loader image
Select Page
හිසට සෙවනක් 6 – (මැයි 04 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන

හිසට සෙවනක් 6 – (මැයි 04 ප්‍රගතිය) දියතලාව සෙනෙහසේ නිවහන

බොහෝ දුරට දැන් වැඩ අවසන්. මම අසනීපෙන් නිසා අයියා ගිහින් විස්තර බලලා ආවා. චිමිනිය කපරාරු කරන්න තියෙනවා. ඊට පස්සේ දොර ජනෙල් සවි කරන්න ඕන. පේමන්ට් එක දාන්නත් ඕන…

Location : ජයමිණිපුර, දියතලාව

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ වැඩවසන ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් වැසිකිළියක් සහිත නානකාමරයක් ඉදි කිරීම

ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ වැඩවසන ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් වැසිකිළියක් සහිත නානකාමරයක් ඉදි කිරීම

ඊයේ අපි අනුරාධපුර ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ නානකාමරය ගොඩනැගීමට මුල්ගල් තැබුවා.
අද දහවල් වන විට ටයිල් සහ නානකාමර උපාංග හැරෙන්න ගල්, වැලි, සිමෙන්ති ඇතුලු අනික් සෑම දෙයක්ම ගෙනත් අවසන්.

වාර්තා කලේ – Rajangane Saddharathana Thero

Location : අලුත්වැව, ශ්‍රාවස්තිපුර, අනුරාධපුර

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක කොහෙවත් ටැංකි ගන්න තිබුණේ නැහැ. ඉන්පසු හික්කඩුවෙන් අපි ලෑන්ඩ් මාස්ටර් එකක තමා ටැංකිය ගෙනවේ. දූපතට අරන් ගියේ බෝට්ටුවෙන්. එතැන් පටන් ආරණ්‍යයට දිනේෂ් එය ඔසවගෙන ගියා. ස්වාමීන්වහන්සේ බොහොමත්ම පිං දුන්නා මේ පුණ්‍යකර්මය පිළිබඳව.
දායකත්වය දැක්වූ සැමටම මේ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…
Hemal Matarage අයියත්, Dinesh Kumaraත් අද මේ පිංකමට ශ්‍රමයෙන් දායක වුණා…. ඔබ දෙපලටත් බොහොම පිං.

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔයාලට මතකයිනේ සේනපුර ඉන්න මේ අම්මයි, දුවයි. ඊයේ (මාර්තු 21) අපි මේ අයට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කලා. අම්මා ගොඩක් සතුටෙන්. උදව් කල හැමෝටම පිං දුන්නා. මහන්සි වෙලා පාගන්න බැරි නිසා අපි මෝටරයකුත් සවි කරලා දුන්නේ. ව්‍යාපාරයක් මූලිකව ආරම්භ කිරීමට අවශ්‍ය රෙදි, නූල් සහ තවත් අවශ්‍ය රෙදි මිළදී ගැනීමට රු.5,000ක මුදලක්ද ලබාදුන්නා.
මේ අම්මා පහුගිය දවසක රෝහලේ නතර වුණානේ ප්‍රතිකාර ගන්න, දැන් යම් සුවයක් තියෙනවා. රෝදපුටුවෙන් නැගිටලා හැරමිටියක් ආධාරයෙන් ඇවිදින්න පුලුවන්.
දුවට සාමාන්‍ය පෙළ විභාගය සඳහා සතුටුදායක ප්‍රතිඵල නැති නිසා උසස් පෙළ කරන්න බැහැ. නැවත සාමාන්‍ය පෙළ කරන එක ගැනත් විශ්වාසයක් තියන්න අපහසුයි. සමහරවිට ඇය ඇඳුම් මැසීම ස්වයංරැකියාවක් ලෙස ඉදිරියට කරගෙන යාවි.

විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ඊයේ මම අනුරාධපුර සෙනෙහසේ චාරිකාවේ සිටින අතරතුර මට ෆේස්බුක් එකේ ඉන්න ග්‍රාම නිළධාරිතුමියකගෙන් ඇමතුමක් ආවා අපේ සමාජසත්කාර One Call | Does All Hotline එකට. ඇය මගෙන් ඉල්ලා සිටියා ඇගේ වසමේ ඉන්න අසරණ ඔත්පල තාත්තා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. මම ඇයගෙන් එම පියාගේ සහ නිවසේ ඡායාරූප ඉල්ලුවා. ඇය විනාඩි 10ක් ඇතුලත වයිබර් ඔස්සේ ඡායාරූප එව්වා. ඒවා අපි ලබාදෙන නිර්ණායක වලට ගැලපෙන නිසා මම එසැනින් රෝද පුටුවක් Online Order* කර අදාල නිවසට Deliver කරන ලෙස අදාල ආයතනයට පැවසුවා. පැය 2ක් ඇතුලත රෝදපුටුව එම නිවසට රැගෙන ආ අතර මමත් අයියාත් ඒ තාත්තා බලන්න එම නිවසට ගියා. අපිට සහයට තලාව, ඉහලගම වසමේ ග්‍රාම නිළධාරිතුමිය Priya Darshi Dissanayaka, ආර්ථික සංවර්ධන නිළධාරිනිය සහ සමෘද්ධි සංවර්ධන නිළධාරිතුමා පැමිණියා. ඒ තාත්තාගේ වයස අවුරුදු 71, ආච්චි ඉන්නවා, තව ආබාධිත පුතෙකුත් ඉන්නවා. ගොඩක් අසරණයි. ඉතිං අපි ඒ තාත්තාට රෝද පුටුව පරිත්‍යාග කලා. ගොඩක් පිං දුන්නා.
මේ රෝද පුටුව පරිත්‍යාග කලේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි මගේ ෆේස්බුක් එකේ මිතුරියක් වන Tharanga Sauer අක්කාගේ ස්වාමීපුරුෂයා වන Udo Grey මහත්මයාගේ 57වන ජන්ම දිනය නිමිති කොටගෙන. මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ඔහුත්, තරංගා අක්කාත් නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා…
ඔහුගේ උපන්දිනය තිබුනේ ජනවාරි 15 වෙනිදා. මට ටික කාලයක් ගියා සුදුසු කෙනෙක් සොයාගන්න. සිදුවූ ප්‍රමාදය පිළිබඳව මා තරංගා අක්කාගෙන් සමාව අයදිනවා.

Spenden einen Rollstuhl für 57 Geburtstagsfeier

Location : ඉහලගම, තලාව