loader image
Select Page
හිසට සෙවනක් වැඩසටහන

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා ආසන්නයේ පවුල් කිහිපයක් නිරෝධායනය කරලා. ඉතිං දවස් කිහිපයකට වැඩ නතර කලා…

මේ නිවසට මුලින් සෝලර් පැනල් හරහා විදුලිය ලබාදෙන්න කටයුතු සූදානම් කලත්. නිවස හැදුව නිසා අපි එය වෙන පවුලකට මාරු කරන්න කටයුතු කලා.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

දරුවෝ 3 දෙනෙක් එක්ක කඩාවැටුණ ගෙදරක ඉන්න අසරණ පවුලට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් ගොඩනගන සෙනෙහසේ නිවහන – හිසට සෙවනක් 9 (ජූලි 17 ප්‍රගතිය)

නිවස කපරාරු කර අවසන්. පේමන්ට් එකේ 20%ක් විතර අවසන් කරන්න තියේ. බිම සිමෙන්ති දාන්න තියේ. දොර, ජනෙල් සවි කරන්න තියේ. දරුවෝ ගොඩක් සතුටෙන් ඉන්නේ.
වැඩ කෙරෙන වේගය ගැනනම් මගේ සතුටක් නැහැ. ඒත් ඉතිං මට ඒ වෙනුවෙන් කරන දෙයක් නැහැ. සතිපතා වියදම් කරගෙන බලන්න එන්න වෙනවා. මොකද එක සතියක් නාවොත් වැඩ නතර වෙනවා. ;-(

මෙතෙක් කතාව…
මේ පවුල ඉන්නේ මීරිගම. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පොඩි දූට වයස අවුරුදු 8යි, ලොකු දූට 13යි, පුතාට 18යි. පුතා මේ අවුරුද්දේ උසස්පෙළ කරනවා.
වට්ටි වියලා තමයි දරුපවුල රැකගන්නේ. තාත්තට රැකියාවක් කරගන්න බැහැ. ගහකින් වැටිලා.
ගොඩක් අසරණ පවුලක්. හිටිය ගේ වැස්සට කඩා වැටිලා. දැන් පුංචි පැලක මේ 5 දෙනා ජීවත් වෙන්නේ.
දරුවෝනම් හරි සතුටෙන් ඉන්නේ. වැස්සට කලින් නිවස හදාගන්න පුලුවන් වුන එක ලොකු දෙයක්… ඒ හැම දෙයක්ම ෆේස්බුක් මිතුරෝ නිසයි…

Location : Mirigama

හිසට සෙවනක් 2 – (ජූනි 3 ප්‍රගතිය) දැහැමිගම සෙනෙහසේ නිවහන (Part 01)

හිසට සෙවනක් 2 – (ජූනි 3 ප්‍රගතිය) දැහැමිගම සෙනෙහසේ නිවහන (Part 01)

මේ ගෙදර වැඩ වලින් බොහොමයක් දැන් අවසන්.
දැන් දුවලා දෙන්නා කාමර බෙදාගෙන ඉන්නේ…
හරි සතුටෙන් ඉන්නේ…. ගෙදර අය පදිංචි වෙන්න කලින් කොබෙයියෙක් කූඩුවක් හදාගෙන… 
මේ පවුලේ සතුටට හේතුව ෆේස්බුක් මිතුරෝ….
අනික් හැම දේම වගේ කලු, සුදු සහ නිල් වර්ණයෙන් මේ නිවසත් වර්ණ ගැන්වෙනවා…
වැඩසටහනට දායක්වෙන්න පොරොන්දු වුණ මිතුරන්ගෙන් 40%ක් පමණ තමයි තවම අපට පොරොන්දු වුණ මුදල් ලබාදීලා තියෙන්නේ. ඔබට හැකි වුණ විගස ඒ මුදල් තැන්පත් කර දැනුම් දෙන්න.

