loader image
Select Page
ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න.  (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

ෆේස්බුක් මිතුරන් එකතු වී රෝහලකට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කැමති අය ගෲප් එකට එකතු වෙන්න. (පරිත්‍යාග කරන්න අපහසුනම් හැකි තරම් මිතුරන් අතරේ ශේයාර් කරන්න)

PCR යන්ත්‍රයක මිල රු.ලක්ෂ 50යි. රු.1,000 ගණනේ මිතුරන් 5,000ක් එකතු වුනොත් අපට පහසුවෙන්ම මෙය කරන්න පුලුවන්. ඔබට පරිත්‍යාග කල හැකි අවම මුදල රු.5.

වැඩි විස්තර සඳහා පහත ගෲප් එකට පිවිසෙන්න  : Donating a PCR machine ~ PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම

https://www.facebook.com/groups/donatingapcrmachine/

ඔබගේ ඕනෑම බැංකු ගිණුමක් හෝ Credit / Debit කාඩ්පත් හරහා පරිත්‍යාග කරන්න මෙම App එක Install කරගන්න  : http://onelink.to/kb45rc

පිටරට සිටින ඔබට Credit / Debit කාඩ්පත් හරහා $5ක් වැනි සුළු මුදලක් වුවත් පරිත්‍යාග කරන්න පහත ලින්ක් එකට යන්න

https://www.gofundme.com/…/donating-a-pcr-machine-to-a…

ඔබ පිටරට සිටින අයෙක්නම් මේ හරහා සමාජසත්කාර පදනමට පරිත්‍යාග කරන ආකාරය හෝ ලියාපදිංචි වන ආකාරය දැනගන්න ෆේස්බුක් මැසේජ් එකක් හෝ 0701101010 අංකයට WhatsApp මැසේජ් එකක් එවන්න.

ශ්‍රී ලංකාවේ සබරගමුව පළාත කියන්නේ වර්ග කිලෝමීටර් 4,968ක භූමි භාගයක පිහිටා ඇති ප්‍රදේශයක්. එයට කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් දෙක අයිති වෙනවා. 2011 ජන සංඛ්‍යාලේඛන දත්ත අනුව 1,918,880 ජනගහණයක් මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහණය අතින් 5 වන ස්ථානය හිමිකරගන්නවා සබරගමුව පළාත.

ඔබ දන්නවද මෙපමණ විශාල ප්‍රදේශයකට රත්නපුර දිස්ත්‍රික්කයේ මහ රෝහලට පමණයි දැනට PCR යන්ත්‍රයක් තිබෙන්නේ. හදිසි කොරෝනා රෝග ලක්ෂණ සහිත රෝගියෙක් හමුවුවහොත් මහනුවර හෝ කොළඹ රෝහල්වලට එම PCR සාම්පල රැගෙන යන්න වෙනවා පරීක්ෂණ වෙනුවෙන්. විශාල කාලයක් ගත වෙනවා. පසුගිය දිනක මරණ සිදුවූ අවස්ථාවලදී පවා දේහය ලබාගන්න දින කිහිපයක් ගත වූවා PCR පරීක්ෂණ ප්‍රමාද නිසා.  එසේ වන අවස්ථාවල රෝහල් වල මෘත ශරීරාගාර වල ශීතාගාර පහසුකම් ප්‍රමාණවත් නැහැ එම දේහ PCR ප්‍රතිපල ලැබෙන තුරු තබාගන්න.

මෙම හේතුව නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ රෝහළට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට අප බලාපොරොත්තු වේ.

කොරෝනා වසංගතය අවසන් වුවද PCR යන්ත්‍රයක අවශ්‍යතාවය නැතිවන්නේ නැහැ. බොහොමයක් රෝගයන් හඳුනාගැනීමට මෙම යන්ත්‍රය භාවිතා කල හැක. එම නිසා PCR යන්ත්‍රයක් රෝහළකට පරිත්‍යාග කිරීම යනු වසර ගණනාවක් ජීවිත දහස් ගණනක් රැකදෙන උතුම් වූ පරිත්‍යාගයකි.

ඔබගේ නොමසුරු දායකත්වය ලබාදෙන්න….

* තොරතුරු විකීපීඩියා අනුසාරයෙන්…

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි.

ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර ප්‍රමාණයක් පමණයි. බොහෝ වෙලාවට PCR පරීක්ෂණ ප්‍රමාද වීම නිසා කොරෝනා වෛරස් ආසාධිතයින් ප්‍රමාණය ඉහල යනවා. අපගේ බලාපොරොත්තුව කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමයි. ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පමණක් මෙම පරිත්‍යාගය සිදුකිරීමට බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතියට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳ සැල් ජාලයක් හරහා දිනපතා වට්ටම් ලබාගන්න.

