loader image
Select Page
උපන්දිනය වෙනුවෙන් අත්තම්මා කෙනෙකුට කිහිළිකරු යුගලයක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

උපන්දිනය වෙනුවෙන් අත්තම්මා කෙනෙකුට කිහිළිකරු යුගලයක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

Irosha Sajeewani Kristhogu Baduge ෆේස්බුක් මිතුරිය විසින් සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදී තිබෙන ඇගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත අය වෙනුවෙන් අත්වාරු, කිහිලිකරු හෝ රෝදපුටුවක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඇය අනතුරකට මුහුණ පා එයින් පසුව ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් දෙපා යුගලක ඇති වටිනාකම ඈ හොඳින්ම දන්නා බවත් අපට පැවසුවා. ඒ අනුව ඇගේ උපන්දිනය වෙනුවෙන් එම ඉල්ලීම ඉටු කරමින් මේ අසරණ ආබාධිත ආච්චි අම්මා වෙනුවෙන් කිහිළිකරු යුගලයක් පරිත්‍යාග කරා.

මේ ආච්චි අම්මාට එක කකුළකට බර දීලා ඇවිදින්න බැහැ. පොඩි දුරක් අමාරුවෙන් ඇවිද්දත් ගොඩක් දුර ඇවිදිද්දි වේදනාව එනවා කියලා ඈ අපට කිව්වා. කිහිළිකරු නිසා දැන් පහසුවෙන් යන්න පුළුවන් කියලා ඇය බොහෝම සතුටින් පිං දුන්නා.

ඒ වගේම මේ අත්තම්මාට චීත්තයක්ද පරිත්‍යාග කරා. ඇය ඉන්නෙත් බොහෝම අසරණ තත්වයක නිසා අළුත් චීත්තයක් ගන්න මුදල් ඈ ළඟ නැහැ. අරන් දෙන්න දරුවන්ටත් හැකියාවක් නැහැ. ඉතින් ලැබෙන මේ වගේ පරිත්‍යාගයකින් මිස මෙවන් තිළිණයක් කිසිදා ලැබෙන්නෙ නෑ මේ මව්වරුන්ට. ඒ නිසාමදෝ ඇගේ ඇස් වල කඳුළු පිරී තිබෙන අයුරු අපි දුටුවා. ඒ සතුටු කඳුළු බව අප හොඳින්ම දන්නවා.

“දෙපා වල ඇති වටිනාකම මම හොඳින්ම දන්නවා. ඒ නිසා මට දෙපා වාරු නැති අසරණ අයට පිහිටක් වෙන්න ඕන.” මේ ඇගේ පැතුමයි. උපන්දිනය දවසේ පාටි වෙනුවට ඇයට අවශ්‍ය උනේ අසරණ කෙනෙක්ට පිහිට වෙන්නයි. එයයි සැබෑම ආශිර්වාදය. මේ උතුම් කටයුත්ත තුළින් රැස් කරගත් කුසලයන්ගේ බලයෙන් ඔබේ ශාරීරික පීඩාවන් සියල්ලක්ම වහා පහව යේවා… නිදුක් නීරෝගී සුවය උදා වේවා…. දෙපා වලට වාරුවක් සවියක් වූ සේම මෙම කුසලයෙන් ඔබේ දිවිමඟට අවැසි ශක්තිය ධහිරිය ලැබේවා…. සිතන පතන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම ඔබේ දිවියට උදා වේවා….

ඔබට සුභ උපන්දිනයක් අක්කේ…

මේ පිංකමට මගේ සහෝදරිය Nilanthi Edirisooriya ශ්‍රම දායකත්වය දැක්වූවා.

උපන්දිනය වෙනුවෙන් සීයා කෙනෙකුට Walker එකක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

උපන්දිනය වෙනුවෙන් සීයා කෙනෙකුට Walker එකක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරිය

Irosha Sajeewani Kristhogu Baduge ෆේස්බුක් මිතුරිය විසින් සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදී තිබෙන ඇගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත අය වෙනුවෙන් අත්වාරු, කිහිලිකරු හෝ රෝදපුටුවක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඇය අනතුරකට මුහුණ පා එයින් පසුව ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් දෙපා යුගලක ඇති වටිනාකම ඈ හොඳින්ම දන්නා බවත් අපට පැවසුවා. ඒ අනුව ඇගේ උපන්දිනය වෙනුවෙන් එම ඉල්ලීම ඉටු කරමින් මේ අසරණ ආබාධිත සීයා වෙනුවෙන් walker එකක් පරිත්‍යාග කරා.

