loader image
Select Page

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Harshini Galpottage-Don නංගී සහ Dilruk Dinesh අයියා ඔවුන්ගේ විවාහ ජීවිතයේ සොඳුරුතම දිනයක් සිහිපත් කරමින් මෙලෙස ඉතා වටිනා කටයුත්තක් සිදු කරන්නට යෙදුනා. පසුගිය ජනවාරි 21 වෙනි දිනට යෙදී තිබුණ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් අසරණ පවුල් වල දරුවන්ට පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කෙරුණා. මේ සඳහා තෝරාගැනුනේ අතිශය දුෂ්කර ප්‍රදේශ වල ජීවත් වන බොහෝමත්ම අසරණ පවුල් වල දරුවන්. මේ හැම දරුවෙක්ම තම අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ ඉතාමත් අපහසුවෙන්. ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන්න මේ දෙමාපියන්ට ආර්ථික මට්ටමක් නැහැ. නමුත් මේ දරුවන් හැකි පමණින් ඒ අයගේ අධ්‍යාපන කටයුතු සිදු කරනවා. ඉතින් මේ දරුවන්ට නව පාසල් වාරයට අවශ්‍ය වන අංග සම්පූර්ණ පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම සිදු කරා. එය මේ අසරණ පවුල් වල දෙමාපියන්ගේ හිසේ තිබූ විශාල බරක් නිදහස් වූවා වැනි බව ඒ අයගේ මූණු වලින්ම පෙනෙන්නට තිබුණා.

රොමෑන්ටික් ඩිනර් එකක් තුළින් ලබන සතුට එම යුවළට පමණක් සීමා උනාට මේ බෙදා දුන්න සතුට ඒ අහිංසක හිත් බොහෝමයකට ලඟා කරගන්නට නොහැකි සතුටක්. මල් වගේ මේ පුංචි හිත් වලට මෙවන් සතුටක් ගෙනවිත් ලබා ගත් පින් බලයෙන් ඔබ දෙපළගේ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. පින්වන්ත කැදැල්ලක සොඳුරු විවාහ ජීවිතයක් ගෙවීමට මේ පින ආශිර්වාදයක්ම වේවා…

Happy 3rd Wedding Anniversary !

Donor : Harshini Galpottage-Don
Anniversary : January 21
Project ID : 2019-JAN-0022