loader image
Select Page

ඊයේ මම අනුරාධපුර සෙනෙහසේ චාරිකාවේ සිටින අතරතුර මට ෆේස්බුක් එකේ ඉන්න ග්‍රාම නිළධාරිතුමියකගෙන් ඇමතුමක් ආවා අපේ සමාජසත්කාර One Call | Does All Hotline එකට. ඇය මගෙන් ඉල්ලා සිටියා ඇගේ වසමේ ඉන්න අසරණ ඔත්පල තාත්තා කෙනෙක්ට රෝදපුටුවක් අවශ්‍යයි කියා. මම ඇයගෙන් එම පියාගේ සහ නිවසේ ඡායාරූප ඉල්ලුවා. ඇය විනාඩි 10ක් ඇතුලත වයිබර් ඔස්සේ ඡායාරූප එව්වා. ඒවා අපි ලබාදෙන නිර්ණායක වලට ගැලපෙන නිසා මම එසැනින් රෝද පුටුවක් Online Order* කර අදාල නිවසට Deliver කරන ලෙස අදාල ආයතනයට පැවසුවා. පැය 2ක් ඇතුලත රෝදපුටුව එම නිවසට රැගෙන ආ අතර මමත් අයියාත් ඒ තාත්තා බලන්න එම නිවසට ගියා. අපිට සහයට තලාව, ඉහලගම වසමේ ග්‍රාම නිළධාරිතුමිය Priya Darshi Dissanayaka, ආර්ථික සංවර්ධන නිළධාරිනිය සහ සමෘද්ධි සංවර්ධන නිළධාරිතුමා පැමිණියා. ඒ තාත්තාගේ වයස අවුරුදු 71, ආච්චි ඉන්නවා, තව ආබාධිත පුතෙකුත් ඉන්නවා. ගොඩක් අසරණයි. ඉතිං අපි ඒ තාත්තාට රෝද පුටුව පරිත්‍යාග කලා. ගොඩක් පිං දුන්නා.
මේ රෝද පුටුව පරිත්‍යාග කලේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි මගේ ෆේස්බුක් එකේ මිතුරියක් වන Tharanga Sauer අක්කාගේ ස්වාමීපුරුෂයා වන Udo Grey මහත්මයාගේ 57වන ජන්ම දිනය නිමිති කොටගෙන. මේ කලාවූ කුසලකර්මයේ බලමහිමයෙන් ඔහුත්, තරංගා අක්කාත් නිදුක් නීරෝගීව දිගුකල් ජීවත්වේවා. උපදිනා සෑම ආත්මයකම කිසිදු ලෙඩක් දුකක් ඇති නොවේවා…
ඔහුගේ උපන්දිනය තිබුනේ ජනවාරි 15 වෙනිදා. මට ටික කාලයක් ගියා සුදුසු කෙනෙක් සොයාගන්න. සිදුවූ ප්‍රමාදය පිළිබඳව මා තරංගා අක්කාගෙන් සමාව අයදිනවා.

Spenden einen Rollstuhl für 57 Geburtstagsfeier

Location : ඉහලගම, තලාව