loader image
Select Page
2015දී ආරම්භ කල Solutions.lk (ධනේෂ් පුතාට කීවනම් හරි) නව මුහුණුවරකින්….

2015දී ආරම්භ කල Solutions.lk (ධනේෂ් පුතාට කීවනම් හරි) නව මුහුණුවරකින්….

SamajaSathkara.lk හරහා අපි මේ වන විට ප්‍රතිලාභීන් 100,000 ආසන්න පිරිසකට උදව් කරලා තියෙනවා. බොහොමයක් ඒවා අපි සිදු කරන්නේ ඔබගේ දැනුම්දීම් මත. සමාජසත්කාර ක්ෂණික ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් හෝ Viber, Whatsapp, Skype, Imo, Facebook Messanger ඔස්සේ සහ www.samajasathkara.lk වෙබ් අඩවියේ ස්වයංක්රීය තොරතුරු දැනුම් දීම් පද්ධතිය (Solutions.lk) ඔස්සේ ඔබ 2012 සිට අපට අසරණ පවුල් ගැන විස්තර සහ ඡායාරූප එවනු ලැබූ අතර අප ඉන්පසු ඒවා පිළිබඳව සොයා බලා උදව් කරනු ලැබුවා.

එම සේවාව අප සැමට ප්රවේශ විය හැකි ආකාරයට වෙබ් අඩවියක් ලෙස ලඟදීම එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එය ලංකාවේ කාර්යක්ෂම අසරණ අයට සේවා සැපයීමේ පද්ධතිය බවට පත් කිරීමට ඔබගේ සහය අවශ්යයි.

?උදව්.lk | Udaw.lk? (උදව් 3.0)

? හැඳින්වීම – ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

?ක්රියාකාරීත්වය : ඔබ පහත දකින්නේ එම වෙබ් අඩවියේ Developer Edition එකේ Screenshot එකකි. එහි විවිධ අවශ්යතා ඇති පුද්ගලයින් ගැන සඳහන් වෙනවා. ඔබට තිබෙන්නේ අදාල අයිකනය ක්ලික් කර පහත ආකාරයට එහි තොරතුරු ඇතුලත් කර Submit කිරීමයි.

? තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ විස්තර :
1. නම
2. ලිපිනය
3. දුරකතන අංකය
4. හැඳුනුම්පත් අංකය
5. ඔබගේ දිස්ත්රික්කය
6. ඔබගේ රැකියාව

?‍?‍? උදව් අවැසි කාහටද?
1. පුද්ගලයෙක් / පවුලක්
2. ස්ථානයක්
– විහාරස්ථානයක්
– පාසලක්
– පොදු ස්ථානයක්
– රෝහලක්
– සායනයක්
– පෙර පාසලක්
– වෙනත් (ඔබ සඳහන් කරන්න)
3. ගමටම (පවුල් බොහොමයක් සිටිනවා)
4. සත්වයෙක්ට

?‍?‍?‍? අසරණ පුද්ගලයාගේ විස්තර :
1. නම
2. ලිපිනය
3. දුරකතන අංකය
4. හැඳුනුම්පත් අංකය
5. දිස්ත්රික්කය
6. ඔබට මෙම පුද්ගලයා හමුවූයේ කෙසේද?
– මග තොටේදී
– මාගේ ප්රදේශයේ කෙනෙක්
– මිතුරෙකුගේ මාර්ගයෙන්
– අන්තර්ජාලයෙන් (අප විසින් උදව් කරනු නොලැබේ)
– වෙනත්
7. ඔවුන්ගේ ප්රශ්නය ගැන හැඳින්වීමක්
8. ඔවුන්ගේ මාසික ආදායම
9. ඔවුන් ජීවත්වන නිවසේ තත්වය
– ජීවන්වන්නේ මහමග
– කුළියට
– කටු මැටි ගෙදරක්
– ටකරන් වටකල ගෙදරක්
– ඉටිරෙදි වටකල ගෙදරක්
– කුඩා නිවසක් (අංග සම්පූර්ණ නැති)
– අංග සම්පූර්ණ සාමාන්ය නිවසක් (කපරාරු කරන ලද)
– වෙනත්
10. පවුලේ සාමාජික සංඛ්යාව
11. පවුලේ සාමජිකයින් පිළිබඳව විස්තර
12. පවුලේ අය කවුරුන් හෝ සමාජ ජාල මාධ්ය (Facebook, Viber, Whatsapp, Imo ආදිය) භාවිතා කරනවාද?
13. සමෘධිලාභියෙක්ද?

