loader image
Select Page

ඔයාලට මතකනේ අපි මේ අයට බ්ලොක්ගල් වැඩපලක් දාලා දුන්නා. මීට කලින් පවුල් වලට අපි නිවස හදලා තමයි ස්වයංරැකියාවක් ලබාදුන්නේ. මෙහි තත්වයේ අපි පොඩි වෙනසක් කලේ මුදල් හමුවේ වෙනස්වෙන මිනිසුන් ඉන්නා බව මාගේ සමහර ව්‍යාපෘති වලදී මට හැඟී ගිය බැවිනි. මොහුගේ බ්ලොක්ගල් සඳහා තවම වෙළඳපලක් නිර්මාණය වෙලා නැහැ. ඔහු බ්ලොක්ගල් 1000කට වැඩි ප්‍රමාණයක් කපලා තිබුණා. නමුත් මම අද දිනයේ මොහුගේ බ්ලොක්ගල් උඩුබද්දාව ප්‍රදේශයේ පවතින මිළටම මිළදීගත්තා. ඒ වෙන දෙයකට නෙමෙයි මොහුගේම නිවස හදන්න භාවිතා කරන්න. මෙහිදී මා සිදුකලේ Immediate Market එකක් නිර්මාණය කරදීම පමණි. දැන් දිනෙන් දින ඔහුගේම මහන්සියෙන් සාදන බ්ලොක්ගල් වලින් ඔහුගේ නිවස ගොඩනැගේවි. බොහොම අමාරුවෙන් ආයෙත් බාසුන්නැහැ කෙනෙක් හොයාගත්තා. මීට සති 4කට කලින් ෆේස්බුක් දැමූ පෝස්ට් එකකින් තමා මිතුරෙක්ගේ උදව්වෙන් මේ බාසුන්නැහැ සොයාගත්තේ.
ඔයාලට පේනවා ඇති මම මගේ ෆෝන් එකෙන් දරුවන්ට යමක් පෙන්වනවා. ඒ පෙන්වන්නේ ඔවුන්ගේ නිවස අවසාන වන විට පෙනෙන ආකාරයයි… දරුවෝ ගොඩාක් සතුටෙන්…
ඒ අතර පසුගිය දිනක අකුණක් ගහලා මැෂින් එකේ ප්‍රශ්නයක්ලු. මම කීවා වයරින් එක පරීක්ෂා කරන්න කියලා. මාස 3කටත් වැඩී ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරලා. තාම කිසි ප්‍රතිචාරයක් නැහැ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන්.

සමාජසත්කාර බ්ලොක්ගල් වැඩපළ – දිළිඳු පවුල් වලට ස්වයං රැකියා පහසුකම් සැලසීම (Project ජීවනාලෝක)

Location : උඩුබද්දාව, කුලියාපිටිය