loader image
Select Page
අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර), දිනිති (3 වසර). අන්ත අසරණ පවුලක්. කුළී වැඩ කරලා ජීවත්වෙන්නේ. දරුවන්ගේ අම්මා සමහර දවස් වලට බයිට් කම්පැනියක වැඩ කරනවා. ඒත් දරුවන්ව බලාගන්න ඕන නිසා අම්මා ඒ රස්සාවට යන එක නවත්වල තියෙන්නේ. අපි ඒ අම්මව මුණගැහුණ වෙලාවේ අම්මා කිව්වේ ගෙදර ඉඳන් මොනවා හරි ස්වයංරැකියාවක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා කියලා. ඉතිං අපි මේ පවුලට මහන මැෂිමක් පරිත්‍යාග කලා.

අපි මේ පවුල බලන්න ගියේ මීට සති කිහිපයකට පෙරයි. මහන මැෂිමක් ලබාදුන්නොත් ස්වයංරැකියාවක් කරන්න පුලුවන්ද කියලා අපි ප්‍රථමයෙන් විමසුවා. ඇය ඒ පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කලා. අපි ඔවුන්ට මහන මැෂිම ලබාදෙන්න දෙවරක් ගියත් ඔවුන් නිවසේ සිටියේ නැහැ. දුරකතන නොමැති නිසා සම්බන්ධ කරගන්න ගොඩක් අපහසුයි.

මොවුන් ඉන්නේ තනි කාමරයේ පුංචි පැලක. ඇත්තෙන්ම මේ මැෂින් එක ගේ ඇතුලට දැම්මට පස්සේ ඔවුන්ට මේ නිවස ඇතුලේ එහෙට මෙහෙට යන්නවත් ඉඩ නැති වෙනවා. පසුගිය සතියේ අපි ඔවුන්ට මෙලෙස ජුකී මැෂිමක් පරිත්‍යාග කලා.

ප්‍රථමයෙන්ම ඇය පාපිසි, යට සායවල්, ගවුම් ආදිය මැසීමට බලාපොරොත්තු වනවා. බඩල්කුඹුර, බුත්තල, ඔක්කම්පිටිය පොළවල් වල ඇයට ඒවා විකීමට හැකි බව ඇය පැවසුවා.

මේ ජුකී මැෂින් එක ක්‍රියා කරන්නේ විදුලියෙන් වුනත් දැන් ඇය මුහුණ පාන ලොකුම ප්‍රශ්නය වන්නේ ඇගේ නිවසට විදුලිය නොමැති විමයි. දැනට ඇය විදුලිය ලබාගන්නේ අසල නිවසකින් කුඩා වයර් එකක් මාර්ගයෙන්. ඇය කෙසේ හෝ මහන මැෂිම වෙනුවෙන් විදුලිය ලබාගන්නට බලාපොරොත්තු වන බව අපට පැවසුවා.

ඇයත් දරුවෝ දෙදෙනාත් නොසෑහෙන්න සතුටු වුණා. මේ පරිත්‍යාග සිදුකල මිතුරාට ඇය බෙහෙවින් පිං දුන්නා. අපි ඔහුගේ ඡායාරූපයක්ද ඔවුන්ට පෙන්වූවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, එගොඩවත්ත, හොරමණ්ඩිය කියන ගමේ. දුලනි සමන්ලතා (28), නුවන් මධුරංග (31) තේජාන් මදූෂ (3 වසර) සමලි විමන්සා (අවුරුදු 1 1/2) තව මේ ගෙදර දුලනි මහත්මියගේ අම්මා, තාත්තා සහ පුංචිද ජීවත් වෙනවා. හැමොම ජීවත්වෙන්නේ මහත්තයා දැනට කුලීවැඩ කරලා හම්බ කරන එකෙන්. තාත්තටත් සීනි හැදිලා ඉන්නේ.