?️ උදව් අවැසි ස්ථානය පිළිබඳව විස්තර

?️ උදව් අවැසි ගම පිළිබඳව විස්තර

? උදව් අවැසි සත්වයා පිලිබඳව විස්තර

? අදාල පුද්ගලයාගේ / ස්ථානයේ ඡායාරූප කිහිපයක් අවසානයේ අප්ලෝඩ් කල යුතුය.

මෙය ඇප් එකක් ලෙසට නොව වෙබ් එකක් ලෙසට එළිදක්වන අතර සැමටම පහසුවෙන් ඕනෑම උපාංගයකින් (Phone/Tab/Desktop/Laptop) මෙයට ප්රවේශ විය හැක. ස්මාර්ට් දුරකතන ඉතාමත් අඩුපහසුකම් එකක් වුවද මෙයට පහසුවෙන් ප්රවේශ විය හැක. ජංගම දුරකතනයේ කිසිදු ඉඩක් නොගනී. වෙබ් අඩවියට ප්රථමයෙන් ප්රවේශ වූ අවස්ථාවේම එහි Shortcut එකක් ඔබගේ දුරකතනයට එක්වේ. එමෙන්ම මෙයට අලුත් ප්රශ්නයක් එකතුවන සෑම අවස්ථාවකම (Verify කිරීමෙන් පසු) එය ඔබගේ ජංගම දුරකතනයට හෝ පරිගණකයට Push Notification එකක් මාර්ගයෙන් දන්වනු ලැබේ.

යම් අයෙක් අපට යම් විස්තරයක් දැනුම් දුන් පසු අපේ කණ්ඩායමේ අයෙක් එම තොරතුරු වල සත්යතාවය පරීක්ෂා කර බලා ඔවුන්ට උදව් කිරීමට ව්යාපෘතියක් ආරම්භ කෙරේ. එහි ප්රගතිය ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ බලාගත හැක.

අපට ඔවුන්ට උදව් කිරීමට අපහසුනම් ඔවුන්ට උදව් කිරීමට හැකි අයෙක්ට එම තොරතුරු යවනු ලැබේ.

උදා:
1. සුනඛයින් සම්බන්ධ ප්රශ්නයක් නම් BawBaw.lk
2. ගාල්ල ප්රදේශයේනම් “අනුරාධ ගයාන්” මහතා වෙත
3. අනුරාධපුර නම් “සුරංග” මහතා වෙත
4. පොළොන්නරුව නම් “චමිල පතිරණ” සොයුරා වෙත
5. බෞද්ධ කටයුත්තක් නම් “ඉසුරු එරන්ද” මිතුරා වෙත
6. රෝද පුටු සම්බන්ධයෙන්නම් “ප්රියංග පුෂ්පකුමාර” මහතා වෙත…

මේ සඳහා ඔබෙන් අවශ්ය උදව්ව වන්නේ…
1. අපි මෙම පද්ධතිය නිර්මාණය කල යුත්තේ කෙසේද?
2. මෙයට එකතුවිය යුතු විශේෂාංගයන් මොනවාද? ඒ ඇයි?
3. ඉහත විස්තර පිරවීමේදී ඉහත තොරතුරු වලට අමතරව අප ඔවුන්ගෙන් ලබාගත යුතු විස්තර මොනවාද (කාර්යක්ෂම සේවයක් ලබාදීම සඳහා)
4. වෙනත් අදහස්

මෙය සම්පූර්ණයෙන්ම නිර්මාණය වන්නේ වසර 13ක මාගේ අත්දැකීම් සහ පළපුරුද්ද මතය. නමුත් ඔබගේද අදහස් එකතුව මෙය නිර්මාණය කලහොත් ලංකාවේ අසරණ අයගේ ප්රශ්න අපට පහසුවෙන් විසඳීමට හැක.

