by Danesh Edirisooriya | Mar 30, 2017 | Disabled Person
පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා ෆේස්බුක් මිතුරෙක්ගෙන් රෝදපුටුවක් අවශ්‍ය කෙනෙක් නිවිතිගල ඉන්නවා කියලා.
මේ අයියට වයස අවුරුදු 31යි. උපතින්ම ආබාධිතයි. අසරණ පවුලක්. නිවිතිගල ඉන්නේ. අපි මේ තරුණයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා.
ඔහුගේ අම්මා සහ ඔහු නොසෑහෙන්න පිං දුන්නා. නොසෑහෙන්න ආශිර්වාද කලා. ඒ හැම ආශිර්වාදයකම සැබෑ හිමිකාරයා ඔබ සහ ඔබේ ආදරණීය බිරිඳ Inoka Sumithraarachchi අක්කයි. මං ඔයාලගේ ඡායාරූපත් පෙන්නුවා.
ඔබ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබ දෙපළගේ අනාගතය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා. රැකියාව, විවාහ ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමිවේවා. මතු ඉපදෙනා සෑම ආත්මයකදීම සැපවත් ආත්මයක් ලැබේවා… මේ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.
මේ පිළිබඳව විස්තර ලබාදුන් අසේල මල්ලීටත්, විකුම් මිතුරාටත් බොහොම පිං.
Location : නිවිතිගල, රත්නපුර
by Danesh Edirisooriya | Mar 24, 2017 | Pregnant Mother
ඊයේ, මාර්තු 23 අපි අඩුආදායම්ලාභී ගැබිණි මාතාවන් 24 දෙනෙක් වෙනුවෙන් දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන සියලුම දේවල් සහ බිළිඳාට අවශ්‍ය කරන දේවල් අඩංගු පාර්සල් පරිත්‍යාග කලා.
කහගොල්ල සායන මධ්‍යස්ථානයේදී තමයි මේ වැඩසටහන සිදුකලේ. පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියන් කිහිප දෙනෙක්ගේ උදව්වෙන් වසම් කිහිපයක අඩු ආදායම්ලාභී පවුල් වල ගැබිණි මාතාවන් තෝරාගෙන මෙලෙස ආධාර ලබාදීම සිදුකලා. සම්බන්ධ වූ ගැබිණි මව්වරුන් උදව් කල සැමට බොහොමත්ම පිං දුන්නා.
by Danesh Edirisooriya | Mar 10, 2017 | Water Needs
පසුගිය පෙබරවාරි 28 වෙනිදා නුතාරා කිත්මිණී ප්‍රනාන්දු දියණියගේ තුන් වැනි උපන්දිනය. අක්කට ඕනකලා ඒ වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න.
බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාව, ඇල්ලගම මහා විද්‍යාලයේ දරුවන් 300ක් පමණ ඉගෙනුම ලබනවා. විදුහල්පතිතුමා අපෙන් ඉල්ලා සිටියා හැකිනම් ජල ටැංකියක් ලබාදෙන ලෙස. ඉතිං අපි අද ලිටර් 1000ක ධාරිතාවයකින් යුත් ජල ටැංකියක් සහ අවශ්‍ය අනෙකුත් උපාංග පාසලට පරිත්‍යාග කලා. පාසලේ ගුරුමණ්ඩලයේ සියලුම ගුරුවරුන් බොහොමත්ම කෘතඥ වුණා මේ සිදුකල සත්කාරයට.
අක්කේ, ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ දියණිය නිදුක් නීරෝගී වේවා. ඉදිරි අනාගතය සාර්ථක වේවා. ඔබගේ පවුල් ජීවිතය සාර්ථක වේවා. අපල උපද්‍රව දුරු වේවා. ඔබගේ රැකියා ජීවිතය ඇතුලු සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා. තෙරුවණ් සරණයි.
ඔයාට සුභම සුභ උපන්දිනයක් චූටි දුවේ…
පාසල : ඇල්ලගම මහා විද්‍යාලය
ව්‍යාපෘති දිනය : 2017 මාර්තු 10