loader image
Select Page

Irosha Sajeewani Kristhogu Baduge ෆේස්බුක් මිතුරිය විසින් සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදී තිබෙන ඇගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත අය වෙනුවෙන් අත්වාරු, කිහිලිකරු හෝ රෝදපුටුවක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඇය අනතුරකට මුහුණ පා එයින් පසුව ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් දෙපා යුගලක ඇති වටිනාකම ඈ හොඳින්ම දන්නා බවත් අපට පැවසුවා. ඒ අනුව ඇගේ උපන්දිනය වෙනුවෙන් එම ඉල්ලීම ඉටු කරමින් මේ අසරණ ආබාධිත ආච්චි අම්මා වෙනුවෙන් කිහිළිකරු යුගලයක් පරිත්‍යාග කරා.

මේ ආච්චි අම්මාට එක කකුළකට බර දීලා ඇවිදින්න බැහැ. පොඩි දුරක් අමාරුවෙන් ඇවිද්දත් ගොඩක් දුර ඇවිදිද්දි වේදනාව එනවා කියලා ඈ අපට කිව්වා. කිහිළිකරු නිසා දැන් පහසුවෙන් යන්න පුළුවන් කියලා ඇය බොහෝම සතුටින් පිං දුන්නා.

ඒ වගේම මේ අත්තම්මාට චීත්තයක්ද පරිත්‍යාග කරා. ඇය ඉන්නෙත් බොහෝම අසරණ තත්වයක නිසා අළුත් චීත්තයක් ගන්න මුදල් ඈ ළඟ නැහැ. අරන් දෙන්න දරුවන්ටත් හැකියාවක් නැහැ. ඉතින් ලැබෙන මේ වගේ පරිත්‍යාගයකින් මිස මෙවන් තිළිණයක් කිසිදා ලැබෙන්නෙ නෑ මේ මව්වරුන්ට. ඒ නිසාමදෝ ඇගේ ඇස් වල කඳුළු පිරී තිබෙන අයුරු අපි දුටුවා. ඒ සතුටු කඳුළු බව අප හොඳින්ම දන්නවා.

“දෙපා වල ඇති වටිනාකම මම හොඳින්ම දන්නවා. ඒ නිසා මට දෙපා වාරු නැති අසරණ අයට පිහිටක් වෙන්න ඕන.” මේ ඇගේ පැතුමයි. උපන්දිනය දවසේ පාටි වෙනුවට ඇයට අවශ්‍ය උනේ අසරණ කෙනෙක්ට පිහිට වෙන්නයි. එයයි සැබෑම ආශිර්වාදය. මේ උතුම් කටයුත්ත තුළින් රැස් කරගත් කුසලයන්ගේ බලයෙන් ඔබේ ශාරීරික පීඩාවන් සියල්ලක්ම වහා පහව යේවා… නිදුක් නීරෝගී සුවය උදා වේවා…. දෙපා වලට වාරුවක් සවියක් වූ සේම මෙම කුසලයෙන් ඔබේ දිවිමඟට අවැසි ශක්තිය ධහිරිය ලැබේවා…. සිතන පතන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම ඔබේ දිවියට උදා වේවා….

ඔබට සුභ උපන්දිනයක් අක්කේ…

මේ පිංකමට මගේ සහෝදරිය Nilanthi Edirisooriya ශ්‍රම දායකත්වය දැක්වූවා.