Donate & Get the Offer : https://charityshop.lk/

ඉහත ලින්ක් එකට යන්න. උදව් කරන්න කැමතිනම් “මම කැමතියි” බොත්තම ඔබන්න. වැඩි විස්තර සඳහා 0701 10 10 10 අංකයට ඇමතුමක් දෙන්න. එහි ඇති ෆෝරම් එක පුරවා මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔබට ලැබෙන Digital Receipt පත හරහා ඔබට රු.100,000ක් දක්වා වට්ටම් ලබාගත හැක.

ව්‍යාපෘතිය ගැන සියලුම විස්තර දැනගැනීමට පිවිසෙන්න : https://www.facebook.com/groups/donatingapcrmachine

වට්ටම් ගත හැකි ආයතන පිළිබඳව දැනගන්න පිවිසෙන්න : https://www.facebook.com/CharityShop.lk/

ඉහත පේජ් එකෙහි සඳහන් ඕනෑම වට්ටමක් හෝ වට්ටම් සියල්ල ලබාගැනීමට ඔබට වැයවන්නේ රු.1,000ක් පමණි. එයත් ඔබ ඔබේ අනාගතය, රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි. පරිත්‍යාගයකි.

#DonatePCR #CharityShop #SamajaSathkara #SupportSriLanka #ChaityLK #Support #Discount #Offers #BestOffers #SriLanka

 

අසරණ දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම (Donating School Shoes)

අසරණ දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම (Donating School Shoes)

පසුගිය සෙනෙහසේ චාරිකාවන් තුළදී හමු වූ ඉතාමත් අසරණ පවුල් කිහිපයකම පාසල් යන වයසේ දරුවන්ට මෙලෙස සපත්තු සහ මේස් පරිත්‍යාග කරා. නව පාසල් වාරය එළඹෙද්දි බොහෝ දුප්පත් මේ පවුල් වල දරුවන්ගේ දෙමාපියන්ට නැඟෙන විශාල බරක් මේ අයුරින් නිදහස් වීම ගැන ඒ දෙමාපියන්ගේ හිතේ තිබ්බේ පුදුමාකාර සතුටක්. දරුවොත් මූණු පුරා හිනාව රඳවගෙන හිටියේ ලැබුණ සපත්තු දාලා බැලුවේ ආසාවෙන්. සමහර දරුවන්ට සපත්තු අරන් දුන්නේ කඩේකට එක්කරගෙනම ගිහින්.

 

   

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා.

මේ විහාරස්ථානයට මෙලෙස ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට කටයුතු කලේ මාගේ කළ්‍යාණ මිතුරකු වන සුධීර සහන් මිතුරායි. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ කොට ගත් ඔහු විසින් මෙසේ ඔහුගේ දායකත්වය දක්වමින් මෙම පරිත්‍යාගය සිදු කළා. ස්වාමීන්වහන්සේට මෙහි වටිනාකම කියා නිම කළ නොහැකි තරම්. වසරේ වැඩි කාලයක් නියඟය පවතින ප්‍රදේශයක පිහිටි මෙම පන්සලට ජලය එක්‍ රැස් කරගන්න ක්‍රමයක් තිබෙන එක ඉතාමත් වටිනා බව පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ පැවසුවා. ඔබට ආශිර්වාද කලා.

පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම (Donating a Tricycle Wheelchair)

පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම (Donating a Tricycle Wheelchair)

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග තත්වයක් නිසා. දැනට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දරුවෝ මේ තාත්තව අතහැරලා ඇවිදින්න බැරි නිසා. වෙන ගෙදරක තමයි දැනට ජීවත්වෙන්නේ. හොඳින් හිටිය කාලේ ගොවිතැන් කරලා ජීවත් වුනේ. නමුත් ඇවිදින්න බැරි වුණාට පස්සේ මේ තාත්තා ගොඩක් අසරණ වුණා. ඉතිං අපි මේ තාත්තගේ අපහසුතා බලලා මේ තාත්තට ඇවිදින්න වාරුවක් විතරක් නෙමෙයි සවියක් වෙන විදිහට රෝද තුනේ විශේෂයෙන් සකසන ලද රෝද පුටුවක් අපි පරිත්‍යාග කරා. මේ තාත්තට සාමාන්‍ය රෝද පුටුවක් වැදගත් වෙන්නෙ නැත්තේ ඔහු බොහෝ වෙලාවට ගෙයක් ගෙයක් ගානේ ගිහින් තියෙන විදිහට දෙයක් ඉල්ලගෙනයි එදා වේල හොයාගන්නෙ. ඉතින් ඒකට මහමඟ යන්න පුළුවන් විදිහේ රෝද පුටුවක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ උපකාරය ඔහුට කෙතරම් වටිනවද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ.