loader image
Select Page

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Hiruni Yatiwella විසින් ඇගේ දියණිය Iyana Wimalasena ගේ උපන්දිනය වෙනුවෙන් දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කර දියණියට ආශිර්වාද පැතීමට කටයුතු කළා. අධ්‍යාපන තුළින් හෝ මේ දරුවන්ගේ ජීවිත වල තියෙන අසරණ බවින් මිදෙන්නට නම් හරි හැටි අධ්‍යාපනය ලබන්නට පොත පත හෝ ඔවුනට ලැබිය යුතු වනවා. නමුත් ඒ වෙනුවෙන් වියදම් කරන්නට මිල මුදල් ඔවුන් සතුව නැහැ. මේ දරුවන්ගේ දෙමාපියන් මත පැටවී ඇති ජීවිතේ බරත් එක්ක එවැන්නක් වෙනුවෙන් මුදල් යොදවන්නය හැකියාවක් ඔවුනට නැහැ.

ඉතින් එවන් වූ දරුවන් වෙනුවෙනුයි අපට හැකි අයුරින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කරගැනීම උදෙසා අළුත් පාසල් උපකරණ තිළිණ කරන්නට යෙදුනේ. තම දියණිය වෙනුවෙන් මෙවැන්නක් සිදු කරමින් තවත් දරුවකුගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් වීමට සිතීම තුළින් ඔබ ගුණවත් නැණවත් පින්වන්ත මවක් බව මනාව පසක් වනවා. දහස් ගණනින් වියදම් කොට ලබා දිය නොහැකි ඉතා වටිනා තිළිණයක් ඔබ අද ඔබේ දියණියට ලබා දී තිබෙනවා.

ඉතින් මේ පුංචි මල් කැකුළු වලට අනාගතය ජය ගන්න නිසි පරිදි අධ්‍යාපනය ලබන්නට අද දවසේ ඔබ විසින් දැක්වූ මෙම සහයෝගය හේතු කොටගෙන රැස් කරගත්තාවූ කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබේ දියණියගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… යසසින් නැණ නුවනින් ධාරණ ශක්තියෙන් වැඩෙත්වා…. කරන කියන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. මෙවන් කටයුත්තක් සිදු කළ ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටත් උපන්දිනය සමරන ඔබේ ආදරණීය දියණියටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා…. කිසිදු කාය චිත්‍ත පීඩාවක් නොම වේවා… සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම ඉටු වේවා… උතුම් තුනුරුවනේ ආශිර්වාද බලයෙන් ඔබ සැමගේ ජීවිත වාසනාවන්ත වේවා….