මේ සීයාගේ කකුළේ ආබාධයක් තියෙනවා. කකුල් වලට බර දීලා ඇවිදින්න අමාරුයි මේ සීයටත්. ඒත් දැන් ලැබුන අත්වාරුවෙන් පහසුවෙන් ඇවිදින්න පුළුවන්.

“දෙපා වල ඇති වටිනාකම මම හොඳින්ම දන්නවා. ඒ නිසා මට දෙපා වාරු නැති අසරණ අයට පිහිටක් වෙන්න ඕන.” මේ ඇගේ පැතුමයි. උපන්දිනය දවසේ පාටි වෙනුවට ඇයට අවශ්‍ය උනේ අසරණ කෙනෙක්ට පිහිට වෙන්නයි. එයයි සැබෑම ආශිර්වාදය. මේ උතුම් කටයුත්ත තුළින් රැස් කරගත් කුසලයන්ගේ බලයෙන් ඔබේ ශාරීරික පීඩාවන් සියල්ලක්ම වහා පහව යේවා… නිදුක් නීරෝගී සුවය උදා වේවා…. දෙපා වලට වාරුවක් සවියක් වූ සේම මෙම කුසලයෙන් ඔබේ දිවිමඟට අවැසි ශක්තිය ධහිරිය ලැබේවා…. සිතන පතන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම ඔබේ දිවියට උදා වේවා….

ඔබට සුභ උපන්දිනයක් අක්කේ…

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට පිහිටවන්න දායකවෙන්න

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට පිහිටවන්න දායකවෙන්න

අපි ඊයේ ඔක්කම්පිටිය මාලිගාවිල ප්‍රදේශයේ ගැබිනි මවුවරුන්ට ප්‍රසූතියේදි අවශ්‍ය වන හා බිළිදාට අවශ්‍ය වන උපකරණ කට්ටල ලබා දිමේ වැඩසටහනකට සහභාගි වූවා. එහිදි ආගමික වතාවත් සිදුකිරීමට වැඩම කල ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය රාජමහා විහාරස්ථානාධිපති ස්වාමීන් වහන්සේ අපෙන් ඉල්ලීමක් සිදු කලා. ඒ වයෝවෘධ මෙහෙණින්වහන්සේ නමකට උදවු කිරීමක් සම්බන්ධව.

ඉතින් ඊයේ හවස මාත් අපේ අයියාත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමග ඒ මෙහෙණින් වහන්සේ බැහැ දැකීමට ගියා. දුශ්කර මාර්ගයක පැමිණ තව දුරක් පයින් ගොස් තමයි මේ ආරණ්‍යයට ලගා වූයේ. එය කටුමැටි වලින් සාදන ලද ටකරං සෙවිලිකර ඇති අවම පහසුකම් වත් නොමැති ඉතා කුඩා ආරණ්‍යයක් බව අප දුටුවා. මෑනියන් ඉතාම වයසයි. අවුරුදු 90කට කිට්ටු බව ඇයට උපස්ථාන කිරීමට සිටින නැන්දා කෙනෙක් අප සමග පැවසූවා.ඒ වගේම මෑණියන්ගේ ඇස් පෙනීමද නොමැති අතර ඇවිදිමටද නොහැකි බව පවසා සිටියා. ඒ ආරණ්‍යය තුළට ගිය අපට ගොඩාක් දුක සිතුනේ එහි තුල පහසුකම් කිසිවක් නැතිබව දුටු විටයි.

ඉතින් මේ මෑණියන් වෙනුවෙන් කුමන හෝ උදවුවක් සිදු කල හැකිනම් එය විශාල පින්කමක් බව අපත් සමග වැඩම කල ස්වාමීන් වහන්සේ දේශනා කර සිටියා. එම නිසා ඊයේ දිනයේ අප මොණරාගල නතරවුණේ මෑණියන්ට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන්.
උදවු ලැබිය යුතු ස්ථානයක් බව අපට හොදටම වැටහි ගිය නිසා පහත සදහන් උදවු සිදු කිරිමට සිතා ගත්තා.

මෑණියන්ට සැතපීමට ඇදක් හා මෙට්ටයක් ලබා දීම (වියදම රු :- 23,950/=)
භාණ්ඩ තැන්පත් කිරීමට රාක්කයක් ලබා දිම
( රු :- 6,500/=)
දානය ලැබීම අවම මට්ටමක පවතින නිසා මාසයක් පමණ දානය පිළියෙළ කිරීමට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය පාරසලයක් ලබා දීම :- (රු :- 11,000/=)
ඇද ඇතිරිලි, පොරෝන, කොට්ට, කොට්ට උර, තුවා, මදුරු දැල් ආදී උපකරණ කට්ටියක් ලබා දීම :- ( රු:- 7,000/=)
චාර්ජ් කල හැකි විදුලි පන්දමක් ලබා දීම (රු :- 2,150/=)
වතුර පුරවා තැබිය හැකි බකට් එකක් හා සිවුරු ආදිය දමා තැබිය හැකි බාස්කට් එකක් ලබා දිම :- ( රු :- 2,450/=)
උණු වතුර බෝතලයක් ලබා දීම ( රු :- 1550/=)
රෝද පුටුවක් :- (භාරගෙන ඇත – Thushani Perera Gallege)
ආරාමය පිළිසකර කිරීම :- (භාරගෙන ඇත)
ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් :- රු.5,500

සම්පූර්ණ වියදම : රු.60,100

ශාසනයට මහත්වූ සේවාවක් කරන ලද මේ මෑනියන්ට උදවු කිරිමේ පිංකමට එකතු වීමට කැමති ඔබට කෙරෙන බැතිබර ආරාධනාවයි මේ.

Post Date : 2017 September 24
Project Code : 2017-MON-0053
මුදල් තැන්පත් කල හැකි අවසාන දිනය : 2017 October 8 (දින 14ක් ඇතුලත)

සැ.යු : මීට පෙර ව්‍යාපෘති වලදී ඇති වූ අකර්මණ්‍යතාවයන් නිසා ඔබ මීට පෙර ව්‍යාපෘති වලට සම්බන්ධ වී නොමැති කෙනෙක්නම් මුදල් තැන්පත් කර දැනුම්දෙන තෙක් ඔබගේ ආධාර මුදල ගණනය කරනු නොලැබේ. අතිරික්ත මුදල් ඔබට කැමති ඕනෑම අවස්ථාවක වෙනත් ව්‍යාපෘතියකට යෙදවිය හැක.

How to Donate :

Introducing Donate via Pay & Go Kiosk (හඳුන්වාදෙන නවතම සේවාව) :

Pay & Go සේවාව ලංකාව පුරා පිහිටි තෝරාගත් පෞද්ගලික සහ රජයේ රෝහල්, Supermarkets (Laughfs & Arpico), Shopping Centers (Fashion Bug) Government Institutes, Army Camps, SLT teleshops, Bus Stand ආදී ස්ථාන බොහෝමයක් තුළ ක්‍රියාත්මකයි. මේ හරහා තප්පර 10 ක් තුළදී අදාළ ව්‍යාපෘති කේතය යොදා ඔබට අවශ්‍ය ව්‍යාපෘතිය වෙත මුදල් පරිත්‍යාග කිරීමට පුළුවන්. Project Code එක ලෙස Pay & Go machine එකට ව්‍යාපෘති කේතයේ අවසන් අංක 4 යොදන්න. (Pay&Go Sri Lanka)

Introducing Donate via Paypal (හඳුන්වාදෙන නවතම සේවාව) :

Click this link to donate via Paypal : https://www.paypal.me/SamajaSathkara

සැ.යු : ඔබ $1ක් එවන විට සමාජසත්කාර PayPal ගිණුමට බැරවෙන්නේ $0.66 (රු.100) ක් බව කරුණාවෙන් සළකන්න. $0.34 (රු.52) ක සේවා ගාස්තුවක් PayPal අයකරගනී. ඔබ $1.34 (රු.204) ක් එවනු ලැබුවහොත් සමාජසත්කාර ගිණුමට $1 (රු.152) ක් බැර වේවි. එම නිසා ඔබ අපට එවන මුදල Paypal ගිණුමට බැරවූ පසු ඔබගේ ආධාරය ගණනය කිරීමට බලාපොරොත්තු වේ. කරුණාකර Paypal Donation වලදී අදාල මුදල සමඟ Paypal Transfer Receipt එකේ Invoice එකේ Screen Shot එකක්ද සමඟ කමෙන්ට් කරන්න කාරුණික වන්න.

Fees : 2.4% to 3.4% + $0.30 USD (source – paypal website)

ඊමේල් ලිපිනය ඔස්සේ Paypal හරහා ආධාර එවීමට අවශ්‍යයි නම් donate@samajasathkara.lk ලිපිනය භාවිතා කරන්න.

බැංකු ගිණුම් විස්තරය :

ගිණුමේ නම : සමාජසත්කාර.lk පදනම (SamajaSathkara.lk Padanama)
ගිණුම් අංකය : 106000969071
බැංකුව : NDB
ශාඛාව : බණ්ඩාරවෙල

ජංගම දුරකතන හරහා ආධාර ලබාදීමට :
ezCash – 0773366488
mCash – 0703366488

Available Donation Methods :
1. Bank Transfers : NDB (organizational), Commercial, Sampath, Peoples, BOC or HNB
2. Remittance : Moneygram, Western Union, Fast Cash, Speed Remit, Xpress Money, Ria Money Transfer
3. Mobile Money Transfer : ezCash,mCash
4. Send Money Online Using your Visa/Mater/Amex Cards (Online Third party web sites)
5. Physical Donation via Visa/Master Card : Swipe the Car (CAQ 4594 Samajasathkara.lk Community Support Vehicle)
6. Donate via Paypal*
7. Post/Curier Service (Not for this project)
8. Send via Train (Not for this project)
9. Give Cash
10. Wave & Go* (Only available for Visa payWave & Dialog Touch Travel Card holders)
11. Donate via Pay & Go Kiosk*
12. Donate via Dialog or Hutch (USSD & SMS)*
13. Donate via a Cheque*
14. Donate via a Money Order*
15. Donate via MegaPay App*

සැ.යු : සමාජසත්කාර.lk ගිණුම් අංකවල වෙනසක් සිදු කර ඇති නිසා ඔබ මීට පෙර ව්‍යාපෘති වලට සම්බන්ධ වී ඇති කෙනෙක්නම් චැට් එකක් (m.me/Daneshmaduranga) ඔස්සේ නව ගිණුම් අංක ලබාගැනීමට කාරුණික වන්න.

මුදල් තැන්පත් කිරීමෙන් පසු බැංකු තැන්පතු කොපියේ/Online Transfer Receipt හෝ ඔබගේ තැන්පතුවට අදාල රිසිට්පත චැට් පණිවිඩයක් හරහා එවන්න කාරුණික වන්න. තැන්පත් කරන විට ව්‍යාපෘතිය කේතය (Project Code) හැකිනම් Reference එකක් ලෙස යොදන්න.

ආයතනික ගිණුමට තැන්පත් කරන සියලුම ආධාර මුදල් සඳහා ‍රිසිට්පතක් ලබාගැනීමට කාරුණික වන්න.

මෙය ඩවුන්ලෝඩ් කර/ලෝගෝ වෙනස් කර හෝ අදාල අන්තර්ගතය ඉවත්කර වෙනත් ෆේස්බුක් පිටු, ගෲප් වල හෝ වෙබ් අඩවිවල අප්ලෝඩ් කිරීමෙන් වලකින්න. මෙම පෝස්ට් එකෙහි අයිතිය සමාජසත්කාර.lk සතුවන අතර අවසරයකින් තොරව මෙය භාවිතා කරන්නන් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.

Editing, reproducing and re-using these images for commercial purposes or otherwise, without permission of Samajasathkara.lk, are strictly prohibited and considered as intended copyrights infringement.

SamajaSathkara.lk Foundation (formerly known as B.H. Edirisooriya Community Service Foundation) is a Registered Foundation : Reg No : GA3032

Helping Everyone | Everyday | Everywhere
© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

Photograph used for promotional purposes only!