කරුණාකර අදහස් ප්රකාශ කරන්න….

 

වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දී පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පුතණුවන් සහ දියණිය

වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දී පියාණන්ට පිං පැමිණවූ සෙනෙහෙබර පුතණුවන් සහ දියණිය

මීට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ Sarathchandra Rajamuni මහතාගේ ආදරණීය පුතණුවන් Sathyajith Rajamuni අයියා සහ ආදරණීය ලේලිය Kushi Ratnayake විසින් ඔහු හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දීමද සිදු කලා. ඒ තාත්තා නොසැහෙන්න පිං දුන්නා.

මැදවච්චිය දුෂ්කර ගමක පදිංචි වකුගඩු රෝගයෙන් පෙළෙන මේ පියාණන්ට මෙලෙස අක්ෂි පරික්ෂා කොට සුදුසු ඇස් කණ්නාඩි ලබා දුන්නා. මේ තාත්තාට ඇස් වල පෙනීමේ අඩුවක් කලක පටන්ම තිබුණත් කණ්නාඩි දෙකක් හදාගන්න යන වියදම දරාගන්න බැහැ. වයසට යන ඕනම කෙනෙක්ගෙ ටිකෙන් ටික ඇස් පෙනීම දුර්වල වෙනවා කියලා අපි හැමෝම දන්නවනේ. ඒ කාලෙට ඉතින් බණ පොතක්වත් කියවන්න නම් කණ්නාඩි දෙකක් ඕනමයි. ඒත් මේ වගේ අසරණ තාත්තලාට ඒකට අවස්ථාවක් නැහැ. ඒ අයගේ දරුවන්ට උනත් කණ්නාඩි දෙකකට යන වියදම දරන්න තරම් ආදායමක් නැහැ. ඉතින් මේ තාත්තලා ඇහෙන බණ පදයක් අහගන්නවා ඇරෙන්න පොත් බලන්න යන්නෙ නෑ. හදිසියේ පොඩි දෙයක් හරි කියවන්න ඕන උනොත් ඉතින් කාගෙ හරි පිහිටක් ඕන වෙනවා අකුරු පේන්නෙ නැති නිසා. ඒත් දැන් මේ තාත්තාට ඒ ප්‍රශ්නය නැහැ. අපි සරත්චන්ද්‍ර මහතාට පිං පිණිස මේ තාත්තාට පෙනීම අරන් දුන්නා.

ඒ ලැබුන පෙනීමෙන් මේ තාත්තා ධර්මය කියවන්න දකින්න ලැබෙන එකම බොහෝම උතුම් පුන්‍යකර්මයක්. ඒ ජීවිත වලට ආලෝකය දුන්නා හා සමානයි.

මේ වියපත් පියාගේ ජීවිත මෙසේ එළි කළා සේම ඔබලාගේ පියාණන් යම් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ ජීවිතයද ආලෝකමත් වේවා…. සැපයෙන් සැපයට පත් වේවා… ධර්මයේ සුවය පිහිට නිරතුරුවම ලැබීමටත් ඒ තුළින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මේ කුසලය ආශිර්වාදයක්ම වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…

එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා දායකත්වය දක්වා සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් අයියා, අක්කා ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම දරුවන් සිටීනම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…

Donor : Kushi Ratnayake
Death Anniversary : May 19
Project ID :