loader image
Select Page
දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ කටයුතු කරන්නේ ඒ දරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේම නැති නිසා. ඔබට මතක ඇති ඔබ පාසල් ගිය කාලය. කඩචෝරු කන්න පුංචි මුදලක් හරි අරන් ගියේ ප්‍රධාන කෑම වේලට අමතරව. ඒත් මේ දරුවන්ට ප්‍රධාන කෑම වේලකින්වත් කුස පුරෝගන්න අවස්ථාවක් නැහැ. ඒ දරුවන්ගේ කුසගින්න තරමක් හෝ නිවාගන්න ලැබෙන්නේ එදා දවසට මොනාහරි විකුණලා, කුළී වැඩක් කරලා ලැබෙන පුංචි මුදලකින්.

ඉතින් මේ දරුවෝ කොහොම හරිහැටි අධ්‍යාපනය ලබන්නද? මේ දරුවන්ගේ දුක ගැන අවබෝධ උන අපි මේ පවුල් වලට වියළි ආහාර ලබා දෙන්න කටයුතු කළා. වියළි ආහාර පාර්සලයේ පෝෂණීය ආහාර අඩංගු නිසා මේ වියළි ආහාර මල්ල ඒ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් බොහෝමත්ම වටිනවා. ඒ දෙමාපියන්ට කොයිතරම් සතුටක් ඇත්ද. හැකි ඕනෑම මොහොතක කාගේ හෝ කුසගින්නක් නිවන්න හැකි නම් ඒ පිනෙන්ම ඔබේ හැම දුක් ගින්නක්ම නිවී යාවි.

මේ පිංකම සිදුකලේ ජනවාරි 30 වෙනි දිනට යෙදිලා තියෙන සුධීර සහන් මිතුරාගේ උපන්දිනය වෙනුවෙන්. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…

උපන්දිනය වෙනුවෙන් ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා.

මේ විහාරස්ථානයට මෙලෙස ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට කටයුතු කලේ මාගේ කළ්‍යාණ මිතුරකු වන සුධීර සහන් මිතුරායි. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ කොට ගත් ඔහු විසින් මෙසේ ඔහුගේ දායකත්වය දක්වමින් මෙම පරිත්‍යාගය සිදු කළා. ස්වාමීන්වහන්සේට මෙහි වටිනාකම කියා නිම කළ නොහැකි තරම්. වසරේ වැඩි කාලයක් නියඟය පවතින ප්‍රදේශයක පිහිටි මෙම පන්සලට ජලය එක්‍ රැස් කරගන්න ක්‍රමයක් තිබෙන එක ඉතාමත් වටිනා බව පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ පැවසුවා. ඔබට ආශිර්වාද කලා.

ඔබ ඔබගේ උපන්දිනය වෙනුවෙන් වියදම් කරන මුදල ඔබටම ආයෝජනයක් වීමට නම් ඊට සුදුසුම ක්‍රමය මෙසේ උතුම් වූ වටිනා පරිත්‍යාගයන් සිදු කිරීමයි. එය යම් දිනෙක ඔබේ ජීවිතයට ආශිර්වාදයක්ම වන කිසිදා නිම නොවන ආයෝජනයක් වනවා. මෙසේ උපන්දිනය වෙනුවෙන් විහාරස්ථානයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම පිණිස ජල ටැංකියක් පරිත්‍යාග කර රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය සපිරි අනාගතයක් උදා වේවා…. දීර්ඝායුෂ ලබත්වා…. අවසානයේ උතුම් වූ ධර්මාවබෝධය පිණිසද මෙම කුසලය හේතු වේවා….

සුභ උපන්දිනයක් අයියේ…

උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට පිහිට වූ ෆේස්බුක් මිතුරා

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන ගෙදරක තමයි දැනට ජීවත්වෙන්නේ. හොඳින් හිටිය කාලේ ගොවිතැන් කරලා ජීවත් වුනේ. නමුත් ඇවිදින්න බැරි වුණාට පස්සේ මේ තාත්තා ගොඩක් අසරණ වුණා. ඉතිං අපි මේ තාත්තගේ අපහසුතා බලලා මේ තාත්තට ඇවිදින්න වාරුවක් විතරක් නෙමෙයි සවියක් වෙන විදිහට රෝද තුනේ විශේෂයෙන් සකසන ලද රෝද පුටුවක් අපි පරිත්‍යාග කරා. මේ තාත්තට සාමාන්‍ය රෝද පුටුවක් වැදගත් වෙන්නෙ නැත්තේ ඔහු බොහෝ වෙලාවට ගෙයක් ගෙයක් ගානේ ගිහින් තියෙන විදිහට දෙයක් ඉල්ලගෙනයි එදා වේල හොයාගන්නෙ. ඉතින් ඒකට මහමඟ යන්න පුළුවන් විදිහේ රෝද පුටුවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ උපකාරය ඔහුට කෙතරම් වටිනවද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ පරිත්‍යාගය කලේ විශේෂ හේතුවකට. ඒ තමයි ජනවාරි 30 වෙනි දිනට යෙදිලා තියෙන සුධීර සහන් මිතුරාගේ උපන්දිනය වෙනුවෙන්. උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

මේ පිංකමට සමාජසත්කාර කණ්ඩායමේ Chathura Prasangaද සහය දක්වූවා. ඔබටත් බොහොම පිං.

සුභ උපන්දිනයක් අයියේ…