loader image
Select Page

ලබන පෙබරවාරි 20 වෙනිදා තමයි නිකිණි දුවගේ සැත්කමට දින ලබාදීලා තියෙන්නේ. ඉතිං අපි අද දුවත්, දුවගේ අම්මා, තාත්තා සහ ආච්චි අම්මා සමඟින් කැලණිය පන්සලට ආවා.

අපි නිල් මානෙල් මල් 50ක් පූජා කලා. ඒ වගේම පහන් දල්වා, සුවඳ ඳුම් පූජාවක්ද සිදුකලා.
කිරිපිඬු පූජාවක්ද සිදුකලා. මේ හැම දෙයක්ම අවසානයේ පැතුවේ පෙර අකුසල කර්ම යටපත් වී, දුවගේ සැත්කම සාර්ථක වෙන්න කියාය.

සැත්කම සාර්ථක වීමට ඔබගේ ආශිර්වාදයද මේ දියණියට ලබාදෙන්න…

උදව් කරන්න පොරොන්දු වූ, උදව් කල මාගේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ට අනේක වාරයක් පිං…

ඔබ තවමත් පොරොන්දු වූ මුදල් ලබාදී නැත්නම් හැකි ඉක්මනින් මුදල් තැන්පත් කර දැනුම් දෙන්න.

ශ්රී සෞභාග්ය ධෛර්ය, බුද්ධි තේජස්‌ ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්රමාණ පුණ්යසම්පත්තියක්‌ ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්යවත් අරහත් සම්ය සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක්‌ මඟුල් ලකුණු අනුහසින්
සවණක්‌ ඝණ බුදුරැස්‌ අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක්‌ ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද

ඔබගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා·

සැත්මක සාර්ථක වේවා…

දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා· තෙරුවණ් සරණයි…

සමාජසත්කාර ආශිර්වාද පූජා | ප්රාර්ථනා Fund

නිකිණි දුව පිළිබඳව වැඩි දුරටත්….

මේ ඉන්නේ නිකිණි නේත්රා පැහැසරණි දුව. වයස අවුරුදු 4යි. මොන්ටිසෝරිත් යනවලු. උප්පත්තියෙන්ම කොන්දෙහි ගෙඩියක් සහ මොළයේ වතුර එකතුවෙන රෝගයෙන් ඉපදීලා ඉන්නේ. කොන්දේ ගෙඩිය ඉපදුන ගමන් ඉවත් කරලා. මේ ගෙඩියේ ප්රතිඵලයක් ලෙස ස්නායු තෙරපීම නිසා මේ දරුවට ඇවිදින්න බැහැ. මොළයේ සිට මුත්රාශයට බටයක් (Shunt) දාලා තියෙන්නේ මොළයේ එකතුවෙන වතුර ඉවත්වෙන්න. එය කිහිපවරක්ම ඉවත් කරන්න වුනාලු. වෛද්යවරු කියන්නේ අවුරුදු 12කට වඩා ජීවත්වෙන එකක් නැ කියලා. හේතුව මේ දුවගේ හිස් කබල එකතුවෙලා (හා වෙලා) නැහැලු . මොළය වර්ධනය වෙන විට එය හිස් කබළෙන් එළියට එනවලු.

පියා කාර්යාල සහයක රැකියාවක් කරන්නේ. මේ දරුවාගේ අසනීපය වෙනුවෙන් ලෝන් අරන් නිසා මාසෙකට රු.1,500ක් වගේලු පඩිය අතට එන්නේ දැන්. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. තව පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ගොඩක් ආර්ථික අපහසුතා මැද දිවිගෙවන පවුලක්.