ගොඩක් අසරණ පවුලක්. ඇය හැකි වෙලාවට අසල මැෂිමක් තියෙන ගෙදරකට ගිහින් ඒකෙන් රෙදි මහලා විකුණනවා. ඒත් ඉතිං හැමදාම එහෙම කරනවට පිට ගෙවල් වල මිනිස්සු කැමති නෑනේ. ඉතිං අපි ඇයට මැෂිමක් දෙන්නම් කීවහම ඇයගේ ඇස් වලින් කඳුලු වැටුනා සතුටට.

ඉතිං අපි ඇයට පසුගිය දිනක මහන මැෂිමක් පරිත්‍යාග කලා. කිලෝමීටර් ගාණක් අති දුෂ්කර පාරක ගම ඇතුලට යන්න ඕන මේ අයගේ ගෙදරට. ඇයත් පවුලේ සියලුම දෙනාත් නොසෑහෙන්න සතුටු වුණා. මේ පරිත්‍යාග සිදුකල මිතුරාට ඇය බෙහෙවින් පිං දුන්නා. අපි ඔහුගේ ඡායාරූපයක්ද ඔවුන්ට පෙන්වූවා.

මේ පරිත්‍යාග කොපමණ වටිනවාද යන්න මේ ඡායාරූප වල ඔවුන්ගේ මුහුණු වල සතුටෙන් ඔබට පැහැදිලි වනවා ඇති.

දැන් ඇයට කාටවත්ම අතපාන්න ඕන නැහැ. ඇයටම ගෙදර ඉඳන් රෙදි මහලා විකුණන්න පුලුවන්. ඒ ආදායමෙන් පවුල නඩත්තු කරන්න පුලුවන්. අසරණ මනුස්සයෙක්ට කෑමට දෙයක් දෙනවට වඩා වටිනවා තමන්ගේ මහන්සියෙන් නැගී සිටින්න ක්‍රමයක් හදලා දෙන එක.

මේ පිංකම සිදුකලේ පසුගිය ජනවාරි 30 වෙනි දිනට උපන්දිනය යෙදී තිබූ සුධීර සහන් මිතුරා. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Sandaruwan Silva අයියා…

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Sandaruwan Silva අයියා…

සඳරුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අපි බුත්තලදී මුණගැහුණු මේ අඩුආදායම්ලාභී ගැබිණි මාතාව වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා.

ඒ අම්මා ගොඩක් පිං දුන්නා. මේ පිංකමට අයියට විශේෂ හේතුවක්නම් නැහැ. කාටහරි උදව්වක් කරන්නයි අයියට අවශ්‍ය වුණේ.

ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබ විවාහ වී සිටීනම් පවුල් ජීවිතය සාර්ථක වේවා. ඉදිරි අනාගතයේදී නීරෝගී, පිංවන්ත දරු සම්පත් හිමි වේවා. අපල උපද්‍රව දුරු වේවා. ඔබගේ රැකියා ජීවිතය ඇතුලු සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා. තෙරුවණ් සරණයි.

Donor : Sandaruwan Silva
Project ID : 2019-FEB-0052

ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Rasika Madhuwanthi Jayasekara අක්කාගේ ආදරණීය දියණිය Amelie දූගේ උපන්දිනය වෙනුවෙන් අක්කට අවශ්‍ය කලා ඇයට සෙත්පතා රෝද පුටුවක් පරිත්‍යාග කරන්න.

මේ තාත්තගේ නම බී. මල්හාමි. වයස අවුරුදු 86. අංශභාගය හැදිලා. ඉන්නේ පූනෑව, පලුගොල්ලෑව ගමේ. ගොඩක් අසරණ පවුලක්.

අපි මේ තාත්තට රෝද පුටුවක් පරිත්‍යාග කලා. ඒ තාත්තා ගොඩක් පිං දුන්නා. මං අක්කගෙත්, දුවගෙත් ඡායාරූප ඒ තාත්තට පෙන්නුවා.