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

උපතින්ම ආබාධිත පුතුට රෝද පුටුවක් පරිත්‍යාග කර පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පවුල

උපතින්ම ආබාධිත පුතුට රෝද පුටුවක් පරිත්‍යාග කර පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පවුල

මැදවච්චිය දුම්රිය නගරයේ පදිංචිව ඉන්න ඩිලාන් ධනුෂ්ක පුතා උපතින්ම මානසික ආබාධයකින් පෙළෙන දරුවෙක්. මවගේ රැකවරණය නොලැබෙන්න ඔහුගේ ජීවිතය අනතුරේ හෙලෙන්න තිබුනා. මොකද මේ දරුවා එයාගෙම අතපය වලින් එයාටම ගහගන්නවා. එයාවම තුවාල කරගන්නවා. තමන්ටම හානි කරගන්න වේදනා දෙන්න පෙළඹෙන තරමට මේ දරුවගේ මනස නියමාකාරයෙන් වර්ධනය වෙලා නැහැ. උපතින්ම උරුම කරගෙන ආපු මේ ආබාධය එක්ක මේ දරුවා ජීවත් වෙන විදිහ දකින ඕනම කෙනෙක්ගෙ හිත දුකට පත් වෙනවා. මේ වගේ දරුවෝ කෙරෙහි අනුකම්පා වෙන හදවත් වල පිහිට පමණයි මේ අයට පොඩි හරි සහනයකට තියෙන්නෙ. ඒ හැම දුකක් අස්සෙම ආර්ථිකය කියන ප්‍රශ්නෙත් මේ අයට හරහට හිටලා. ඉතින් ජීවත් වෙන්නත් මාර්ගයක් නැති මේ පවුලේ ආබාධිත දරුවා වෙනුවෙන් රෝද පුටුවක් අත්‍යාවශ්‍ය උනත් ගන්න සල්ලි නෑ ඒ අය ළඟ. ඒ නිසයි අපි මේ දරුවට අළුත් රෝද පුටුවක් අරන් දෙන්න තීරණය කලේ.

මේ කටයුත්ත සිදු කරන්න මූලික හේතුව උනේ මීට වසර 19 කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ ජයන්ත ප්‍රනාන්දු මහතාගේ දියණිය වන Mekala Sankapali Fernando ත් ඇගේ මව වන එනම් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සෙනෙහෙබර බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රනාන්දු මහත්මියත් පණ්ඩුක ප්‍රනාන්දු වන පුතණුවනුත් ඉමිහිරි පෙරේරා වන බෑණනුවන් හා තෙහාන් පෙරේරා මුණුබුරා යන සියළුම දෙනා එකට එක්ව පියාණන් හට පිං පැමිණවීමට අවශ්‍ය වීමයි. ඒ අනුව ඔවුන් විසින් පියාණන්ට පිං පිණිස මේ දරුවට අළුත් රෝද පුටුවක් අරන් දෙන්න දායක උනා. බොහොම පරිස්සමින් මේ දරුවා බලාගන්න මේ අම්මට රෝද පුටුව තියෙන නිසා වැඩි ආරක්ෂාවත් එක්ක දැන් දරුවව බලා ගන්න පුළුවන්.

මෙවන් ආබාධ ඕනෑම අයකුගේ පෙර අකුසල් හේතුවෙන් ඇති වෙන්න පුළුවන් උනත් ඒ වගේ අයට පිහිට වීම තුළින් අපි රැස් කරගන්න කුසලයන් අපිව එවන් දුක්බර ඉරණමකට අත් වීමෙන් වළක්වා ගන්නට මහෝපකාරී වෙනවා. ඉතින් මේ වගේ දරුවෙක්ට පිහිට වෙලා රැස් කරගත්ත කුසලානිසංසයන් ඔබ පවුලේ සෑම දෙනාගේම අරමුණ වූ පරිදි ඔබේ පියාණන් හට අනුමෝදන් වේවා…. ඔබේ පියාණන් යම් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ ජීවිතයද ආලෝකමත් වේවා…. සැපයෙන් සැපයට පත් වේවා… ධර්මයේ සුවය පිහිට නිරතුරුවම ලැබීමටත් ඒ තුළින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මේ කුසලය ආශිර්වාදයක්ම වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…

එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා ඒකරාශී වූ ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සෙනෙහෙබර භාර්‍යාවටත්, දියණියටත්, පුතණුවන් බෑණනුවන් හා මුණුබුරා හටත් මේ සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…

මේ පිංකමට මාගේ සහෝදරිය Nilanthi Edirisooriya ශ්‍රම දායකත්වය දැක්වූවා.

