loader image
Select Page

මැදවච්චිය දුම්රිය නගරයේ පදිංචිව ඉන්න ඩිලාන් ධනුෂ්ක පුතා උපතින්ම මානසික ආබාධයකින් පෙළෙන දරුවෙක්. මවගේ රැකවරණය නොලැබෙන්න ඔහුගේ ජීවිතය අනතුරේ හෙලෙන්න තිබුනා. මොකද මේ දරුවා එයාගෙම අතපය වලින් එයාටම ගහගන්නවා. එයාවම තුවාල කරගන්නවා. තමන්ටම හානි කරගන්න වේදනා දෙන්න පෙළඹෙන තරමට මේ දරුවගේ මනස නියමාකාරයෙන් වර්ධනය වෙලා නැහැ. උපතින්ම උරුම කරගෙන ආපු මේ ආබාධය එක්ක මේ දරුවා ජීවත් වෙන විදිහ දකින ඕනම කෙනෙක්ගෙ හිත දුකට පත් වෙනවා. මේ වගේ දරුවෝ කෙරෙහි අනුකම්පා වෙන හදවත් වල පිහිට පමණයි මේ අයට පොඩි හරි සහනයකට තියෙන්නෙ. ඒ හැම දුකක් අස්සෙම ආර්ථිකය කියන ප්‍රශ්නෙත් මේ අයට හරහට හිටලා. ඉතින් ජීවත් වෙන්නත් මාර්ගයක් නැති මේ පවුලේ ආබාධිත දරුවා වෙනුවෙන් රෝද පුටුවක් අත්‍යාවශ්‍ය උනත් ගන්න සල්ලි නෑ ඒ අය ළඟ. ඒ නිසයි අපි මේ දරුවට අළුත් රෝද පුටුවක් අරන් දෙන්න තීරණය කලේ.

මේ කටයුත්ත සිදු කරන්න මූලික හේතුව උනේ මීට වසර 19 කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ ජයන්ත ප්‍රනාන්දු මහතාගේ දියණිය වන Mekala Sankapali Fernando ත් ඇගේ මව වන එනම් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සෙනෙහෙබර බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රනාන්දු මහත්මියත් පණ්ඩුක ප්‍රනාන්දු වන පුතණුවනුත් ඉමිහිරි පෙරේරා වන බෑණනුවන් හා තෙහාන් පෙරේරා මුණුබුරා යන සියළුම දෙනා එකට එක්ව පියාණන් හට පිං පැමිණවීමට අවශ්‍ය වීමයි. ඒ අනුව ඔවුන් විසින් පියාණන්ට පිං පිණිස මේ දරුවට අළුත් රෝද පුටුවක් අරන් දෙන්න දායක උනා. බොහොම පරිස්සමින් මේ දරුවා බලාගන්න මේ අම්මට රෝද පුටුව තියෙන නිසා වැඩි ආරක්ෂාවත් එක්ක දැන් දරුවව බලා ගන්න පුළුවන්.

මෙවන් ආබාධ ඕනෑම අයකුගේ පෙර අකුසල් හේතුවෙන් ඇති වෙන්න පුළුවන් උනත් ඒ වගේ අයට පිහිට වීම තුළින් අපි රැස් කරගන්න කුසලයන් අපිව එවන් දුක්බර ඉරණමකට අත් වීමෙන් වළක්වා ගන්නට මහෝපකාරී වෙනවා. ඉතින් මේ වගේ දරුවෙක්ට පිහිට වෙලා රැස් කරගත්ත කුසලානිසංසයන් ඔබ පවුලේ සෑම දෙනාගේම අරමුණ වූ පරිදි ඔබේ පියාණන් හට අනුමෝදන් වේවා…. ඔබේ පියාණන් යම් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ ජීවිතයද ආලෝකමත් වේවා…. සැපයෙන් සැපයට පත් වේවා… ධර්මයේ සුවය පිහිට නිරතුරුවම ලැබීමටත් ඒ තුළින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මේ කුසලය ආශිර්වාදයක්ම වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…

එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා ඒකරාශී වූ ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සෙනෙහෙබර භාර්‍යාවටත්, දියණියටත්, පුතණුවන් බෑණනුවන් හා මුණුබුරා හටත් මේ සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…

මේ පිංකමට මාගේ සහෝදරිය Nilanthi Edirisooriya ශ්‍රම දායකත්වය දැක්වූවා.

Location : දුම්රිය නගරය, මැදවච්චිය, අනුරාධපුර දිස්ත්‍රික්කය