loader image
Select Page
Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි.

ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට PCR පරීක්ෂණ ප්‍රමාද වීම නිසා කොරෝනා වෛරස් ආසාධිතයින් ප්‍රමාණය ඉහල යනවා. අපගේ බලාපොරොත්තුව කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමයි. ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පමණක් මෙම පරිත්‍යාගය සිදුකිරීමට බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතියට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳ සැල් ජාලයක් හරහා දිනපතා වට්ටම් ලබාගන්න.

Donate & Get the Offer : https://charityshop.lk/

ඉහත ලින්ක් එකට යන්න. උදව් කරන්න කැමතිනම් “මම කැමතියි” බොත්තම ඔබන්න. වැඩි විස්තර සඳහා 0701 10 10 10 අංකයට ඇමතුමක් දෙන්න. එහි ඇති ෆෝරම් එක පුරවා මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔබට ලැබෙන Digital Receipt පත හරහා ඔබට රු.100,000ක් දක්වා වට්ටම් ලබාගත හැක.

ව්‍යාපෘතිය ගැන සියලුම විස්තර දැනගැනීමට පිවිසෙන්න : https://www.facebook.com/groups/donatingapcrmachine

වට්ටම් ගත හැකි ආයතන පිළිබඳව දැනගන්න පිවිසෙන්න : https://www.facebook.com/CharityShop.lk/

ඉහත පේජ් එකෙහි සඳහන් ඕනෑම වට්ටමක් හෝ වට්ටම් සියල්ල ලබාගැනීමට ඔබට වැයවන්නේ රු.1,000ක් පමණි. එයත් ඔබ ඔබේ අනාගතය, රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි. පරිත්‍යාගයකි.

#DonatePCR #CharityShop #SamajaSathkara #SupportSriLanka #ChaityLK #Support #Discount #Offers #BestOffers #SriLanka

 

අසරණ දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම (Donating School Shoes)

අසරණ දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම (Donating School Shoes)

පසුගිය සෙනෙහසේ චාරිකාවන් තුළදී හමු වූ ඉතාමත් අසරණ පවුල් කිහිපයකම පාසල් යන වයසේ දරුවන්ට මෙලෙස සපත්තු සහ මේස් පරිත්‍යාග කරා. නව පාසල් වාරය එළඹෙද්දි බොහෝ දුප්පත් මේ පවුල් වල දරුවන්ගේ දෙමාපියන්ට නැඟෙන විශාල බරක් මේ අයුරින් නිදහස් වීම ගැන ඒ දෙමාපියන්ගේ හිතේ තිබ්බේ පුදුමාකාර සතුටක්. දරුවොත් මූණු පුරා හිනාව රඳවගෙන හිටියේ ලැබුණ සපත්තු දාලා බැලුවේ ආසාවෙන්. සමහර දරුවන්ට සපත්තු අරන් දුන්නේ කඩේකට එක්කරගෙනම ගිහින්.

 

   

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා.

මේ විහාරස්ථානයට මෙලෙස ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට කටයුතු කලේ මාගේ කළ්‍යාණ මිතුරකු වන සුධීර සහන් මිතුරායි. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ කොට ගත් ඔහු විසින් මෙසේ ඔහුගේ දායකත්වය දක්වමින් මෙම පරිත්‍යාගය සිදු කළා. ස්වාමීන්වහන්සේට මෙහි වටිනාකම කියා නිම කළ නොහැකි තරම්. වසරේ වැඩි කාලයක් නියඟය පවතින ප්‍රදේශයක පිහිටි මෙම පන්සලට ජලය එක්‍ රැස් කරගන්න ක්‍රමයක් තිබෙන එක ඉතාමත් වටිනා බව පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ පැවසුවා. ඔබට ආශිර්වාද කලා.

පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම (Donating a Tricycle Wheelchair)

පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම (Donating a Tricycle Wheelchair)

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන ගෙදරක තමයි දැනට ජීවත්වෙන්නේ. හොඳින් හිටිය කාලේ ගොවිතැන් කරලා ජීවත් වුනේ. නමුත් ඇවිදින්න බැරි වුණාට පස්සේ මේ තාත්තා ගොඩක් අසරණ වුණා. ඉතිං අපි මේ තාත්තගේ අපහසුතා බලලා මේ තාත්තට ඇවිදින්න වාරුවක් විතරක් නෙමෙයි සවියක් වෙන විදිහට රෝද තුනේ විශේෂයෙන් සකසන ලද රෝද පුටුවක් අපි පරිත්‍යාග කරා. මේ තාත්තට සාමාන්‍ය රෝද පුටුවක් වැදගත් වෙන්නෙ නැත්තේ ඔහු බොහෝ වෙලාවට ගෙයක් ගෙයක් ගානේ ගිහින් තියෙන විදිහට දෙයක් ඉල්ලගෙනයි එදා වේල හොයාගන්නෙ. ඉතින් ඒකට මහමඟ යන්න පුළුවන් විදිහේ රෝද පුටුවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ උපකාරය ඔහුට කෙතරම් වටිනවද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ.

උපන්දිනය වෙනුවෙන් දුප්පත් අසරණ දරුවන් සහ වැඩිහිටියන් ඉන්න පවුල් වලට කිරිපිටි පරිත්‍යාග කිරීම (Donating Milk Powder)

උපන්දිනය වෙනුවෙන් දුප්පත් අසරණ දරුවන් සහ වැඩිහිටියන් ඉන්න පවුල් වලට කිරිපිටි පරිත්‍යාග කිරීම (Donating Milk Powder)

අපි දුප්පත් අසරණ දරුවන් සහ වැඩිහිටියන්ට ඉන්න පවුල් කිහිපයකට කිරිපිටි පරිත්‍යාග කලා. ඒ පවුල් වල අය ගොඩාක් සතුටු උනා වගේම ගොඩාක් පිං දුන්නා. විශේෂයෙන් ඒ ළමයින්ගේ අම්මලා. මේ දිනවල වියලි කාලගුණයක් පවතින කාලයක් නිසා ඔවුන්ගේ වගා විනාශ වෙලා. ඒ වගේම කුලී වැඩත් නැතිලු. දවසකට එක වේලක් පිරිමහගෙන තියෙන්නත් බොහොම අමාරුවෙන්. ඉතින් දරුවන් වෙනුවෙන් කිරිපිටි මිලට ගන්න අමතරව මුදලක් වියදම් කරන්න හැකියාවක් නොමැති නිසා ඔවුන් ගොඩාක් දුකින් ඉදලා තියෙන්නේ. මේ ලබා දුන් කිරිපිටි පැකැට් ඔවුනට ගොඩාක් වටිනවා. වැඩිහිටියන්ට ඊටත් වඩා වටිනවා. දානයක් දුන්නා හා සමානවයි ඔවුන් පිං දුන්නේ

පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කිරීම (Donating Dry Rations)

පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කිරීම (Donating Dry Rations)

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ කටයුතු කරන්නේ ඒ දරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේම නැති නිසා. ඔබට මතක ඇති ඔබ පාසල් ගිය කාලය. කඩචෝරු කන්න පුංචි මුදලක් හරි අරන් ගියේ ප්‍රධාන කෑම වේලට අමතරව. ඒත් මේ දරුවන්ට ප්‍රධාන කෑම වේලකින්වත් කුස පුරෝගන්න අවස්ථාවක් නැහැ. ඒ දරුවන්ගේ කුසගින්න තරමක් හෝ නිවාගන්න ලැබෙන්නේ එදා දවසට මොනාහරි විකුණලා, කුළී වැඩක් කරලා ලැබෙන පුංචි මුදලකින්.

ඉතින් මේ දරුවෝ කොහොම හරිහැටි අධ්‍යාපනය ලබන්නද? මේ දරුවන්ගේ දුක ගැන අවබෝධ උන අපි මේ පවුල් වලට වියළි ආහාර ලබා දෙන්න කටයුතු කළා. වියළි ආහාර පාර්සලයේ පෝෂණීය ආහාර අඩංගු නිසා මේ වියළි ආහාර මල්ල ඒ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් බොහෝමත්ම වටිනවා. ඒ දෙමාපියන්ට කොයිතරම් සතුටක් ඇත්ද. හැකි ඕනෑම මොහොතක කාගේ හෝ කුසගින්නක් නිවන්න හැකි නම් ඒ පිනෙන්ම ඔබේ හැම දුක් ගින්නක්ම නිවී යාවි.