loader image
Select Page
P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

P. රූපසිංහ අක්කාගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැදවච්චිය, හිරල්ලුගම ගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගයාන් මහතාගෙන් රෝදපුටුවක් අවශ්‍ය අම්මා කෙනෙක් හිරල්ලුගම ගමේ ඉන්නවා කියලා.

මේ අම්මගේ වයස අවුරුදු 68යි. මැදවච්චිය, හිරල්ලුගම ගමේ ඉන්නේ. ඇවිදින්න බැහැ, එක්තැන් වෙලා ඉන්නේ.

රූපසිංහ අක්කාගේ උපන්දිනය අප්‍රේල් 11 වෙනි දිනට යෙදිලා තිබෙනවා. අක්කා කීවා ඒ වෙනුවෙන් මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා.

මං රූපසිංහ අක්කගේ ඡායාරූපයක් පවා පෙන්නුවා අම්මට, ඒ වගේම මං ඔයා ගැන විස්තරත් කීවා. අනේ නොසැහෙන්න අඬ අඬා පිං දුන්නා. යනකම්ම ඉකි ගගහා අඬන එක කලේ.

මේ කුසලයේ ආනුභාවයෙන් රූපසිංහ අක්කා නිදුක් නීරෝගී වේවා. රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ඔබ විසින් සිදු කරනා සියලුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ අනාගත පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරුඵල ලැබේවා. විවාහ වී නොමැතිනම් යහපත් ස්වාමිපුරුෂයයෙක්/ප්‍රේමවන්තයෙක් ලැබීමටද මේ පින හේතුවාසනා වේවා.

මේ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

සුභ උපන්දිනයක් අක්කා…

මේ පිළිබඳව විස්තර ලබාදුන් ගයාන් මිතුරාටත්, හිරල්ලුගම ගමේ සිසිර අයියාටත් බොහොම පිං.

Location : හිරල්ලුගම, මැදවච්චිය

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

මෑණියන්ට පිං පිණිස අසරණ මවකට රෝදපුටුවක් පරිත්‍යාග කල Manel Mangalika නැන්දා

Manel Mangalika නැන්දාගේ ආදරණීය මෑණියන්වූ සෝමාවතී මහත්මිය පසුගිය ජනවාරි 01 වෙනි දින මෙළොවින් සමුගත්තා. අදට මාස 3ක් සපිරුණා. ඒ වෙනුවෙන් අපි ඉතාමත් උතුම් පිංකමක් සිදුකලා.

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා යටියන්තොටින් අම්මා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. ඉතිං අපි රෝදපුටුවකුත් අරන් යටියන්තොට ගියා ඒ අම්මා බලන්න.

මේ අම්මට වයස අවුරුදු 90යි. නම හාමිනෝනා. ඉන්නේ යටියන්තොට මීගහවල්ල ගමේ. ගොඩක් අසරණ පවුලක්. මේ අම්මට ඇවිදින්න බැහැ. ඇස් පේන්නෙත් නැහැ. වැසිකිළියටවත් යන්න විදිහක් නැහැ. බිම මෙට්ටයක තමා ඉන්නේ. වැටිලා කකුල කැඩිලා තියෙන්නේ. අපි යනකොට වේදනාවෙන් කෑගගහා හිටියේ. රෝද පුටුවේ වාඩි කරවන්න විදිහක් තිබුණේ නැහැ අනේ පුතේ මට රිදෙනවා නැගිටින්න බැහැ කියලා අඬනවා. අපි කීවා එහෙනම් පුතා ආවාට පස්සේ රෝද පුටුවෙන් වාඩි කරවයි කියලා.

අපි මේ අම්මට වැසිකිළි යන්න පහසු වෙන්න කොමඩ් එකක් සහිත රෝදපුටුවක් තමයි පරිත්‍යාග කලේ. ඒත් එක්කම සති කිහිපයකට සෑහෙන්න වියළි ආහාර පාර්සලයකුත් ලබාදුන්නා. අනේ නොසෑහෙන්න පිං දුන්නා ඒ අම්මා ඉකි ගගහා අඬ අඬා පිං දුන්නේ. මගෙන් ඇහුවා මං ගෙනාපු කෑම පාර්සලේ දැන් කන්න පුලුවන් දෙයක් තියේද කියලා. මං කීවා බිස්කට් තියේ කියලා. අනේ පුතේ මට පුතාගේ අතින් බිස්කට් එකක් කවන්න කීවා. මට ඇඬුනා ඒක කියනකොට. මං බිස්කට් පැකට් එක කඩලා බිස්කට් දෙකක් කැව්වා. මගේ අත ඉඹ ඉඹ පහත් වෙලා මට වඳින ගමන් කෑවේ.

මට මේ අම්මා පිළිබඳව විස්තර සහ ඡායාරූප ලබාදුන් Dhanu Hemachandra මිතුරියටත්, වැඩසටහනට ශ්‍රම දායකත්වය දැක්වූ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී Rohan Chathuranga මහත්මයාටත් Nalaka Sampath, Prasanna Sanjaya Nammuni Arachchi, Chalani Jinadari යන ධනූ මිතුරියගේ මිතුරු මිතුරියන්ටත් බොහොමත්ම පිං.

මේ සිදු කලා වූ පුණ්‍යකර්මයේ බලයෙන් ඔබගේ මවද, මීට වසර 13කට පෙර අද වගේ දිනකදී මෙලොවින් සමුගත් ඔබේ පුංචි අයියා, ෆ්‍රැන්සිස් අතුකෝරල මහතාද දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක් ලැබීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප සම්පත් තව තවත් වැඩිදියුණු වීමටත් අවසානයේ අමා මහා නිවන් සුවය අත් කරගැනීමටත් හේතු වාසනා වේවා.ඒ වගේම දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

Location : යටියන්තොට

ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

ආබාධිත තරුණයෙක්ට රෝදපුටුවක් පරිත්‍යාග කල Rohan Withanaarachchi අයියා

පසුගිය දිනක සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා ෆේස්බුක් මිතුරෙක්ගෙන් රෝදපුටුවක් අවශ්‍ය කෙනෙක් නිවිතිගල ඉන්නවා කියලා.

මේ අයියට වයස අවුරුදු 31යි. උපතින්ම ආබාධිතයි. අසරණ පවුලක්. නිවිතිගල ඉන්නේ. අපි මේ තරුණයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා.

ඔහුගේ අම්මා සහ ඔහු නොසෑහෙන්න පිං දුන්නා. නොසෑහෙන්න ආශිර්වාද කලා. ඒ හැම ආශිර්වාදයකම සැබෑ හිමිකාරයා ඔබ සහ ඔබේ ආදරණීය බිරිඳ Inoka Sumithraarachchi අක්කයි. මං ඔයාලගේ ඡායාරූපත් පෙන්නුවා.

ඔබ මේ කලාවූ පුණ්‍යකර්මය හේතුවෙන් ඔබ දෙපළගේ අනාගතය සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා. රැකියාව, විවාහ ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරු සම්පත් හිමිවේවා. මතු ඉපදෙනා සෑම ආත්මයකදීම සැපවත් ආත්මයක් ලැබේවා… මේ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටද හේතුවාසනා වේවා. දැකබලා සතුටුවන ඔබටද මේ පිංකම අනුමෝදන් වෙත්වා.

මේ පිළිබඳව විස්තර ලබාදුන් අසේල මල්ලීටත්, විකුම් මිතුරාටත් බොහොම පිං.

Location : නිවිතිගල, රත්නපුර

Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

Amoi Rasanjalee මිතුරියගේ උපන්දිනයට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ලබන මාර්තු 28 වෙනිද රසාංජලී මිතුරියගේ උපන්දිනය. අපි ඒ වෙනුවෙන් මේ අම්මට රෝද පුටුවක් පරිත්‍යාග කලා.

මේ අම්මගේ නම ආර්. එම්. මල්ලිකා. වයස අවුරුදු 68යි. දියතලාව, පහළකදුරුගමුව, කිරිමඩුවෙපතන ඉන්නේ. ඇස් පේන්නේ නැහැ. මීට කලින් පිළිකාවක් ඇවිත් තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරලලු තියෙන්නේ. ගෙදර අයටනම් මං රසාංජලී මිතුරියගේ ඡායාරූපයක් පෙන්නුවා. අම්මට මං ඔයා ගැන විස්තර කීවා. අනේ නොසැහෙන්න අඬ අඬා පිං දුන්නා.

