loader image
Select Page

පළවෙනි සැත්කමින් සතියකට පසු දෙවෙනි සැත්කම සිදුකලා. උන්වහන්සේ පන්සලේ සිට රෝහකට වැඩම කරවන විට හරි සතුටෙන් හැමෝටම පිං දුන්නා. “දැන් මහත්තයෝ මට මේ ඇහෙන් හොඳට පේනවා” කියලා උන්වහන්සේ කීවා.

පළවෙනි සැත්කමේ ආකාරයටම දෙවෙනි සැත්කමත් සිදු කලා. සැත්කම අවසන් වුන පසු උන්වහන්සේව පන්සලට වැඩම කරවූ අතර ටික දිනකින් උන්වහන්සේ නැවත මැදවච්චිය බලා වැඩම කලා.

දින දෙක තුනකින් උන්වහන්සේට ඇමතුමක් ගත් අවස්ථාවක උන්වහන්සේ සතුටින් ප්‍රකාශ කලා උන්වහන්සේගේ ඇස් දෙකම පෙර පරිදිම පැහැදිලිව පෙනෙන බව. ඒ වගේම උදව් කල හැමෝටම බෙහෙවින් පිං දුන්නා.

නැවත වරක් අප මැදවච්චිය ගිය අවස්ථාවක උන්වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ තත්වය පිළිබඳව ඔබට දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා.

දිවා රෑ පිං වැඩෙන මේ පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

තෙරුවණ් සරණයි !

වැඩි දුරටත්…

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා.

උන්වහන්සේට නැවත පෙනීම ලබාදීම සඳහා ඇස් දෙකටම සැත්කම් කිරීමට සිදු වූ අතර ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ සඳහා දායකත්වය දැක්වූවා.

මැදවච්චිය සිට උන්වහන්සේ ප්‍රථමයෙන්ම කොළඹට වැඩමවූ අතර, ඉන්පසු රාගම සහ හංවැල්ල ප්‍රදේශයේ පන්සල් දෙකක සිට තමා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට වත්තල හේමාස් රෝහල වෙත වැඩම කලේ.

ප්‍රථම දිනයේ අපි උන්වහන්සේ සමඟ රෝහලට ගොස් සැත්කම සඳහා උන්වහන්සේව රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන්පසු සැත්කම අවසන් කර උන්වහන්සේ වාට්ටුවට ඇතුලත් කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද, ඊලඟ සැත්කම පිලිබඳව විස්තරද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කලා.

ඉන්පසු නැවත උන්වහන්සේ නතර වී සිටි රාගම විහාරස්ථානයට වැඩම කලේ ඊලඟ දින උදෑසනද වෛද්‍ය පරික්ෂාව සඳහා නැවත රෝහලට වැඩම කරවීමේ බලාපොරොත්තුවෙන්.

සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක සුවයෙන් ගතකල යුතු නිසාය. උන්වහන්සේ මේ සැත්කමට දායකත්වය දැක්වූ සැමට පිං දුන්නා.

දිවා රෑ පිං වැඩෙන මේ පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

තෙරුවණ් සරණයි !

Project Code : 2018-A-OCT-0028