loader image
Select Page
මෙළොවින් සමුගත් ආදරණීය මවට සහ නැන්දාට පිං පිණිස අසරණ පියෙකුට රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

මෙළොවින් සමුගත් ආදරණීය මවට සහ නැන්දාට පිං පිණිස අසරණ පියෙකුට රෝදපුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

වත්සලා අක්කගේ ආදරණීය මෑණියන්, තෙරේසා මහත්මිය සහ නැන්දා, විනිතා මහත්මියට පිං පිණිස අක්කට ඕනෑ කලා අසරණ ආබාධිත කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න.

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, ඇටවීරගොල්ලෑව තාත්තා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියලා.

මේ අම්මගේ නම ජී. පුංචි බණ්ඩා. වයස අවුරුදු 70යි. වැටිලා උකුල් ඇටේ කැඩිලා ඇවිදින්න බැහැ. ගොඩක් අසරණ කෙනෙක්. බල කියාගන්න කෙනෙක් නෑ. තාත්තට අපි ඉදිරියේදී රෝද 3ක රෝදපුටුවක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට ගෙවල් ගානේ ගිහින් හරි මොනව හරි ඉල්ලගන්න පුලුවන්.

අනේ තාත්තට රෝද පුටුව දුන්නහම අඬ අඬා පිං දුන්නේ. මං වත්සලා අක්කගේ ඡායාරූපයක් පවා පෙන්නුවා තාත්තට. තාත්තා අක්කගේ ෆොටෝ එකක් ඉල්ලනවා ලඟ තියාගන්න. වැන්දා ෆෝන් එකේ ෆොටෝ එකට අත් දෙක එකතු කරලා. රෝද පුටුවේ වාඩි වුනෙත් පුටුවට වැඳලා. බලන්න කොච්චර හදවතට දැනිලද මේ පරිත්‍යාගය.

අක්කේ, ඔබ මේ සිදුකල කුසලයේ ආනුභාවයෙන් පරලෝ සැපත් ඔබේ ආදරණීය අම්මා සහ නැන්දා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

වත්සලා අක්කටත් ගොඩක් පිං මේ පිංකමට සම්බන්ධ වුණාට. තව තවත් මේ වගේ පිංකම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා… ඔබ නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා… තෙරුවණ් සරණයි !

මේ පිංකමට ශ්‍රම දායකත්වය දැක්වූ මහේෂ් අයියාට සහ ලහිරු මල්ලීටත් බොහොමත්ම පිං.

Donor : W P Ranpati Dewage
Project ID : 2019-JAN-0019

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් පියාණන්ට පිං අනුමෝදන් කල ආදරණීය දරුවෝ (Donating Dry Rations) Part 01

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් පියාණන්ට පිං අනුමෝදන් කල ආදරණීය දරුවෝ (Donating Dry Rations) Part 01

2012 පෙබරවාරි 4 වැනි දින මිය පරලොව යන්නට යෙදුනාවූ අමරවංස කුමාරසිරි දාබරේ මහතාගේ ආදරණීය පුතණුවන් වන Venura Niron Dabare සහ Vindu Dabare පියණන් හට පිං පැමිණවීම උදෙසා අසරණ පවුල් කිහිපයකට වියළි ආහාර ලබා දීම සිදුකල ව්‍යාපෘතියකට දායකත්වය දැක්වූවා. 2019 පෙබරවාරි 04 වැනි දිනට ඔහු මෙළොව හැර ගොසින් වසර 7ක් වෙනවා.

මිය පරලොව යන්නට යෙදුන පියාණන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට මෙන්ම දරුවන් සහ ආබාධිත/රෝගී අයට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන්/දරුවන් බොහෝම අසරණයි. ඒ වැඩිහිටියන්ගේ දරුවන්ට පවා ඒ අයගේ පවුල් වල කුස පුරවන්න හැකියාවක් නැහැ. එවන් පවුල් කිහිපයකටම අපි වියළි ආහාර පරිත්‍යාග කරා. ඒ මව්වරු, පියවරු, දරුවන් ඉන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ පියාණන් හට අනුමෝදන් වේවා….

මේ පිං බලයෙන් ඔහුගේ පරලොව ජීවිතය සැපයෙන් සැපයට පත් වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…

එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා දායකත්වය දක්වා සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් දරුවන් වන ඔබ දෙපළගේ පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම දරුවන් සිටීනම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…

Donor : Venura Dabare & Vindu Dabare
Death Anniversary : February 04 (7th)
Project ID : 2019-JAN-0034

පින්වන්ත යුවළකගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පාසල් යන දරුවන්ට තිළිණයක් (Donating Stationaries)

පින්වන්ත යුවළකගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පාසල් යන දරුවන්ට තිළිණයක් (Donating Stationaries)

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Harshini Galpottage-Don නංගී සහ Dilruk Dinesh අයියා ඔවුන්ගේ විවාහ ජීවිතයේ සොඳුරුතම දිනයක් සිහිපත් කරමින් මෙලෙස ඉතා වටිනා කටයුත්තක් සිදු කරන්නට යෙදුනා. පසුගිය ජනවාරි 21 වෙනි දිනට යෙදී තිබුණ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අසරණ පවුල් වල දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කෙරුණා. මේ සඳහා තෝරාගැනුනේ අතිශය දුෂ්කර ප්‍රදේශ වල ජීවත් වන බොහෝමත්ම අසරණ පවුල් වල දරුවන්. මේ හැම දරුවෙක්ම තම අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ ඉතාමත් අපහසුවෙන්. ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන්න මේ දෙමාපියන්ට ආර්ථික මට්ටමක් නැහැ. නමුත් මේ දරුවන් හැකි පමණින් ඒ අයගේ අධ්‍යාපන කටයුතු සිදු කරනවා. ඉතින් මේ දරුවන්ට නව පාසල් වාරයට අවශ්‍ය වන අංග සම්පූර්ණ පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම සිදු කරා. එය මේ අසරණ පවුල් වල දෙමාපියන්ගේ හිසේ තිබූ විශාල බරක් නිදහස් වූවා වැනි බව ඒ අයගේ මූණු වලින්ම පෙනෙන්නට තිබුණා.

රොමෑන්ටික් ඩිනර් එකක් තුළින් ලබන සතුට එම යුවළට පමණක් සීමා උනාට මේ බෙදා දුන්න සතුට ඒ අහිංසක හිත් බොහෝමයකට ලඟා කරගන්නට නොහැකි සතුටක්. මල් වගේ මේ පුංචි හිත් වලට මෙවන් සතුටක් ගෙනවිත් ලබා ගත් පින් බලයෙන් ඔබ දෙපළගේ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. පින්වන්ත කැදැල්ලක සොඳුරු විවාහ ජීවිතයක් ගෙවීමට මේ පින ආශිර්වාදයක්ම වේවා…

Happy 3rd Wedding Anniversary !

Donor : Harshini Galpottage-Don
Anniversary : January 21
Project ID : 2019-JAN-0022

අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

අසරණ දරුවන් ඉන්න පවුලකට බයිසිකලයක් ? පරිත්‍යාග කර විවාහ සංවත්සරය සැමරු පින්වන්ත යුවළ

මේ පවුල ඉන්නේ බුත්තල මහගොඩයායේ. පොඩි පැල්පතක ජීවත් වෙන්නේ. තාත්තා ඔත්පල වෙලා ඉන්නේ. එදා වේල අපහසුවෙන් ගැටගහගන්න මේ අම්මට කවදාවත් දරුවන්ට බයිසිකලයක් අරන් දෙන්න වත්කමක් නැහැ. මේ පරිත්යාගය නිසා මේ දරුවන්ට ආයෙත් පාසලට කිලෝමීටර් ගණන් පයින් යන්න ඕන නැහැ. බලන්න මේ දරුවන්ගේ මූණුවල තියෙන සතුට. අම්මා නොසෑහෙන්න පිං දුන්නා.

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Harshini Galpottage-Don නංගී සහ Dilruk Dinesh අයියා ඔවුන්ගේ විවාහ ජීවිතයේ සොඳුරුතම දිනයක් සිහිපත් කරමින් මෙලෙස ඉතා වටිනා කටයුත්තක් සිදු කරන්නට යෙදුනා. පසුගිය ජනවාරි 21 වෙනි දිනට යෙදී තිබුණ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙනුයි මේ පිංකම කලේ.

