Dilini Senadheera අක්කට අවශ්‍ය කලා අසරණ පවුල් කිහිපයකට උදව් කරන්න. විශේෂ හේතුවක්නම් නැහැ. අසරණ කෙනෙක්ට පිහිට වීම විතරයි ඇගේ අරමුණ වුනේ…
ඉතිං පවුල් කිහිපයකට වියළි ආහාර පරිත්‍යාග කරන පිංකමකට ඇයව දායක කරගත්තා. ඔවුන්ගේ ආශිර්වාද වල, ඔවුන් ලබාදුන් පිං වල හිමිකාරිය ඔබයි අක්කා. ඔබට බොහොමත්ම පිං…
ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය, බුද්ධි තේජස් ඇත්තා වූ ද ජය සිද්ධිමහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූද
අප්‍රමාණ පුණ්‍යසම්පත්තියක් ඇත්තා වුද සකලාන්තරාය දූරිභූත කිරීමේ ශක්‌තිය ඇත්තා වූද
ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ
දෙතිස් මහා පුරිස ලකුණු අනුහසින් ද
අසූ අනූව්‍යඤ්ජන ලකුණු අනුහසින්ද
එකසිය අටක් මඟුල් ලකුණු අනුහසින්
සවණක් ඝණ බුදුරැස් අනුහසින්ද
කේතුමාලාවේ අනුහසින්ද
දස පාරමිතාවන්ගේ අනුහසින්ද
දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද
දස පරමත්ථ පාරමිතාවන්ගේ අනුහසින් ද
සීල සමාධි ප්‍රඤඅවන්ගේ අනුහසින් ද
සම්බුදුරදුන්ගේ අනුහසින්ද
සදහම් බලයේ අනුහසින්ද
මහ සඟරුවනේ අනුහසින් ද
තේජස්‌වල අනුහසින්ද
ඉර්ධිවල අනුහසින්ද
බලපරාක්‍රමයේ අනුහසින්ද
දැනගත යුතු ධර්මයේ අනුහසින් ද
අසූහාර දහසක් ධර්මස්‌කන්ධයේ අනුහසින්ද
නව ලෝකෝත්තර ධර්මයේ අනුහසින්ද
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද
අටසම්වත් අනුහසින්ද
ෂඩ් අභිඥවන්ගේ අනුහසින්ද
මෛත්‍රී කරුණා මුදිතා උපේක්‌ඛඅ ගුණ අනුහසින්ද
සියලු පාරමිතාවන්ගේ අනුහසින්ද
තෙරුවන් සරණේ අනුහසින්ද
ඔබගේ සහ ඔබ පවුලේ සියලු දෙනාගේ
සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද
සියලු දුක් දොම්නස් ද දුරුවේවා·
ඔබ සියලු පැතුම් ඉටුවේවා·
දීර්ඝායුෂ ලබා සියවසක් ජීවත්වීමේ වාසනාව
උදාවේවා·
තෙරුවණ් සරණයි !!!