loader image
Select Page

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා.

උන්වහන්සේට නැවත පෙනීම ලබාදීම සඳහා ඇස් දෙකටම සැත්කම් කිරීමට සිදු වූ අතර ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ සඳහා දායකත්වය දැක්වූවා.

මැදවච්චිය සිට උන්වහන්සේ ප්‍රථමයෙන්ම කොළඹට වැඩමවූ අතර, ඉන්පසු රාගම සහ හංවැල්ල ප්‍රදේශයේ පන්සල් දෙකක සිට තමා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට වත්තල හේමාස් රෝහල වෙත වැඩම කලේ.

ප්‍රථම දිනයේ අපි උන්වහන්සේ සමඟ රෝහලට ගොස් සැත්කම සඳහා උන්වහන්සේව රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන්පසු සැත්කම අවසන් කර උන්වහන්සේ වාට්ටුවට ඇතුලත් කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද, ඊලඟ සැත්කම පිලිබඳව විස්තරද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කලා.

ඉන්පසු නැවත උන්වහන්සේ නතර වී සිටි රාගම විහාරස්ථානයට වැඩම කලේ ඊලඟ දින උදෑසනද වෛද්‍ය පරික්ෂාව සඳහා නැවත රෝහලට වැඩම කරවීමේ බලාපොරොත්තුවෙන්.

දිවා රෑ පිං වැඩෙන පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

තෙරුවණ් සරණයි !

Project Code : 2018-A-OCT-0028