loader image
Select Page

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන චාමර සුරංග මිතුරා ඔහුගේ පරලෝසැපත් ආච්චි අම්මා ආර්.පී මේරිනෝනා මහත්මියට සහ මාමා ඉන්ඳ්‍රසේන ගමගේ මහතාට පිං පිණිස පිංකම් විශාල ප්‍රමාණයක් කරන්න දායකත්වය දැක්වූවා. මේ එක් පිංකමක්.

මහියංගනය, කුකුළාපොළ තමයි මේ අසරණ පවුල ඉන්නේ. පාසල් යන්න කිලෝමීටර් ගානක් පයින් යන්න ඕන. ඉතිං අපි තීරණය කලා මේ දරුවන්ට පාසල් යන්න බයිසිකලයක් ලබාදෙන්න.

දරුවන්ට බයිසිකලයක් අරන් දෙන්න වියදම් කරන්නට මිල මුදල් මේ අම්මලා තාත්තලා සතුව නැහැ. මේ දරුවන්ගේ දෙමාපියන් මත පැටවී ඇති ජීවිතේ බරත් එක්ක එවැන්නක් වෙනුවෙන් මුදල් යොදවන්නට හැකියාවක් ඔවුනට නැහැ.

ඉතින් එවන් වූ දරුවන් වෙනුවෙනුයි අපි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් ඉටු කරගැනීම උදෙසා මෙලෙස පාසල් යන්නට බයිසිකලයක් තිළිණ කරන්නට යෙදුනේ.

ඉතින් මේ පුංචි මල් කැකුළු වලට අනාගතය ජය ගන්න නිසි පරිදි අධ්‍යාපනය ලබන්නට අද දවසේ ඔබ විසින් දැක්වූ මෙම සහයෝගය හේතු කොටගෙන රැස් කරගත්තාවූ කුසලානිසංසයන්ගේ බලය ඔබ නැසීගිය නෑදෑයින් හට අත්වේවා. ඔවුන් මේ වන විට සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප වැඩි දියුණු වීමටත් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා ගැනීමටත් මේ පින මහෝපකාරී වේවා… මෙසේ යුතුකම් ඉටු කිරීම මෙන්ම සෙනෙහෙ සිතින් පරලොව සැප පිණිසඳ කටයුතු ඔබටත් මේ සිදු කළ පිනෙහි ආනුභාවයෙන් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම උදා වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා….