loader image
Select Page
අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා

අන්ජලී අක්කාගේ පරලෝ සැපත් (නොවැම්බර් 18) අත්තම්මාට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි අද දිඹුලාගල, පැලෑටියාව ශ්‍රි සුචින්තාරාම ආරණ්‍යයට ජල ටැංකියක් පූජා කලා. මෙහෙණින් වහන්සේ අපිට කීවා මෙය කිසිම ආධාරයක් ලැබෙන්නේ නැති ඉතා දුෂ්කර ආරාමයක් කියලා.

අපි අත්තම්මා සහ සීයා ගැන මෙහෙණින් වහන්සේට කීවා. මෙහෙණින් වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා. මං මේ පිංකමට දායකත්වය දැක්වූයේ ඔයා කියලත් පෙන්වූවා.

ටැංකිය ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරිවුණා. අපි ඉන්පසුව ත්‍රීවීලර් එකක් හයර් කලා.

කදුරුවෙල – මහියංගනය පාරේ දිඹුලාගල, පැලෑටියාව ගමේ තමයි මේ මෙහෙණි ආරාමය පිහිටලා තියෙන්නේ. හැකි අය 0275622756 අංකයෙන් මෑණියන් සමඟ කතාබස් කර උදව්ව කරන්න.

මිණිබිරියක් ලෙස ඔබ මේ සිදුකලා වූ උතුම් පිංකම ගොඩක් අගයනවා අක්කා…

ඔබ මේ කල කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පරලෝ සැපත් අත්තම්මා, ලීලා ලියනගේ මහත්මිය සහ සීයා, ජෝන් ලියනගේ මහතා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි
මරදන්කඩවල, ඇතිනිවැටුණුවැව ශ්‍රී වර්ධනාරාමය පන්සලට ලීටර් 500 ජල ටැංකි 2ක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පළවෙනි වතාව කියලා මේ කෙනෙක් පිටින් ඇවිත් උදව් කලේ කියලා. ගොඩක් අඩු පහසුකම් සහිත පන්සලක්.

ලොකු අම්මාගේ අභාවය ගැන අපි උන්වහන්සේට කීවා. ඒත් එක්කම අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට පෙන්වූවා, ඔයාගේ අවශ්‍යතාවයත් උන්වහන්සේට මතක් කලා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා.

පරලෝ සැපත් ඩී.ජී. පත්මිණී මහත්මිය දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

උපන්දිනය වෙනුවෙන් අසරණ ආච්චි අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Gihan Kaushyal මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ ආච්චි අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Gihan Kaushyal මිතුරා

ඊයේ දහවල් සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැල්සිරිපුරෙන් මේ ආච්චි අම්මාට රෝද පුටුවක් ඕන කියලා. වැසිකිළියට යන්නවත් විදිහක් නෑ, ඒක නිසා කොමඩ් එක සහිත විශේෂ රෝද පුටුවක් තමයි අවශ්‍ය වුණේ.

මේ ආච්චි අම්මට වයස අවුරුදු 85ක් ලු. අපි මේ ආච්චි අම්මට ගිහාන් මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් රෝද පුටුව පරිත්‍යාග කලා. බලන්න ආච්චි අම්මගේ මූණේ තියෙන සතුට. නොසෑහෙන්න පිං දුන්නා. ඒ හැම ආශිර්වාදයක්ම ඔයාට සහ මේ පිංකමට ඔයාට මග පෙන්වූ Shanika Abeysooriya මිතුරියටයි. (ඇගේ නම සඳහන් කරන්න එපා කීවත් ඇයටත් මේ ගෞරවය හිමිවිය යුතුය.)

දැන් මේ රෝද පුටුව තියෙන නිසා ආච්චි අම්මට පහසුවෙන්ම රෝද පුටුවේ ඉඳන්ම වැසිකිළි යන්න පුලුවන්. ඒ ගැන කිය කියා දුන්න පිං අප්‍රමාණයි. මං ඔයාගේ ඡායාරූපයකුත් ඒ ආච්චි අම්මට පෙන්වූවා.

මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ඔබ නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා… ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.

සුභම සුභ උපන්දිනයක් ගිහාන්….

Location : මැල්සිරිපුර

Menaka Ranmal Vidanapathirana මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

Menaka Ranmal Vidanapathirana මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් පන්සලකට ජල ටැංකියක් පූජා කිරීම

පසුගිය ඔක්තෝම්බර් 11 වෙනිදා මේනක මිතුරාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් අද අපි මරදන්කඩවල පුරාණ එක්සත් බෝධිරාජාරාමය පන්සලට ලීටර් 1000 ජල ටැංකියක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පන්සලට තිබුණ ලොකුම ප්‍රශ්නයක් කියලා ජල ටැංකියක අවශ්‍යතාවය. අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට පෙන්වූවා, ඔයාගේ උපන්දිනය වෙනුවෙන් කල පිංකමක් කියලා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා. කඨින පිංකම් සිදුකරන කාලයේ ඔබ මේ කරගත්තේ උතුම් පිංකමක් කියලා උන්වහන්සේ මතක් කලා. අයියටයි මටයි පිරිත් නූලක් බැඳලා ආශිර්වාද කලා.

ඔබ මේ කරගත්තාවූ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…
තෙරුවණ් සරණයි…

සුභ උපන්දිනයක් මේනක අයියේ…

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

Shalika Niranji නංගිගේ සහෝදරයාගේ චූටි පුතා වෙනුවෙන් අසරණ චූටි දුවෙක්ට බයිසිකලයක් පරිත්‍යාග කිරීම

මේ චූටි දූ ඉන්නේ මහියංගනය, දීකිරිගොල්ල. ආබාධිත දරුවෙක්. මේ ලඟකදී වැටිලා අත කැඩිලා. අපි අද මේ දරුවට Tricycle එකක් පරිත්‍යාග කලා. පොඩ්ඩා ගොඩක් සතුටු වුණා. අම්මයි, තාත්තයි ගොඩක් පිං දුන්නා. ගොඩක් අසරණ පවුලක්.

මේ බයිසිකලය අපි පරිත්‍යාග කලේ Vosanda Ruvith Digoarachchi පුතාගේ ඔක්තෝම්බර් 23 ඒ කියන්නේ අදට යෙදිලා තියෙන 3 වැනි උපන්දිනය වෙනුවෙන්.

අපිට මේ දරුවා සොයා දීම සම්බන්ධව දීකිරිගොල්ල ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිළධාරිණි රූපීකා පුෂ්පරාණි දිසානායක ෆේස්බුක් මිතුරියට බොහොම පිං.

සුභ උපන්දිනයක් චූටි පුතේ…