loader image
Select Page
ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔයාලට මතකයිනේ සේනපුර ඉන්න මේ අම්මයි, දුවයි. ඊයේ (මාර්තු 21) අපි මේ අයට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කලා. අම්මා ගොඩක් සතුටෙන්. උදව් කල හැමෝටම පිං දුන්නා. මහන්සි වෙලා පාගන්න බැරි නිසා අපි මෝටරයකුත් සවි කරලා දුන්නේ. ව්‍යාපාරයක් මූලිකව ආරම්භ කිරීමට අවශ්‍ය රෙදි, නූල් සහ තවත් අවශ්‍ය රෙදි මිළදී ගැනීමට රු.5,000ක මුදලක්ද ලබාදුන්නා.
මේ අම්මා පහුගිය දවසක රෝහලේ නතර වුණානේ ප්‍රතිකාර ගන්න, දැන් යම් සුවයක් තියෙනවා. රෝදපුටුවෙන් නැගිටලා හැරමිටියක් ආධාරයෙන් ඇවිදින්න පුලුවන්.
දුවට සාමාන්‍ය පෙළ විභාගය සඳහා සතුටුදායක ප්‍රතිඵල නැති නිසා උසස් පෙළ කරන්න බැහැ. නැවත සාමාන්‍ය පෙළ කරන එක ගැනත් විශ්වාසයක් තියන්න අපහසුයි. සමහරවිට ඇය ඇඳුම් මැසීම ස්වයංරැකියාවක් ලෙස ඉදිරියට කරගෙන යාවි.

විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ඊයේ මම අනුරාධපුර සෙනෙහසේ චාරිකාවේ සිටින අතරතුර මට ෆේස්බුක් එකේ ඉන්න ග්‍රාම නිළධාරිතුමියකගෙන් ඇමතුමක් ආවා අපේ සමාජසත්කාර One Call | Does All Hotline එකට. ඇය මගෙන් ඉල්ලා සිටියා ඇගේ වසමේ ඉන්න අසරණ ඔත්පල තාත්තා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. මම ඇයගෙන් එම පියාගේ සහ නිවසේ ඡායාරූප ඉල්ලුවා. ඇය විනාඩි 10ක් ඇතුලත වයිබර් ඔස්සේ ඡායාරූප එව්වා. ඒවා අපි ලබාදෙන නිර්ණායක වලට ගැලපෙන නිසා මම එසැනින් රෝද පුටුවක් Online Order* කර අදාල නිවසට Deliver කරන ලෙස අදාල ආයතනයට පැවසුවා. පැය 2ක් ඇතුලත රෝදපුටුව එම නිවසට රැගෙන ආ අතර මමත් අයියාත් ඒ තාත්තා බලන්න එම නිවසට ගියා. අපිට සහයට තලාව, ඉහලගම වසමේ ග්‍රාම නිළධාරිතුමිය Priya Darshi Dissanayaka, ආර්ථික සංවර්ධන නිළධාරිනිය සහ සමෘද්ධි සංවර්ධන නිළධාරිතුමා පැමිණියා. ඒ තාත්තාගේ වයස අවුරුදු 71, ආච්චි ඉන්නවා, තව ආබාධිත පුතෙකුත් ඉන්නවා. ගොඩක් අසරණයි. ඉතිං අපි ඒ තාත්තාට රෝද පුටුව පරිත්‍යාග කලා. ගොඩක් පිං දුන්නා.
මේ රෝද පුටුව පරිත්‍යාග කලේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි මගේ ෆේස්බුක් එකේ මිතුරියක් වන Tharanga Sauer අක්කාගේ ස්වාමීපුරුෂයා වන Udo Grey මහත්මයාගේ 57වන ජන්ම දිනය නිමිති කොටගෙන. මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ඔහුත්, තරංගා අක්කාත් නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා…
ඔහුගේ උපන්දිනය තිබුනේ ජනවාරි 15 වෙනිදා. මට ටික කාලයක් ගියා සුදුසු කෙනෙක් සොයාගන්න. සිදුවූ ප්‍රමාදය පිළිබඳව මා තරංගා අක්කාගෙන් සමාව අයදිනවා.

Spenden einen Rollstuhl für 57 Geburtstagsfeier

Location : ඉහලගම, තලාව

Mihiri Samarawardana අක්කාගේ උපන්දිනය වෙනුවෙන් පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක් පූජා කිරීම

Mihiri Samarawardana අක්කාගේ උපන්දිනය වෙනුවෙන් පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක් පූජා කිරීම

පසුගිය පෙබරවාරි 21 වැනිදා මිහිරි අක්කාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් ඇය මගෙන් ඉල්ලා සිටියා කාට හෝ රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා. මම එහිදී තෝරාගත්තේ අපේ “One Call | Does All” Hotline එකට ලැබුණු එක ඇමතුමකින් ඉල්ලා සිටියා හදිසි අනතුරක් නිසා තාවකාලිකව ආබාධිත වූ පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක් අවශ්‍යයි කියා. ඒ පොඩි හාමුදුරුවෝ උඩක් ඉඳන් පහළට වැටිලා.
ඉතිං අද අපි නුවර, බරිගම, ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙනේ ඉගෙනුම ලබන අවුරුදු 6ක් වයසැති සෙනරත්ගම මංගලානන්ද පොඩි හාමුදුරුවන්ට රෝද පුටුවක් පූජා කලා.
ඔයා නිසා අද ඉඳන් පොඩි හාමුදුරුවන්ට පහසුවෙන් ඉන්න පුලුවන්. පිරිවෙන් එන්නත් පුලුවන්. තවත් වයස අවුරුදු 5ක පොඩි හාමුදුරු නමක් තමයි දැන් අනික් හාමුදුරුවන්ව රෝදපුටුවේ තියාගෙන තල්ලු කරගෙන යන්නේ…
ලොකු හාමුදුරුවෝ ඔයාට ආශිර්වාද කලා.
ඔයා මේ කලාවූ මහඟු පුණ්‍යකර්මය හේතුවෙන් මතු උපදින්නා වූ හැම ආත්මයකම සැපවත් ආත්මයක් ලැබේවා. ඔබටද ඔබේ ස්වාමිපුරුෂයා සහ දරුවන්ද නීරෝගිමත් වේවා.

ඔයාට සුභම සුභ උපන්දිනයක් මිහිරි අක්කේ…