loader image
Select Page

මේ පවුල ඉන්නේ කුරුණෑගල, දොරටියාව ගමේ. පුතාගේ නම දුල්ෂාන් චමෝද. වයස අවුරුදු 10යි. මේ පුතාට ඇවිදින්න, කතා කරන්න බැහැ. ඉපදුන ගමන්ම කහ උණ හැදුනලු. දරුවා එක දිගට දින ගනන් නිදාගන්නේ නැතුව ඉන්නවලු. මහනුවර රෝහලෙන් එයට බෙහෙතක් (Extra Strength MELATONIN Night Time Sleep Aid) නිර්දේශ කරලා තියෙනවලු. ඒකත් ලංකාවේ මිළදී ගන්න නැහැ. පිටරටින් රුපියල් ලක්ෂ 3 1/2ක් දීලා ගෙන්නවගෙන තියෙන්නේ.දරුවගේ අසනීපයට මුදල් ඕන නිසා හැම දෙයක්ම විකුණලා දැන් මේ අය ගොඩක් අසරණ වෙලා ඉන්නේ. පොඩි කඩයක් කරනවා. පොඩි ලෑලි වටකරගත්ත කොටසක තමා මේ පුතාගේ අම්මයි, තාත්තයි, අක්කයි දැන් මේ දරුවත් තියාගෙන ඉන්නේ.

මේ දරුවට ප්‍රතිකාර වලට විශාල වියදමක් යනවා. නුවර, කොළඹ එක්ක යන්න වෙනවා. දැන් මේ පවුලම මහමගට වැටෙන්න තරම් අසරණ වෙලා ඉන්නේ දරුවගේ වියදම් නිසා. ඉතිං අපි ඒ සඳහා ස්ථීර විසඳුමක් දෙන්න හිතුවා. අපිට බෑ ඒ අයට දිනපතා උදව් කරන්න. නමුත් දිනපතා මුදල් උපයන්න ක්‍රමවේදයක් හදලා දුන්නනම් ඒ අයගේ උත්සාහයෙන් මුදල් උපයාගනීවී. ඔවුන් දැනටමත් පාපිසි, මල් පෝච්චි, ඇඳුම් වගේ දේවල් නිවස ඉදිරිපිට විකුණනවා. අපි ඔවුන්ට සහස්නා ඇපරල් හරහා නිමි ඇඳුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන අවශ්‍ය දේවල් ලබාදුන්නා. උදව් කල හැමෝටම නොසෑහෙන්න පිං දුන්නා.

Project Code : 2017-K-0038