by Danesh Edirisooriya | Jan 17, 2021 | Electricity Need
වර්ෂාව සහ කැබිතිගොල්ලෑව – මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය ලබාදුන්නා. පවුල් බොහොමයක් මග ඇරුණා කැබිතිගොල්ලාව රෝහල කොරොනා නිසා වසාදැමූ නිසා. ඒ ප්‍රදේශයේ බොහොමයක් පවුල් නිරෝධායනය වෙමින් සිටියා….
කරන්න බලාපොරොත්තු වූ ව්‍යාපෘති වලින් 10%ක් පමණ සිදුකර නැවත එන්නට සිදුවුණේ අධික වර්ෂාව නිසා.
වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න….
by Danesh Edirisooriya | Jan 17, 2021 | Shelter / Home
වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා ආසන්නයේ පවුල් කිහිපයක් නිරෝධායනය කරලා. ඉතිං දවස් කිහිපයකට වැඩ නතර කලා…
මේ නිවසට මුලින් සෝලර් පැනල් හරහා විදුලිය ලබාදෙන්න කටයුතු සූදානම් කලත්. නිවස හැදුව නිසා අපි එය වෙන පවුලකට මාරු කරන්න කටයුතු කලා.
වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
by Danesh Edirisooriya | Jan 17, 2021 | Water Needs
පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය
වැඩි විස්තර බලාපොරොත්තු වන්න…
by Danesh Edirisooriya | Jan 17, 2021 | Disabled Person
ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය
වැඩි විස්තර බලාපොරොත්තු වන්න….
by Danesh Edirisooriya | Dec 31, 2020 | ආධාර ඉල්ලීම්
සමාජසත්කාර පදනමේ ඩයලොග් දුරකථන අංකය : 0773366488
PCR යන්ත්‍රය වෙනුවෙන් පරිත්‍යාග කරන්න අතේ සල්ලි නැතිද? ෆෝන් එකෙත් Credit නැතිද? හැබැයි ඔබ නොදැනුවත්ව Foodcity හරහා භාණ්ඩ මිළදී ගැනීමේදී හෝ ඔබ භාවිතා කල ඩයලොග් සේවාවන් වෙනුවෙන් ඔබට StarPoints හිමිවී තිබෙන්නට පුලුවන්. රු.5ක් වුවද පරිත්‍යාග කල හැක.
දෙසැම්බර් 31 දිනට පෙර එය ඔබට අපගේ පදනමේ ඩයලොග් අංකයට රීලෝඩ් එකක් ලෙස පරිත්‍යාග කල හැක.
- MyDialog App ඇප් එකෙහි Reload තෝරා Pay for Others තෝරා 0773366488 අංකය යොදන්න. ඉන්පසු Pay Using යන්නෙහි Payment Method එක ලෙස Star Points යන්න තෝරන්න. ඉන්පසු Pay බොත්තම ඔබා Star Points ශේෂයෙහි රු.100ක් ඉතුරුවන ලෙස ඔබට ඉතිරි ශේෂය පරිත්‍යාග කල හැක.
- නොඑසේනම් StarPoints ඇප් එකෙහි Redeem Points තෝරා Type ලෙස Dialog Mobile/Mobile Broadband ලෙස තෝරන්න. Mobile Number ලෙස 0773366488 යොදන්න. ඔබ කැමති මුදල ටයිප් කර Redeem බොත්තම ඔබන්න.
සැ.යු : ඔබ එම මුදල් අප වෙත පරිත්‍යාග කරන්නේ පදනමේ අධ්‍යක්ෂ වරයාගේ දුරකථන අංකය වෙතටයි. ඔබ පරිත්‍යාගය සනාත කරන ස්ක්‍රීන් ශොට් එකක් 0773366488 අංකයට WhatsApp කරන්න. ජනවාරි 1 වෙනි දින එම අගයට සමාන මුදල් අගයක් අප පදනමේ බැංකු ගිණුමකට හුවමාරු කර එය වෙබ් අඩවියේ යාවත්කාලීන කරනු ලැබේ.
මේ සේවාව සඳහා ඩයලොග් ආයතනය සමඟ කිසිදු ගිවිසුමකට එළඹ නැති අතර StarPoint හරහා Dialog දුරකතන අංක රීලෝඩ් කරන සේවාව භාවිතා කරනු ලැබේ. ඉදිරියේදී අප පදනම ඩයලොග් ආයතනය සමඟ ගිවිසුමකට එළඹ ඇප් එක හරහා සෘජුව පරිත්‍යාග කරන්න පහසුකම ලබාගැනීමට බලාපොරොත්තු වේ. ඔබගේ අවධානය වෙනුවෙන් ප්‍රවර්ධන සඳහා ලෝගෝ භාවිතා කර ඇත.
උපදෙස් සඳහා අමතන්න 0701 10 10 10
විනිවිදභාවය වෙනුවෙන් ඔබේ Star Point පරිත්‍යාගය සඳහා රිසිට් පතක් ලබාගන්න පහත ලින්ක් එකට යන්න. තැන්පත් කල සියලුම දෙනාගේ විස්තර වෙබ් අඩවියේ පළවනු ඇත.
https://supportsrilanka.lk/donate-a-pcr-machine/
An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය