loader image
Select Page
ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද සඳා | Project 03 (Badulla)

ෆේස්බුක් මිතුරියක් නිසා ජීවිතදානය ලද සඳා | Project 03 (Badulla)

සඳා කියන්නේ කාටවත් නෙමේ මේ ලස්සන වැස්සිට. අපි මේ කිරි එළදෙනව මරණයෙන් බේරගෙන බදුල්ල, වීරියපුර අසරණ පවුලකට පරිත්යාග කලා. ඒ ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පුංචි තනි කාමරයක ජීවත් වෙන්නේ. ඒ දරුවෝ හැමෝම ගොඩාක් සතුටු වුණා.

මගේ ෆේස්බුක් මිතුරියක් වන සජී(Sajee Wanigasekara) මිතුරිය තමයි මේ කිරි එළදෙන බේරගන්න මූලික දායකත්වය දැක්වූයේ. ඇයගේ ව්යාපාර කටයුතු දියුණුව බලාපොරොත්තුවෙන් තමයි ඇය මේ පිංකම සිදුකලේ.

අපි මේ අයට කිරි ගවයා පරිත්යාග කරලා එය ගිවිසුමක් ඔස්සේ ජීවිතාන්තය දක්වා සඳාව ආදරෙන් බලාගන්න පොරොන්දුව පිට තමයි භාරදුන්නේ. පුතාලා තුනදෙනාගේ සතුටනම් කියලා නිම කරන්න බෑ… හැබැයි ඉතිං සඳා පොඩ්ඩක් දගකාරයි. අනින්නමයි බලන්නේ. ඒත් ටික කාලෙකින් දරුවන්ට හුරුවේවි…

නංගී, ඔබ මේ කලාවූ කුසලයේ බල මහිමයෙන් ඔබගේ මෙන්ම ඔබගේ ව්යාපාර කටයුතු දිනෙන් දිණ දියුණුවට පත්වේවා. ඒ වගේම ඔබගේ පවුලේ සියලු දෙනාගේ අනාගතය සාර්ථක වේවා. ඔබ පවුල් ජීවිතය සාර්ථක වේවා. අපල උපද්රව දුරු වේවා. සිතන පතන සියලුම යහපත් පැතුම් ඉටුවේවා.

අපිට පහත ලින්ක් එකේ ඉන්න මිතුරු මිතුරියෝ හැමෝම උදව් කලා මේ කිරි ගවයා අපිට සොයාගන්න යන්න, භාර දෙන්න පවුලක් සොයන්න යන්න, අනෙකුත් රාජකාරී කටයුතු සිදුකරගන්න සහ අපි මිළදී ගත්ත තැන ඉඳන් මේ ගෙදරට අරන් එන්න යන වියදම් සහ අනෙකුත් වියදම් සඳහා. ඔබ සියළුම දෙනාටද බොහොමත්ම පිං… මේ අහිංසකයින් හෙලන සුසුමක් පාසාම ඔවුන්ගේ ජීවිත රැක දුන් ඔබට අප්රමාණ පින් රැස් වේවා…. මේ කුසලයේ ආනිසංස ඔබටත් ඔබේ පවුලේ සෑම දෙනාටමත් ආශිර්වාදයක්ම වේවා…

https://www.facebook.com/photo.php?fbid=1208715715832436&set=a.209961979041153.47065.100000820578834&type=3

රැස්කලා වූ සියළු පිං සුපින්වත් ඔබ සැමට ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. දැකබලා සතුටු වූ ඔබ සියළු දෙනාටද මේ පිං එක සේ අනුමෝදන් වෙත්වා.

Family Details :
Mother’s Name : T.H.M. Rangani Lasanthika
Father’s Name : D.M. Thilak Randeniya
Address : No 43, Weeriyapura, Badulla
Contact No : 0726115715

Back to School Project – 2017 | සද්ධානන්ද විද්‍යාලයේ දරු දැරියන්ට ෆේස්බුක් මිතුරි මිතුරියන්ගෙන් නව පාසල් වාරයට පාසල් උපකරණ

Back to School Project – 2017 | සද්ධානන්ද විද්‍යාලයේ දරු දැරියන්ට ෆේස්බුක් මිතුරි මිතුරියන්ගෙන් නව පාසල් වාරයට පාසල් උපකරණ

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි.

පාසල පිහිටා තිබෙන්නේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් 3ක් පමණ දුරින් ඉතා දුෂ්කර ප්‍රදේශයකය. පාසල පිහිටියේ කුඩා කඳු ගැටයක් මත වන අතර මීටර් 250ක් පමණ මාර්ගයේ සිට උඩට පඩිපෙළක් නැඟ පාසලට පැමිණිය යුතුය.

අද මේ පාසලේ දරුවන් 88 දෙනෙක්ට ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ උදව්වෙන් 2017 වර්ෂය සඳහා පාසල් උපකරණ බෙදාදීම සිදුකලා. සම්බන්ධ වූ ඔබ සැමට මේ දරුවන්ගේ මුවඟට සිනාවක්, දෙමාපියන්ගේ හිත්වලට සැනසීමක් ගෙන දීම පිළිබඳව අනේක වාරයක් පිං…

Back to School Project – 2017

Project Date : 2017 Januaray 03
District : Rathnapura
Direct Beneficiaries : 88
Donated Items : All the Stationaries including books, pens, pencils, mathematics boxes, pastals, School Bags, Shoe Vouchers, Lunch Boxes & Water Bottles

ප්‍රාථමික පාසලක පොඩ්ඩන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Thilini Nimanka Perera

ප්‍රාථමික පාසලක පොඩ්ඩන්ට පානීය ජල පහසුකම් සැපයූ ෆේස්බුක් මිතුරිය | Thilini Nimanka Perera

රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දොලොස්වල ග්‍රාමයේ දුෂ්කර පාසලක් වන සද්ධානන්ද විද්‍යාලයේ සිසුන් 95ක් පමණ අධ්‍යාපනය ලබනවා. අඩු ආර්ථික හැකියාවක් ඇති මෙම අහිංසක දරුවන්ගේ දෙමාපියන් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් පවා සපයා දෙන්නේ ඉතාම අපහසුවෙනි.

මෙම පාසලට පැවති මූලික ගැටලුවක් වූයේ දරුවන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොතිබීමයි. අද දිනයේදී සමාජසත්කාර කණ්ඩායමේ සහභාගීත්වයෙන් තිළිණි නිමන්කා අක්කාගේ දායකත්වයෙන් පාසලට අවශ්‍ය ලීටර් 1000ක ධාරිතාවයකින් යුත් ජල ටැංකියක් සහ අවශ්‍ය අනෙකුත් උපාංග පරිත්‍යාග කිරීම සිදුකලා.

පාසල පිහිටා තිබෙන්නේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර් 3ක් පමණ දුරින් ඉතා දුෂ්කර ප්‍රදේශයකය. පාසල පිහිටියේ කුඩා කඳු ගැටයක් මත වන අතර මීටර් 250ක් පමණ මාර්ගයේ සිට උඩට පඩිපෙළක් නැඟ පාසලට පැමිණිය යුතුය. දෙමාපියන් කිහිපදෙනෙක් වතුර ටැංකිය පහල සිට උඩට ගෙන ඒමට සහය වූවා.

මූලික අවශ්‍යතාවයක් වූ මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට අප මූලිකත්වය ගෙන කටයුතු කිරීම ගැන විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයද, දෙමාපියන්ද පිං දුන්නා. පොඩ්ඩන්ට සහ විදුහල්පතිතුමාට මා අක්කාගේ ඡායාරූපයක් පෙන්වූ අතර වයිබර් ඇමතුමක් හරහා කතා කරන්නද අවස්ථාව සලසා දුන්නා. විදුහල්පතිතුමා තිළිණි අක්කාට අනේකවාරයක් පිං දුන්නා.

ඔයාට ගොඩක් පිං අක්කා…
ඔබ මේ කලා වූ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටද හේතු වාසනා වේවා. තෙරුවණ් සරණයි !

මේ සඳහා උදව් කල රුවන් මල්ලීටද ගොඩක් පිං…

පාසල : රත්නපුර, නිවිතිගල ශ්‍රී සද්ධානන්ද විද්‍යාලය
ව්‍යාපෘති දිනය : 2017 ජනවාරි 03
Project Code : 2017-R-0001
Donor : තිළිණි නිමංකා

Thushani Perera Gallege අක්කාගේ අම්මාට, ලොකු අම්මාට සහ මහප්පාට නීරෝගීසුව පතා සහ ආච්චි අම්මාට නිවන්සුව පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

Thushani Perera Gallege අක්කාගේ අම්මාට, ලොකු අම්මාට සහ මහප්පාට නීරෝගීසුව පතා සහ ආච්චි අම්මාට නිවන්සුව පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

මේ සීයාට වයස අවුරුදු 86ක්. අංශභාගය හැදිලා. ගොඩක් අසරණ සීයා කෙනෙක්. අද අපි මේ සීයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා. වාහනය නවත්වලා අපිට කිලෝමීටර් 1/2කට වඩා පයින් ඉතා දුෂ්කර කඳු පල්ලම් සහිත පාරක රෝද පුටුව තල්ලුකරගෙන, උස්සගෙන ගියා.

අපි මේ සීයට රෝදපුටුව දුන්නහම සීයා ඇඬුවා සතුටට. ඒ පිනම ඇති අක්කා. ඒ පිනේ හැබෑ අයිතිකාරිය ඔයයි තුෂානි අක්කේ.

මේ සීයව අපිට හොයලා දුන්නේ දීකිරිගොල්ල ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිළධාරීතුමිය රූපීකා පුෂ්පරාණි දිසානායක මිතුරිය. ඇයටත් පිං.

මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ඔබ සහ ඔබ පවුලේ අම්මා, ලොකු අම්මා සහ මහප්පා ඇතුළු සියලු දෙනා නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. ආච්චි අම්මාටද නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා…

Location : මහියංගන

Hirosha Nakandala මිතුරාගේ බිරිඳට සෙත්පතා ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කිරීම

Hirosha Nakandala මිතුරාගේ බිරිඳට සෙත්පතා ලීටර් 1000ක ජල ටැංකියක් පූජා කිරීම

හිරෝෂ අයියාගේ ආදරණීය බිරිඳ සුභාෂිණි නාකන්දල අක්කාට සෙත්පතා අයියා මගෙන් ඉල්ලා සිටියා අඩුපහසුකම් සහිත පන්සලකට වතුර ටැංකියක් පූජා කරන්න කියා. පසුගිය දවස් කිහිපයේම අපි ඒ සඳහා සුදුසු පන්සල් සෙව්වත් ලැබුණේ නැහැ. ඉතිං අද අපි ඒ වෙනුවෙන්ම දියතලාව සිට කිලෝමීටර් 156* ක් මග ගෙවාගෙන මොණරාගලට ගියා. මග දෙපස පන්සල් සොයමින් යන අතරතුර අපට මේ ථේරපුත්තාභය ආරාණ්‍යය ඇස ගැටුණා.

මේ ආරණ්‍යය පිහිටා තිබෙන්නේ කුඹුක්කන, කලවැල්ආරගම. ඉතාමත් මනරම් නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන්නේ. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 2ක් පමණ ඇතුලට ගොස් ඉන්පසු තවත් මීටර් 400ක් පමණ කැලේ ඇතුලට යන්න ඕන. පඩි 100ක් පමණ කන්ද මුදුනට නගින්න ඕන. ඉතාමත් අඩු පහසුකම් සහිත ආරණ්‍යයක්. ස්වාමීන්වහන්සේලා 3 දෙනෙක් වැඩ සිටිනවා. ඉතාමත් සිල්වත් ස්වාමීන්වහන්සේලාලු. මස් මාංශවත් වළඳන්නේ නැහැලු. අපි මුලින්ම උන්වහන්සේගෙන් විමසා සිටියා ජල ටැංකියක අවශ්‍යතාවය තියේද කියලා. දැනට ජල ටැංකියක් නැති නිසා සමිතියෙන් ටැංකියක් ඉල්ලගෙනලු පාවිච්චි කරන්නේ. ඉන්පසු නැවතත් අපි පහලට ඇවිත් ටවුන් එකෙන් ලොරියක් හයර් කරගෙන ටැංකියක් අරගෙන ආවේ අසල හාර්වෙයාර් නොමැති නිසා.

අපි ස්වාමීන්වහන්සේට පැවසුවා සුභාෂිණි අක්කා දැනට දරුවෙක් ලැබෙන්න ඉන්නේ ඒ වෙනුවෙන් ආශිර්වාද පතා තමයි හිරෝෂ අයියා මේ පිංකම කරන්නේ කියලා.

උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා. මෙය දිවා රෑ පිං වැඩෙන පිංකමක් සහ එමගින් මේ ආරණ්‍යයට සැලසෙන සෙත ගැනද ජල බිඳුවක් බිඳුවක් ගානේ පිං ලැබෙනවා කියලත් උන්වහන්සේ දේශනා කලා.

ඔබ මේ කරගත්තාවූ කුසල කර්මයේ හේතුවෙන් අක්කාට නීරෝගී දරු සම්පත් හිමිවේවා. මේ පින නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…

තෙරුවණ් සරණයි…