loader image
Select Page

චූටි දූට අවුරුදු 2 1/2යි. අද අපි ඒ දුවට රෝද තුනේ පුංචි බයිසිකලයක් (Tricycle) පරිත්‍යාග කලා. ඒ විතරක් නෙමේ ලස්සනම ලස්සන ඇඳුමක්, තොප්පියක් සහ බේබි ක්‍රීම්, පුයර, සබන් සහ බේබි Cologne ද ලබාදුන්නා.

චූටි දූ ඒ ඇඳුම ඇන්ඳහම පුංචි සුරංගනාවියක් වගේ. හරිම ලස්සනයි. හරි ආසාවෙන් බයිසිකලයත් පැද්දා. අම්මා ගොඩක් පිං දුන්නා. ඒ සතුට ඔයා ෆේස්බුක් මැසෙන්ජර් වීඩියෝ කෝල් එක හරහා දැක්කනේ.

මේ ගෙදර දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මහියංගනය, ලොග්ගල්ලාඔය හරියේ තමයි මේ පවුල ඉන්නේ. ගොඩක් අසරණ පවුලක්. මහවැලියෙන් ස්ථීර ගෙවල් හදන්න දෙන්නේ නැහැලු. මේ ගේ ලඟට අලිත් එනවලු. මේ අයගේ ඉටිකොළ වලින් වටකල වැසිකිලියත් ඔබට ඡායාරූප වල දැකගන්න පුලුවන්. අන්ත අසරණ පවුලක්. රන්මිණි අක්කා සහ අයියා අද මේ අයට ගෙදරට විදුලියත් ලබාදුන්නා අපේ සමාජසත්කාර Solar Panel ව්‍යාපෘතිය යටතේ.

අක්කේ ඔයා මේ කල කුසලයේ ආනුභාවයෙන් Aiden පුතුගේ අනාගතය සාර්ථක වේවා. නිදුක් නීරෝගී වේවා. තෙරුවණ් සරණයි. දෙවි පිහිටයි.