Location : දුම්රිය නගරය, මැදවච්චිය, අනුරාධපුර දිස්ත්‍රික්කය

හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

හිතමිත්‍රාදීන් සැමටම සහ නව ව්‍යාපාරයට සෙත් පතා සිඟිත්තෙකුට ට්‍රයිසිකල් එකක් පරිත්‍යාග කිරීම

ඔබට මතකද ඔබ පුංචි කාලේ මුලින්ම බයිසිකලයක් ලැබුන දවස, ඒ වෙනුවෙන් බලාපොරොත්තු තියන් හිටපු කාලය, මවපු හීන වගේම බයිසිකලය ලැබුනම හිතට දැනුන සතුට. මේ හීනය ඕනම පුංචි දරුවෙක් ලඟ තියෙනවා. බයිසිකලයක නැඟලා සෙල්ලම් කරන්න ලැබුනම දරුවෙක්ගේ සතුට ඔයාලා දැකලා ඇති. පුංචි කාලේ ඔයාලා විඳපු ඒ සතුට විඳින්න බැරි දරුවො ගොඩක් අපේ රටේ ඉන්නවා. නමුත් බයිසිකලයක් අරන් දෙන්න ඒ දරුවන්ගේ දෙමාපියන්ට පුළුවන්කමක් නැහැ. ආසාව තිබ්බත් නොලැබෙන බයිසිකලයක් දිහා බලලා දුක් වෙනවා ඇරෙන්න මේ දරුවන්ට කරන්න දෙයකුත් නෑ. ඉතින් අපිට පුළුවන් නම් මේ දරුවොත් අපේම දරුවෙක් කියලා හිතලා මේ අහිංසක ආසාව ඉෂ්ඨ කරලා දෙන්න මොනතරම් නම් වටිනවද ඒක.

මේ ඒ වගේ දරුවකුගේ හීනය සැබෑ කරමින් ට්‍රයිසිකලයක් පරිත්‍යාග කළ ෆේස්බුක් මිතුරෙක්. ඔහු විසින් තවත් මිතුරෙක් සමඟ සහයෝගයෙන් එක්ව සිදු කරගෙන යන ව්‍යාපාරයටත් පවුල් වල සෑම දෙනාටත් සෙත් පතා දරුවෙක් වෙනුවෙන් මෙසේ ට්‍රයිසිකලයක් පරිත්‍යාග කරනු ලැබුවා.

මෙවන් කුසලයක් සිදු කළ Amal Chamara මිතුරාටත් නම සඳහන් කිරීමට නොහැකි නමුත් මෑතකදී ආරම්භ කෙරූ Manahara Lanka Tours ව්‍යාපාර හවුල්කරු වන ඔබේ මිතුරාටත් මෙය ආශිර්වාදයක්ම වේවා… ඔබ දෙපළ ව්සින් මෑතකදී ආරම්භ කෙරූ මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා… කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. ඔබේ මිතුරාටත් ඔහුගේ පවුලේ සෑම දෙනාටත් මේ කුසලයේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවය සතුට සැනසුම වාසනාව සෞභාග්‍යය උදා වේවා…. සිතන පතන පැතුමන් සියල්ලක්ම ඒ අයුරින්න ඉටු වේවා….

එසේම Amal Chamara මිතුරාගේ දයාබර බිරිඳ Niroshi Rubasinghe මහත්මියටත්, Vajira Chandanee නැඟණියටත් ඇගේ දරුවාටත්, Rubasinghe Chamee දයාබර බිරිඳගේ වැඩිමල් සොයුරියටත් ඇගේ දරුවාටත්, ඔබගේ පවුලේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සෑම දෙනාටත් මෙය ආශිර්වාදයක්ම වේවා… නිදුක් නීරෝගී සුවය ඔවුන් සෑම දෙනාටම උදා වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම රැඳේවා….ඔබ සෑම සියළු දෙනාගේම ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම මෙම කුසලය හේතු වේවා….

මෙම පිංකමට මාගේ සහෝදරිය Nilanthi Edirisooriya ශ්‍රම දායකත්වය දැක්වූවා.