තමන්ගේ දරුවෙක්ගේ උපන්දිනය වෙනුවෙන් අර්ථවත් යමක් කරන්න හැම අම්මා කෙනෙක්ම පෙළඹෙන්නේ නෑ. බහුතරයක් අම්මලාට ඕන අහවල් කෙනාගේ දරුවගේ උපන්දින සාදයට වඩා ලොකුවට තමන්ගේ දරුවගේ උපන්දිනය සමරන්න. ඒක දකින් තව අම්මා කෙනෙක් ඊටත් වඩා ඉහළින් කරන්න උත්සහ කරනවා මිස එහි අරුත්සුන් බව වටහාගෙන අර්ථවත් යමක් කරන්න හිතන්නේ බොහෝම සුළු පිරිසක්. එවන් මව්වරු හරිම දුලබයි. නමුත් රසිකා අක්කා දූගේ උපන්දිනය වෙනුවෙන් මෙලෙස අර්ථවත් යමක් සිදු කළා.

මේ සියලුම පරිත්‍යාගයේ ආනුභාවයෙන් ඔබේ දියණියගේ ජීවිතයත් ආලෝකමත් වේවා… අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… එමෙන්ම ඔබේත් ඔබේ දියණියගේත් පවුලේ සැමගේත් ජීවිතයට නිදුක් නීරෝගී සුවය උදා වේවා… කරන කියන කටයුතු සියල්ලක්ම සිතන පතන අයුරින්ම ඉෂ්ඨ වේවා… සතුට සැනසුම සෞභාග්‍යය සපිරි වාසනාවන්ත දිවියක් වෙනුවෙන් මේ පින ආශිර්වාදයක්ම වේවා..

මේ පිංකමට ශ්‍රම දායකත්වය දැක්වූ මහේෂ් අයියාට සහ ලහිරු මල්ලීටත් බොහොමත්ම පිං.

සුභ උපන්දිනයක් දුවේ…

Donor : Rasika Madhuwanthi
Birthday : February 12
Project ID : 2019-FEB-0044

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Madara Amarasinghe අක්කාගේ ආදරණීය පියාණන් Sunil Amarasinghe මහතාට සහ ඇයගේ ආදරණීය බිරිඳට ඒ කියන්නේ මධාරා අක්කගේ අම්මට අවශ්‍ය කලා සැමට සෙත්පතා රෝද පුටුවක් පරිත්‍යාග කරන්න.

මේ අම්මගේ නම බින්ගු එතිනි, ඉන්නේ මැදවච්චිය, පූනෑව, පලුගොල්ලෑව කියන ගමේ. වයස අවුරුදු 87යි. ලෙස්සල වැටිලා දැන් ඇවිදින්න බෑ. ගොඩක් අසරණ අම්මා කෙනෙක්.

අපි ඒ අම්මට පසුගිය සතියේ රෝද පුටුවක් පරිත්‍යාග කලා. බලන්න ඒ අම්මගේ ඇස් වල කඳුළු වල ගැබ් වුණ ඒ සතුට. තාත්තගේ ෆොටෝ එක පෙන්වනකොට වැන්දා ෆෝන් එකට. මං වඳිනකොට මටත් වැඳලා. මම පස්සේ ඡායාරූප බලනකොට තමා ඒක දැක්කේ. අඬ අඬා පිං දුන්නේ.

අසරණ වී සිටින අයෙක් වෙනුවෙන් රෝදපුටුවක් පරිත්‍යාග කරමින් මේ රැස් කරගත්තාවූ කුසලයේ ආනිසංසයන් තාත්තාටත්, අම්මාටත්, පවුලේ අනෙක් සියලුම දෙනාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම ඔබ සැමගේ ජීවිත වලට ලැබේවා…. කරන කියන කටයුතු සියල්ලක්මත් පතන පැතුමන් සියල්ලක්මත් ඒ අයුරින්ම ඉටු වේවා…. මේ සිදු කළා වූ පුන්‍යකර්මයේ ආශිර්වාදයන් ඔබ දෙපළගේ දරුවන්ටද හිමි වේවා… ඔවුන්ගේ අනාගතයද, ඔබගේ මුනුපුරණ්, මිණිබිරියන්ගේ ජීවිතද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…

මේ පිංකමට ශ්‍රම දායකත්වය දැක්වූ මහේෂ් අයියාට සහ ලහිරු මල්ලීටත් බොහොමත්ම පිං.

Donor : Sunil Amarasinghe
Project ID : 2019-JAN-0032