මේ කුසලයේ ආනුභාවයෙන් රසාංජලී මිතුරිය නිදුක් නීරෝගී වේවා. රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ඔබ පවුලේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. විවාහ* වී සිටීනම් ඔබේ පවුල් ජීවිතය සාර්ථක වේවා. නීරෝගී දරුඵල ලැබේවා. විවාහ වී නොමැතිනම් යහපත් ස්වාමිපුරුෂයයෙක්/ප්‍රේමවන්තයෙක් ලැබීමටද මේ පින හේතුවාසනා වේවා.

සුභ උපන්දිනයක් මිතුරිය…

Thushani Perera Gallege අක්කාගේ අම්මාට, ලොකු අම්මාට සහ මහප්පාට නීරෝගීසුව පතා සහ ආච්චි අම්මාට නිවන්සුව පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

Thushani Perera Gallege අක්කාගේ අම්මාට, ලොකු අම්මාට සහ මහප්පාට නීරෝගීසුව පතා සහ ආච්චි අම්මාට නිවන්සුව පතා රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

මේ සීයාට වයස අවුරුදු 86ක්. අංශභාගය හැදිලා. ගොඩක් අසරණ සීයා කෙනෙක්. අද අපි මේ සීයාට රෝද පුටුවක් පරිත්‍යාග කලා. වාහනය නවත්වලා අපිට කිලෝමීටර් 1/2කට වඩා පයින් ඉතා දුෂ්කර කඳු පල්ලම් සහිත පාරක රෝද පුටුව තල්ලුකරගෙන, උස්සගෙන ගියා.

අපි මේ සීයට රෝදපුටුව දුන්නහම සීයා ඇඬුවා සතුටට. ඒ පිනම ඇති අක්කා. ඒ පිනේ හැබෑ අයිතිකාරිය ඔයයි තුෂානි අක්කේ.

මේ සීයව අපිට හොයලා දුන්නේ දීකිරිගොල්ල ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිළධාරීතුමිය රූපීකා පුෂ්පරාණි දිසානායක මිතුරිය. ඇයටත් පිං.

මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ඔබ සහ ඔබ පවුලේ අම්මා, ලොකු අම්මා සහ මහප්පා ඇතුළු සියලු දෙනා නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. ආච්චි අම්මාටද නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා…

Location : මහියංගන

උපන්දිනය වෙනුවෙන් අසරණ ආච්චි අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Gihan Kaushyal මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ ආච්චි අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කල Gihan Kaushyal මිතුරා

ඊයේ දහවල් සමාජසත්කාර.lk HOPE (One Call | Does All) Hotline එකට ඇමතුමක් ආවා මැල්සිරිපුරෙන් මේ ආච්චි අම්මාට රෝද පුටුවක් ඕන කියලා. වැසිකිළියට යන්නවත් විදිහක් නෑ, ඒක නිසා කොමඩ් එක සහිත විශේෂ රෝද පුටුවක් තමයි අවශ්‍ය වුණේ.

මේ ආච්චි අම්මට වයස අවුරුදු 85ක් ලු. අපි මේ ආච්චි අම්මට ගිහාන් මිතුරාගේ උපන්දිනය වෙනුවෙන් රෝද පුටුව පරිත්‍යාග කලා. බලන්න ආච්චි අම්මගේ මූණේ තියෙන සතුට. නොසෑහෙන්න පිං දුන්නා. ඒ හැම ආශිර්වාදයක්ම ඔයාට සහ මේ පිංකමට ඔයාට මග පෙන්වූ Shanika Abeysooriya මිතුරියටයි. (ඇගේ නම සඳහන් කරන්න එපා කීවත් ඇයටත් මේ ගෞරවය හිමිවිය යුතුය.)

දැන් මේ රෝද පුටුව තියෙන නිසා ආච්චි අම්මට පහසුවෙන්ම රෝද පුටුවේ ඉඳන්ම වැසිකිළි යන්න පුලුවන්. ඒ ගැන කිය කියා දුන්න පිං අප්‍රමාණයි. මං ඔයාගේ ඡායාරූපයකුත් ඒ ආච්චි අම්මට පෙන්වූවා.

මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ඔබ නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා… ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.

සුභම සුභ උපන්දිනයක් ගිහාන්….

Location : මැල්සිරිපුර