රොමෑන්ටික් ඩිනර් එකක් තුළින් ලබන සතුට එම යුවළට පමණක් සීමා උනාට මේ බෙදා දුන්න සතුට ඒ අහිංසක හිත් බොහෝමයකට ලඟා කරගන්නට නොහැකි සතුටක්. මල් වගේ මේ පුංචි හිත් වලට මෙවන් සතුටක් ගෙනවිත් ලබා ගත් පින් බලයෙන් ඔබ දෙපළගේ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. පින්වන්ත කැදැල්ලක සොඳුරු විවාහ ජීවිතයක් ගෙවීමට මේ පින ආශිර්වාදයක්ම වේවා…

Happy 3rd Wedding Anniversary !

Donor : Harshini Galpottage-Don
Anniversary : January 21
Project ID : 2019-JAN-0022

දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

දරුවන් ඉන්න පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කරමින් උපන්දිනය සැමරූ ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න පුළුවනිද මේ දරුවෝ බඩගින්නක් ආවත් ඉවසාගෙන පාසලේ වැඩ කටයුතු කරන්නේ ඒ දරුවන්ට වෙනත් විකල්පයක් ඇත්තේම නැති නිසා. ඔබට මතක ඇති ඔබ පාසල් ගිය කාලය. කඩචෝරු කන්න පුංචි මුදලක් හරි අරන් ගියේ ප්‍රධාන කෑම වේලට අමතරව. ඒත් මේ දරුවන්ට ප්‍රධාන කෑම වේලකින්වත් කුස පුරෝගන්න අවස්ථාවක් නැහැ. ඒ දරුවන්ගේ කුසගින්න තරමක් හෝ නිවාගන්න ලැබෙන්නේ එදා දවසට මොනාහරි විකුණලා, කුළී වැඩක් කරලා ලැබෙන පුංචි මුදලකින්.

ඉතින් මේ දරුවෝ කොහොම හරිහැටි අධ්‍යාපනය ලබන්නද? මේ දරුවන්ගේ දුක ගැන අවබෝධ උන අපි මේ පවුල් වලට වියළි ආහාර ලබා දෙන්න කටයුතු කළා. වියළි ආහාර පාර්සලයේ පෝෂණීය ආහාර අඩංගු නිසා මේ වියළි ආහාර මල්ල ඒ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් බොහෝමත්ම වටිනවා. ඒ දෙමාපියන්ට කොයිතරම් සතුටක් ඇත්ද. හැකි ඕනෑම මොහොතක කාගේ හෝ කුසගින්නක් නිවන්න හැකි නම් ඒ පිනෙන්ම ඔබේ හැම දුක් ගින්නක්ම නිවී යාවි.

මේ පිංකම සිදුකලේ ජනවාරි 30 වෙනි දිනට යෙදිලා තියෙන සුධීර සහන් මිතුරාගේ උපන්දිනය වෙනුවෙන්. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මුදල් වියදම් කරලා සතුටු වෙනවට වඩා තවත් කෙනෙක්ගේ සතුටක් වෙනුවෙන් කැපවෙන එක, තවත් අසරණ කෙනෙක්ගේ ජීවිතයට සවියක් වන එක ගොඩක් වටිනවා.

මේ පින ඔබට අත් වීමෙන් නිදුක් නීරෝගී සුවබර දිවියක් උරුම වේවා… කරන කියන කටයුතු රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා… නීරෝගී දරු සම්පත් හිමිවේවා. සිතේ සතුට සැනසුම නිරතුරුවම රැඳේවා… පින්වන්ත දිවියක් ගත කිරීම උදෙසා අවැසි ආශිර්වාදය ශක්තිය මේ උතුම් පුන්‍යකර්මයේ ආනිසංස බලයෙන් ඔබට හිමි වේවා… සසර පුරා නිවන් දක්නා තුරා මෙසේ කුසල් රැස් කරන්නටද අවසානයේ උතුම් වු නිර්වාණාවබෝධය ලැබීමටත් මෙම කුසලය හේතු වේවා…

සුභ උපන්දිනයක් අයියේ…