by Danesh Edirisooriya | Apr 22, 2016 | Lavatory / Toilet
ඊයේ අපි අනුරාධපුර ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ නානකාමරය ගොඩනැගීමට මුල්ගල් තැබුවා.
අද දහවල් වන විට ටයිල් සහ නානකාමර උපාංග හැරෙන්න ගල්, වැලි, සිමෙන්ති ඇතුලු අනික් සෑම දෙයක්ම ගෙනත් අවසන්.
වාර්තා කලේ – Rajangane Saddharathana Thero
Location : අලුත්වැව, ශ්‍රාවස්තිපුර, අනුරාධපුර
by Danesh Edirisooriya | Apr 7, 2016 | Water Needs
ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක කොහෙවත් ටැංකි ගන්න තිබුණේ නැහැ. ඉන්පසු හික්කඩුවෙන් අපි ලෑන්ඩ් මාස්ටර් එකක තමා ටැංකිය ගෙනවේ. දූපතට අරන් ගියේ බෝට්ටුවෙන්. එතැන් පටන් ආරණ්‍යයට දිනේෂ් එය ඔසවගෙන ගියා. ස්වාමීන්වහන්සේ බොහොමත්ම පිං දුන්නා මේ පුණ්‍යකර්මය පිළිබඳව.
දායකත්වය දැක්වූ සැමටම මේ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…
Hemal Matarage අයියත්, Dinesh Kumaraත් අද මේ පිංකමට ශ්‍රමයෙන් දායක වුණා…. ඔබ දෙපලටත් බොහොම පිං.