loader image
Select Page

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Sachini Ahinsika මිතුරිය පරළෝ සැපත් ඇගේ ආදරණීය මව, ගුණවතී මහත්මිය සිහිපත් කරමින් අසරණ පවුල් වලට වියළි ආහාර පරිත්‍යාග කලා.

මිය පරලොව යන්නට යෙදුන මෑණියන් වැනිම වූ තවත් අසරණ වියපත් වැඩිහිටියන් ඉන්න පුංචි පවුල් වලට පිහිටක් වන්නට සිතීමත් ඉතාමත් වටිනවා. මේ වැඩිහිටියන් බොහෝම අසරණයි. ඔවුන්ගේ දරුවන්ට පවා ඒ අයගේ පවුල් වල කුස පුරවන්න හැකියාවක් නැහැ. එවන් පවුල් කිහිපයකටම අපි වියළි ආහාර පරිත්‍යාග කරා. ඒ මව්වරු, දරුවන් ඉන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ මෑනියන් හට අනුමෝදන් වේවා….

මිය පරලොව යන්නට යෙදුනාවූ ඒ මෑණියන් මේ පින් අත්වීමෙන් යම් සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප වැඩි දියුණු වේවා… යම් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලැබීමට මේ පින් හේතු වේවා…

එමෙන්ම මෑනියන් වෙනුවෙන් මෙවන් පරිත්‍යාගයක් සිදු කෙරූ සචිනි නංගීටත් මේ සිදුකළා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගි සුවය උදා වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම රැඳේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා…. කරන කියන සෑම දෙයක්මද රැකීරක්ෂා කටයුතුද ව්‍යාපාරය හෝ අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…