loader image
Select Page

මේ පවුල ඉන්නේ බුත්තල මහගොඩයායේ. පොඩි පැල්පතක ජීවත් වෙන්නේ. තාත්තා ඔත්පල වෙලා ඉන්නේ. එදා වේල අපහසුවෙන් ගැටගහගන්න මේ අම්මට කවදාවත් දරුවන්ට බයිසිකලයක් අරන් දෙන්න වත්කමක් නැහැ. මේ පරිත්යාගය නිසා මේ දරුවන්ට ආයෙත් පාසලට කිලෝමීටර් ගණන් පයින් යන්න ඕන නැහැ. බලන්න මේ දරුවන්ගේ මූණුවල තියෙන සතුට. අම්මා නොසෑහෙන්න පිං දුන්නා.

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Harshini Galpottage-Don නංගී සහ Dilruk Dinesh අයියා ඔවුන්ගේ විවාහ ජීවිතයේ සොඳුරුතම දිනයක් සිහිපත් කරමින් මෙලෙස ඉතා වටිනා කටයුත්තක් සිදු කරන්නට යෙදුනා. පසුගිය ජනවාරි 21 වෙනි දිනට යෙදී තිබුණ ඔවුන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙනුයි මේ පිංකම කලේ.

රොමෑන්ටික් ඩිනර් එකක් තුළින් ලබන සතුට එම යුවළට පමණක් සීමා උනාට මේ බෙදා දුන්න සතුට ඒ අහිංසක හිත් බොහෝමයකට ලඟා කරගන්නට නොහැකි සතුටක්. මල් වගේ මේ පුංචි හිත් වලට මෙවන් සතුටක් ගෙනවිත් ලබා ගත් පින් බලයෙන් ඔබ දෙපළගේ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. පින්වන්ත කැදැල්ලක සොඳුරු විවාහ ජීවිතයක් ගෙවීමට මේ පින ආශිර්වාදයක්ම වේවා…

Happy 3rd Wedding Anniversary !

Donor : Harshini Galpottage-Don
Anniversary : January 21
Project ID : 2019-JAN-0022