loader image
Select Page

Irosha Sajeewani Kristhogu Baduge ෆේස්බුක් මිතුරිය විසින් සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදී තිබෙන ඇගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත අය වෙනුවෙන් අත්වාරු, කිහිලිකරු හෝ රෝදපුටුවක් පරිත්‍යාග කිරීමට අවශ්‍ය බව පැවසුවා. ඇය අනතුරකට මුහුණ පා එයින් පසුව ඇති වූ පාදයේ ආබාධය හේතුවෙන් දෙපා යුගලක ඇති වටිනාකම ඈ හොඳින්ම දන්නා බවත් අපට පැවසුවා. ඒ අනුව ඇගේ උපන්දිනය වෙනුවෙන් එම ඉල්ලීම ඉටු කරමින් මේ අසරණ ආබාධිත සීයා වෙනුවෙන් walker එකක් පරිත්‍යාග කරා.

මේ සීයාගේ කකුළේ ආබාධයක් තියෙනවා. කකුල් වලට බර දීලා ඇවිදින්න අමාරුයි මේ සීයටත්. ඒත් දැන් ලැබුන අත්වාරුවෙන් පහසුවෙන් ඇවිදින්න පුළුවන්.

“දෙපා වල ඇති වටිනාකම මම හොඳින්ම දන්නවා. ඒ නිසා මට දෙපා වාරු නැති අසරණ අයට පිහිටක් වෙන්න ඕන.” මේ ඇගේ පැතුමයි. උපන්දිනය දවසේ පාටි වෙනුවට ඇයට අවශ්‍ය උනේ අසරණ කෙනෙක්ට පිහිට වෙන්නයි. එයයි සැබෑම ආශිර්වාදය. මේ උතුම් කටයුත්ත තුළින් රැස් කරගත් කුසලයන්ගේ බලයෙන් ඔබේ ශාරීරික පීඩාවන් සියල්ලක්ම වහා පහව යේවා… නිදුක් නීරෝගී සුවය උදා වේවා…. දෙපා වලට වාරුවක් සවියක් වූ සේම මෙම කුසලයෙන් ඔබේ දිවිමඟට අවැසි ශක්තිය ධහිරිය ලැබේවා…. සිතන පතන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම ඔබේ දිවියට උදා වේවා….

ඔබට සුභ උපන්දිනයක් අක්කේ…