Location : දැහැමිගම, ජයන්තිපුර

හිසට සෙවනක් 12 | හිමාල අයියගෙනුයි, නයෝමි අක්කගෙනුයි [Nayomi N Himala] දරුවන් 6ක් ඉන්නා පවුලකට නිවහනක් (මැයි 18)

හිසට සෙවනක් 12 | හිමාල අයියගෙනුයි, නයෝමි අක්කගෙනුයි [Nayomi N Himala] දරුවන් 6ක් ඉන්නා පවුලකට නිවහනක් (මැයි 18)

මේ පවුල ඉන්නේ දියතලාව වෙළන්හින්න, කහඹිලිය ගමේ. පවුලේ දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් පාසල් යනවා. 5 වෙනි පුතා උසස් පෙළ අවුරුද්දක් ගිහින් නතර වෙලා ආර්ථික ප්‍රශ්න නිසා. සාමාන්‍ය පෙළ A3, B2, C3 ක් අරන් තියෙනවා. අනික් දරුවෝ හැමෝමත් දක්ෂ දරුවෝ. පංතියේ 3, 7, 12 වගේ වෙලා තියෙනවා. දරුවගේ පියා කඩේක උදව්වට යනවා. අම්මා මල් පාත්ති වල තණකොල ගලවනවා කුලියට. ඉන්න ගෙදර ගරා වැටිලා. ඒකත් හදාගෙන තියෙන්නේ සමෘද්ධියෙන් දීපු රු.40,000කින් සහ ගමේ ගෙවල් වලින් ඉවත් කල උළුවහු, ජනෙල් දාලා. එක කාමරයයි තියෙන්නේ. කුස්සියට ඉටිරෙදි වටකරලා තියෙන්නේ.
හිමාල අයියයි, එයාගේ තාත්තයි, නයෝමි අක්කගේ තාත්තයි අද මේ අයව බලන්න ආවා. ඉතිං අපි මේ අයටත් නිවසක් හදන්න ආරම්භ කලා….
හිමාල අයියගේ පුංචි දෝණි තිණූෂි දුවට වසරක් පිරීම නිමිත්තෙන් තමා මේ ව්‍යාපෘතිය කරන්නේ. ඔබ දෙපළට බොහොම පිං.

අපි මේ අයට ඉදිරියේ ස්වයංරැකියාවකට සහ දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. පුතාට වසරක් යන තෙක් විෂයන් 4කට පෞද්ගලික පංති යන්නත් අපි උදව් කරනවා.

හිසට සෙවනක් 6 – (මැයි 16 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන සහ වැසිකිලිය

හිසට සෙවනක් 6 – (මැයි 16 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන සහ වැසිකිලිය

අපේ අයියා දවස් ගාණක් කොළඹනේ හිටියේ. ඊට පස්සේ කුරුණෑගල, නුවරඑළිය හරහා අද සවස ආපහු ගෙදර ආවා. නමුත් මහන්සි නොබලා අයියා ගෙදර බලන්න ගියේ ඒක ඔහුගේ වගකීමක් නිසා. වැස්ස කියලා අපි කවදාවත් ප්‍රොජෙක්ට් නැවැත්තුවේ නැහැ. මතකනේ සමාජසත්කාර බුද්ධ මන්දිරය හදපු මාස දෙකේම වැස්සා. නමුත් අපි වැඩ කලා. අවශ්‍යතාවය තියේනම් කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි. ඉටිරෙදි වහගෙන අද වැඩ කලේ කට්ටිය.
දැන්නම් ගෙදර පුදුම ලස්සනක් තියෙන්නේ. දැක්කහම ආස හිතෙනවා. ඉක්මනට යන්න ඕන බලන්න.

Location : ජයමිණිපුර, දියතලාව

හිසට සෙවනක් 6 – (මැයි 08 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන…

හිසට සෙවනක් 6 – (මැයි 08 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන…

කපරාරුව අවසන්. අද බිම බදාම කපලා අවසන් කරනවා. පොළොව සම්පූර්ණයෙන්ම කළු සිමෙන්ති වලින් මදිනවා. නිවස වටේටම පේමන්ට් එකක් සහ ඉදිරිපස වැරැන්ඩා එකක් සහිතව ගොඩ නගන්නේ. සියල්ල කලු සිමෙන්ති වලින් මදින අතර නිවස සුදු සහ නිල් වර්ණයෙන් වර්ණ ගැන්වෙනවා. දියතලාවට හොඳටම වැස්ස. නමුත් අද රෑ මම කොළඹ යන්න ඕන නිසා යන්න කලින් බලන්න ආවා.

Location : ජයමිණිපුර, දියතලාව