loader image
Select Page
අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 03)

අසරණ අත්තම්මලා වෙනුවෙන් අත්වාරු රැගෙන එතෙර සිට ආ සෙනෙහෙබර Malkanthi de Silva නැන්දා (Part 03)

බොහෝ කලක පටන් මා ෆේස්බුක් හරහා ඇසුරු කරන Malkanthi De Silva නැන්දා ජර්මනියේ සිට රැගෙන ආ විවිධ බඩු බාහිරාදිය එක්ක දිනක් මා හමුවීමට මගේ රැකියා ස්ථානයට පැමිණියා. එදින ඇගේ විශේෂ ඉල්ලීමක් උනේ ඈ රැගෙන ආ අත්වාරු ගම්වල සිටින අසරණ වියපත් වැඩිහිටියන්ට පරිත්‍යාග කරන එක. එම අත්වාරු තවත් සුවිශේෂී ඒවා උනේ එහි දිග ප්‍රමාණය වැඩිහිටියන්ගේ උසට සරිලන පරිදි වෙනස් කරගැනීමට හැකි වීමයි.

මේ අත්වාරු රැගෙන දියතලාවේ සෙනෙහසේ චාරිකාවක් යන අතරමගදී අපට හමුවුනා බොහෝම අමාරුවෙන් ලීයක ආධාරයෙන් ඇවිදින අත්තම්මා කෙනෙක්ව.

අත්තම්මා ළඟට ගිය අපි පරණ ලීය වෙනුවට අළුත් අත්වාරුව දුන්නම ඒ මූණේ පිරිලා තිබුනේ හරිම අහිංසක හිනාවක්. උසට ගැලපෙන විදිහට සකස් කරලා දුන්නම අත්තම්මා හරි ආසාවෙන් ඇවිදලා බැලුවේ.

ලීයකින් වාරුව ගත්ත මේ අම්මට සවි ශක්තිමත් වාරුවක් ලබා දී මේ රැස් කරගත්තා වූ කුසලය නිර්වාණාවබෝධය පිණිස තවත් එක් වාරුවක් රුකුලක්ම වේවා…. ඔබටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනාටමත් කාය චිත්ත පීඩාවක් නොවේවා…. සියළු සිතුම් පැතුම් මෙන්ම කරන කියන කටයුතු සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන් උදා වේවා…. තව තවත් පින්දහම් සිදු කරන්නට සිත් පහළ වේවා…. ඊට අවශ්‍ය ශක්තිය ධෛර්ය නොඅඩුව නිරතුරුවම ලැබේවා….

මේ පිංකමට මගේ සහෝදරිය Nilanthi Edirisooriya ශ්‍රම දායකත්වය දැක්වූවා.