loader image
Select Page
වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය – Donating Dry Rations 03

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය – Donating Dry Rations 03

මීට වසර 5කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ චන්ද්‍රා රාජකරුණා මහත්මියගේ දියණිය වන Manikya Rajakaruna අක්කා මෑණියන් හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීමද සිදු කලා.

මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන් බොහෝම අසරණයි. ඔවුන්ගේ දරුවන්ට පවා ඒ අයගේ පවුල් වල කුස පුරවන්න හැකියාවක් නැහැ. එවන් පවුල් කිහිපයකටම අපි වියළි ආහාර පරිත්‍යාග කරා. ඒ මව්වරු, පියවරු, දරුවන් ඉන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ මෑනියන් හට අනුමෝදන් වේවා….

මේ පිං බලයෙන් ඇයගේ පරලොව ජීවිතය සැපයෙන් සැපයට පත් වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…

එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා දායකත්වය දක්වා සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් මානික්‍යා අක්කා ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම දරුවන් සිටීනම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය (Donating Dry Rations) – Part 03

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් මෑණියන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරිය (Donating Dry Rations) – Part 03

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sachini Ahinsika මිතුරිය පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, ගුණවතී මහත්මිය සිහිපත් කරමින් අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කලා.

මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන් බොහෝම අසරණයි. ඔවුන්ගේ දරුවන්ට පවා ඒ අයගේ පවුල් වල කුස පුරවන්න හැකියාවක් නැහැ. එවන් පවුල් කිහිපයකටම අපි වියළි ආහාර පරිත්‍යාග කරා. ඒ මව්වරු, දරුවන් ඉන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ මෑනියන් හට අනුමෝදන් වේවා….

මිය පරලොව යන්නට යෙදුනාවූ ඒ මෑණියන් මේ පින් අත්වීමෙන් යම් සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප වැඩි දියුණු වේවා… යම් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලැබීමට මේ පින් හේතු වේවා…

එමෙන්ම මෑනියන් වෙනුවෙන් මෙවන් පරිත්‍යාගයක් සිදු කෙරූ සචිනි නංගීටත් මේ සිදුකළා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගි සුවය උදා වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම රැඳේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා…. කරන කියන සෑම දෙයක්මද රැකීරක්ෂා කටයුතුද ව්‍යාපාරය හෝ අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…