සරණයි.

ඔයාට සුභම සුභ උපන්දිනයක් චූටි දුවේ…

පාසල : ඇල්ලගම මහා විද්‍යාලය
ව්‍යාපෘති දිනය : 2017 මාර්තු 10

නිකිණි දූ බලන්න ආවා (Day 03 – දහවල්) | ප්‍රාර්ථනා Fund Project 02

නිකිණි දූ බලන්න ආවා (Day 03 – දහවල්) | ප්‍රාර්ථනා Fund Project 02

නිකිණි දුවට තාම උණ අඩුවෙලා නැහැ. අද discharge කරන එකක් නැහැ තවම අසනීප නිසා. මම ලන්ච් ටයිම් එකේ ආවේ. Nimasha Sewwandi නංගිත් ආවා දුවව බලන්න. නිමාෂා නංගිව අල්ලගෙන බබා හුරතල් වෙනවා. මූණ අල්ලගෙන කියනවා ඔයා සුදුවෙලා කියලා, හරියට කාලෙක ඉඳන් දන්නවා වගේ. දැන්නම් ආවහම යන්න හිතෙන්නෙත් නෑ. ආයේ රෑටත් බලන්න යනවා 8ට වගේ.

දුවට කතාකරන්න අවශ්‍ය නම් අද රෑ 8.30ට මං යනකොට දුව ඇහැරලා හිටියොත් Facebook Video Call අරන් දෙන්නම්. අවශ්‍ය අය කමෙන්ට් කරන්න.

උදව් කල ඔයාලට ගොඩක් පිං. ඔයාලා හැමෝමත් දුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්න…

නිකිණි දූ පිළිබඳව වැඩි දුරටත්…

මේ ඉන්නේ නිකිණි නේත්‍රා පැහැසරණි දුව. වයස අවුරුදු 4යි. මොන්ටිසෝරිත් යනවලු. උප්පත්තියෙන්ම කොන්දෙහි ගෙඩියක් සහ මොළයේ වතුර එකතුවෙන රෝගයෙන් ඉපදීලා ඉන්නේ. කොන්දේ ගෙඩිය ඉපදුන ගමන් ඉවත් කරලා. මේ ගෙඩියේ ප්‍රතිඵලයක් ලෙස ස්නායු තෙරපීම නිසා මේ දරුවට ඇවිදින්න බැහැ. මොළයේ සිට මුත්‍රාශයට බටයක් (Shunt) දාලා තියෙන්නේ මොළයේ එකතුවෙන වතුර ඉවත්වෙන්න. එය කිහිපවරක්ම ඉවත් කරන්න වුනාලු. වෛද්‍යවරු කියන්නේ අවුරුදු 12කට වඩා ජීවත්වෙන එකක් නැ කියලා. හේතුව මේ දුවගේ හිස් කබල එකතුවෙලා (හා වෙලා) නැහැලු . මොළය වර්ධනය වෙන විට එය හිස් කබළෙන් එළියට එනවලු.

පියා කාර්යාල සහයක රැකියාවක් කරන්නේ. මේ දරුවාගේ අසනීපය වෙනුවෙන් ලෝන් අරන් නිසා මාසෙකට රු.1,500ක් වගේලු පඩිය අතට එන්නේ දැන්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. තව පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ගොඩක් ආර්ථික අපහසුතා මැද දිවිගෙවන පවුලක්.

මේ දුවට නැවත ඇවිදින්න පුළුවන් වෙන්න අපි සැත්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා.