loader image
Select Page
අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

මේ පවුල ඉන්නේ බුත්තල මහගොඩයායේ. පොඩි පැල්පතක ජීවත් වෙන්නේ. තාත්තා ඔත්පල වෙලා ඉන්නේ. එදා වේල අපහසුවෙන් ගැටගහගන්න මේ අම්මට කවදාවත් දරුවන්ට බයිසිකලයක් අරන් දෙන්න වත්කමක් නැහැ. මේ පරිත්යාගය නිසා මේ දරුවන්ට ආයෙත් පාසලට කිලෝමීටර් ගණන් පයින් යන්න ඕන නැහැ. බලන්න මේ දරුවන්ගේ මූණුවල තියෙන සතුට. අම්මා නොසෑහෙන්න පිං දුන්නා.

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Harshini Galpottage-Don නංගී සහ Dilruk Dinesh අයියා ඔවුන්ගේ විවාහ ජීවිතයේ සොඳුරුතම දිනයක් සිහිපත් කරමින් මෙලෙස ඉතා වටිනා කටයුත්තක් සිදු කරන්නට යෙදුනා. පසුගිය ජනවාරි 21 වෙනි දිනට යෙදී තිබුණ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙනුයි මේ පිංකම කලේ.

රොමෑන්ටික් ඩිනර් එකක් තුළින් ලබන සතුට එම යුවළට පමණක් සීමා උනාට මේ බෙදා දුන්න සතුට ඒ අහිංසක හිත් බොහෝමයකට ලඟා කරගන්නට නොහැකි සතුටක්. මල් වගේ මේ පුංචි හිත් වලට මෙවන් සතුටක් ගෙනවිත් ලබා ගත් පින් බලයෙන් ඔබ දෙපළගේ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. පින්වන්ත කැදැල්ලක සොඳුරු විවාහ ජීවිතයක් ගෙවීමට මේ පින ආශිර්වාදයක්ම වේවා…

Happy 3rd Wedding Anniversary !

Donor : Harshini Galpottage-Don
Anniversary : January 21
Project ID : 2019-JAN-0022

පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

පරලෝ සැපත් වුණ මිත්තණිය සහ මාමා වෙනුවෙන් අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන චාමර සුරංග මිතුරා ඔහුගේ පරලෝසැපත් ආච්චි අම්මා ආර්.පී මේරිනෝනා මහත්මියට සහ මාමා ඉන්ඳ්‍රසේන ගමගේ මහතාට පිං පිණිස පිංකම් විශාල ප්‍රමාණයක් කරන්න දායකත්වය දැක්වූවා. මේ එක් පිංකමක්.

මහියංගනය, කුකුළාපොළ තමයි මේ අසරණ පවුල ඉන්නේ. පාසල් යන්න කිලෝමීටර් ගානක් පයින් යන්න ඕන. ඉතිං අපි තීරණය කලා මේ දරුවන්ට පාසල් යන්න බයිසිකලයක් ලබාදෙන්න.

දරුවන්ට බයිසිකලයක් අරන් දෙන්න වියදම් කරන්නට මිල මුදල් මේ අම්මලා තාත්තලා සතුව නැහැ. මේ දරුවන්ගේ දෙමාපියන් මත පැටවී ඇති ජීවිතේ බරත් එක්ක එවැන්නක් වෙනුවෙන් මුදල් යොදවන්නට හැකියාවක් ඔවුනට නැහැ.

ඉතින් එවන් වූ දරුවන් වෙනුවෙනුයි අපි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් ඉටු කරගැනීම උදෙසා මෙලෙස පාසල් යන්නට බයිසිකලයක් තිළිණ කරන්නට යෙදුනේ.

ඉතින් මේ පුංචි මල් කැකුළු වලට අනාගතය ජය ගන්න නිසි පරිදි අධ්‍යාපනය ලබන්නට අද දවසේ ඔබ විසින් දැක්වූ මෙම සහයෝගය හේතු කොටගෙන රැස් කරගත්තාවූ කුසලානිසංසයන්ගේ බලය ඔබ නැසීගිය නෑදෑයින් හට අත්වේවා. ඔවුන් මේ වන විට සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප වැඩි දියුණු වීමටත් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා ගැනීමටත් මේ පින මහෝපකාරී වේවා… මෙසේ යුතුකම් ඉටු කිරීම මෙන්ම සෙනෙහෙ සිතින් පරලොව සැප පිණිසඳ කටයුතු ඔබටත් මේ සිදු කළ පිනෙහි ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම උදා වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා….

හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

ඔබට මතකද ඔබ පුංචි කාලේ මුලින්ම බයිසිකලයක් ලැබුන දවස, ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු කාලය, මවපු හීන වගේම බයිසිකලය ලැබුනම හිතට දැනුන සතුට. මේ හීනය ඕනම පුංචි දරුවෙක් ලඟ තියෙනවා. බයිසිකලයක නැඟලා සෙල්ලම් කරන්න ලැබුනම දරුවෙක්ගේ සතුට ඔයාලා දැකලා ඇති. පුංචි කාලේ ඔයාලා විඳපු ඒ සතුට විඳින්න බැරි දරුවො ගොඩක් අපේ රටේ ඉන්නවා. නමුත් බයිසිකලයක් අරන් දෙන්න ඒ දරුවන්ගේ දෙමාපියන්ට පුළුවන්කමක් නැහැ. ආසාව තිබ්බත් නොලැබෙන බයිසිකලයක් දිහා බලලා දුක් වෙනවා ඇරෙන්න මේ දරුවන්ට කරන්න දෙයකුත් නෑ. ඉතින් අපිට පුළුවන් නම් මේ දරුවොත් අපේම දරුවෙක් කියලා හිතලා මේ අහිංසක ආසාව ඉෂ්ඨ කරලා දෙන්න මොනතරම් නම් වටිනවද ඒක.

මේ ඒ වගේ දරුවකුගේ හීනය සැබෑ කරමින් ට්‍රයිසිකලයක් පරිත්‍යාග කළ ෆේස්බුක් මිතුරෙක්. ඔහු විසින් තවත් මිතුරෙක් සමඟ සහයෝගයෙන් එක්ව සිදු කරගෙන යන ව්‍යාපාරයටත් පවුල් වල සෑම දෙනාටත් සෙත් පතා දරුවෙක් වෙනුවෙන් මෙසේ ට්‍රයිසිකලයක් පරිත්‍යාග කරනු ලැබුවා.

මෙවන් කුසලයක් සිදු කළ Amal Chamara මිතුරාටත් නම සඳහන් කිරීමට නොහැකි නමුත් මෑතකදී ආරම්භ කෙරූ Manahara Lanka Tours ව්‍යාපාර හවුල්කරු වන ඔබේ මිතුරාටත් මෙය ආශිර්වාදයක්ම වේවා… ඔබ දෙපළ ව්සින් මෑතකදී ආරම්භ කෙරූ මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා… කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. ඔබේ මිතුරාටත් ඔහුගේ පවුලේ සෑම දෙනාටත් මේ කුසලයේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවය සතුට සැනසුම වාසනාව සෞභාග්‍යය උදා වේවා…. සිතන පතන පැතුමන් සියල්ලක්ම ඒ අයුරින්න ඉටු වේවා….

එසේම Amal Chamara මිතුරාගේ දයාබර බිරිඳ Niroshi Rubasinghe මහත්මියටත්, Vajira Chandanee නැඟණියටත් ඇගේ දරුවාටත්, Rubasinghe Chamee දයාබර බිරිඳගේ වැඩිමල් සොයුරියටත් ඇගේ දරුවාටත්, ඔබගේ පවුලේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සෑම දෙනාටත් මෙය ආශිර්වාදයක්ම වේවා… නිදුක් නීරෝගී සුවය ඔවුන් සෑම දෙනාටම උදා වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම රැඳේවා….ඔබ සෑම සියළු දෙනාගේම ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම මෙම කුසලය හේතු වේවා….

මෙම පිංකමට මාගේ සහෝදරිය Nilanthi Edirisooriya ශ්‍රම දායකත්වය දැක්වූවා.

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මේ චූටි දූ ඉන්නේ මහියංගනය, දීකිරිගොල්ල. ආබාධිත දරුවෙක්. මේ ලඟකදී වැටිලා අත කැඩිලා. අපි අද මේ දරුවට Tricycle එකක් පරිත්‍යාග කලා. පොඩ්ඩා ගොඩක් සතුටු වුණා. අම්මයි, තාත්තයි ගොඩක් පිං දුන්නා. ගොඩක් අසරණ පවුලක්.

මේ බයිසිකලය අපි පරිත්‍යාග කලේ Vosanda Ruvith Digoarachchi පුතාගේ ඔක්තෝම්බර් 23 ඒ කියන්නේ අදට යෙදිලා තියෙන 3 වැනි උපන්දිනය වෙනුවෙන්.

අපිට මේ දරුවා සොයා දීම සම්බන්ධව දීකිරිගොල්ල ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිළධාරිණි රූපීකා පුෂ්පරාණි දිසානායක ෆේස්බුක් මිතුරියට බොහොම පිං.

සුභ උපන්දිනයක් චූටි පුතේ…

Ranmini Devendra Rodrigo අක්කාගේ ආදරණීය පුතු Aiden Ranon Seth පුතා වෙනුවෙන් චූටි දියණියකට තෑගි ගොඩක්…

Ranmini Devendra Rodrigo අක්කාගේ ආදරණීය පුතු Aiden Ranon Seth පුතා වෙනුවෙන් චූටි දියණියකට තෑගි ගොඩක්…

චූටි දූට අවුරුදු 2 1/2යි. අද අපි ඒ දුවට රෝද තුනේ පුංචි බයිසිකලයක් (Tricycle) පරිත්‍යාග කලා. ඒ විතරක් නෙමේ ලස්සනම ලස්සන ඇඳුමක්, තොප්පියක් සහ බේබි ක්‍රීම්, පුයර, සබන් සහ බේබි Cologne ද ලබාදුන්නා.

චූටි දූ ඒ ඇඳුම ඇන්ඳහම පුංචි සුරංගනාවියක් වගේ. හරිම ලස්සනයි. හරි ආසාවෙන් බයිසිකලයත් පැද්දා. අම්මා ගොඩක් පිං දුන්නා. ඒ සතුට ඔයා ෆේස්බුක් මැසෙන්ජර් වීඩියෝ කෝල් එක හරහා දැක්කනේ.

මේ ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මහියංගනය, ලොග්ගල්ලාඔය හරියේ තමයි මේ පවුල ඉන්නේ. ගොඩක් අසරණ පවුලක්. මහවැලියෙන් ස්ථීර ගෙවල් හදන්න දෙන්නේ නැහැලු. මේ ගේ ලඟට අලිත් එනවලු. මේ අයගේ ඉටිකොළ වලින් වටකල වැසිකිලියත් ඔබට ඡායාරූප වල දැකගන්න පුලුවන්. අන්ත අසරණ පවුලක්. රන්මිණි අක්කා සහ අයියා අද මේ අයට ගෙදරට විදුලියත් ලබාදුන්නා අපේ සමාජසත්කාර Solar Panel ව්‍යාපෘතිය යටතේ.

අක්කේ ඔයා මේ කල කුසලයේ ආනුභාවයෙන් Aiden පුතුගේ අනාගතය සාර්ථක වේවා. නිදුක් නීරෝගී වේවා. තෙරුවණ් සරණයි. දෙවි පිහිටයි.

පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

පුංචි පුතෙක්ගේ සිහිනයක් සැබෑකල Dilushi Fonseka-Silva ෆේස්බුක් මිතුරිය

ජීවිතයෙන් සමුගත් නූපන් පුතුට නිවන් සුව පතා පොඩි පුතෙක්ගේ සිහිනයක් වූ බයිසිකලයක් පරිත්‍යාග කිරීම

සමාජසත්කාර Dream Hotline එක ආරම්භ කරලා දැනට දින 3-4ක් වෙන්නේ. ඊයේ මට කෝල් එකක් ආවා පොඩි පුතෙක්ගෙන්. “ධනේෂ් මාමේ මට බයිසිකලයක් ඕන” කීවා. මං කීවා හා පුතේ මම අරන් එන්නම් කියලා. අද අපි ඒ පුතාව බලන්න ගියා. මේ අය ඉන්නේ අරණායක, සැලව කියන ගමේ. කිලෝමීටර් 1 1/2 ක් අති දුෂ්කර පාරක ලොකු කන්දක් නැග්ගා. බයිසිකලය දැකලා පොඩ්ඩට ගොඩක් සතුටුයි. ලංකාවේ වෙන කිසිම තැනක මේ තරම් ඉක්මනට උදව් ඉල්ලුවහම ලැබෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවනේ.
මේ පුතා 7 වසර, දුව 5 වසර. අම්මා බීඩි ඔතලා තමා මේ දරුවන්ව රැකගන්නේ. තාත්තා පොඩි කාලෙම දාලා ගිහින්. පොඩි මැටි ගෙදරක ඉන්නේ. ඉටිකොල වලින් වහපු වැසිකිළියක් තමා මේ අයට තියෙන්නේ.
මේ දරුවෝ දෙන්නා පාසල් යන්න ලොකු දුකක් විඳිනවා. උදේ පාන්දර 6.30ට තමා කන්ද බහින්න පටන්ගන්නේ. පහලට බැහැලා තවත් දුරක් පයින් යන්න ඕන පාසලට. ආයේ හවසට ගිනි ගහන අව්වේ පාසල් ඇරිලා එනකොට 3ත් පහුවෙනවා. හදිසියකට බෙහෙතක් ගන්නවත් යන්න විදිහක් නෑ. වැස්ස දවසට පහලට යන්න කොහෙත්ම බෑ. දින කිහිපයක්ම වැටිලා තුවාල කරගෙන. හැබැයි ආයෙත් මේ දුවටයි පුතාටයි පයින් යන්න ඕන නැහැ කන්ද පල්ලමේ ඉඳන්… දැන් ලස්සන බයිසිකලයක් තියෙනවනේ…
දරුවෝ දෙන්නටම හරිම සතුටුයි. අම්මත් ගොඩක් පිං දුන්නා…
අප්‍රේල් 10 වෙනිදා තමා දිලූෂි අක්කගේ දිලුක්ෂ පුතා මෙලොව එළිය දකින්නත් කලින් මෙලොවින් සමුගත්තේ. පුතාට පිං පිණිස තමා අක්කා මට මේ පිංකම කරන්න කීවේ….
අක්කේ ඔයා මේ කල කුසලයේ ආනුභාවයෙන් දිලුක්ෂ පුතා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප තව තවත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…
අපි මේ අයට තවත් දේවල් දුන්නා….
ඊලඟ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වන්න…

මතු සම්බන්ධයි…

මෙතෙක් කතාව…

සමාජසත්කාර Dream Hotline එකට ඊයේ කෝල් එකක් ආවා පොඩි දුවෙක්ගෙනුයි, පුතෙක්ගෙනුයි. පුතාට බයිසිකලයක් ඉල්ලුවා. දුවට ඉස්කෝලේ යන්න දේවල් ඉල්ලුවා. ඉතිං මම උදේම පිටත් වුණා අරණායක යන්න. මාවනැල්ලෙන් බයිසිකලයක් ගන්න බැලුවත් හොඳ ඒවා තිබුනේ නැහැ. ආයෙත් කෑගල්ලට ගිහින් එකක් අරන් අරණායක, සැලව කියන ගමට ආවා.පැය 6ක් ගියා එතනට යන්න. මේ කතා කල දරුවන්ගේ ගෙවල් තියෙන්නේ පාරෙන් කිලෝමීටර් 1 1/2ක් විතර දුර. අති දුෂ්කර පාරක කන්දක් මුදුනේ. බයිසිකලය කන්ද මුදුනට ගෙනියන්න ගමේ අයගෙන් උදව් ඉල්ලුවත් කවුරුවත් උදව්වට ආවේ නැහැ. අපි මේ දරුවන්ට තව පාසල් උපකරණ සහ මාසෙකට සෑහෙන්න වියළි ආහාර පාර්සලයකුත් අරන් ගියා. ඒ ඔක්කොමත් අරගෙන අපි කන්ද නැග්ගා. මට මේ දරුවෝ ගැන විස්තර කීව ෆේස්බුක් මිතුරියගේ නංගී පමණක් අපේ සහයට ආවා. අතරමග නැවති නැවති හිමින් සැරේ කූඩැල්ලෝ ගහන කැලේ මැඳින් අපි පැයක් විතර කන්ද නැගලා අන්තිමේදී නිවසට සේන්දු වුණා.
ගෙදරදි බයිසිකලයක් තියා පුළුන් කොට්ටයක්වත් උස්සන්නේ නැති මම අද මේක ගොඩක් දුර උස්සගෙන ගියා… මට මහන්සියි තමා, ඒත් පවුලක්, දරුවෝ දෙන්නෙක් ජීවිත කාලයක් සතුටු වෙනවනේ මගේ පැයක දෙකක මහන්සිය නිසා…
කොපමණ මහන්සි වුනාද කියලා දැනගන්න අපි ගත්ත ඡායාරූප සියල්ලක්ම මම අප්ලෝඩ් කලා…