loader image
Select Page

මීට වසර 3කට පෙර මිය පරලොව යන්නට යෙදුනාවූ Sarathchandra Rajamuni මහතාගේ ආදරණීය පුතණුවන් Sathyajith Rajamuni අයියා සහ ආදරණීය ලේලිය Kushi Ratnayake විසින් ඔහු හට පිං පැමිණවීම උදෙසා පින්දහම් රාශියක් සිදුකරනු ලැබුවා. ඒ අනුව වියපත් පියෙක්ට ඇස් කණ්නාඩි ලබා දීමද සිදු කලා. ඒ තාත්තා නොසැහෙන්න පිං දුන්නා.

මැදවච්චිය දුෂ්කර ගමක පදිංචි වකුගඩු රෝගයෙන් පෙළෙන මේ පියාණන්ට මෙලෙස අක්ෂි පරික්ෂා කොට සුදුසු ඇස් කණ්නාඩි ලබා දුන්නා. මේ තාත්තාට ඇස් වල පෙනීමේ අඩුවක් කලක පටන්ම තිබුණත් කණ්නාඩි දෙකක් හදාගන්න යන වියදම දරාගන්න බැහැ. වයසට යන ඕනම කෙනෙක්ගෙ ටිකෙන් ටික ඇස් පෙනීම දුර්වල වෙනවා කියලා අපි හැමෝම දන්නවනේ. ඒ කාලෙට ඉතින් බණ පොතක්වත් කියවන්න නම් කණ්නාඩි දෙකක් ඕනමයි. ඒත් මේ වගේ අසරණ තාත්තලාට ඒකට අවස්ථාවක් නැහැ. ඒ අයගේ දරුවන්ට උනත් කණ්නාඩි දෙකකට යන වියදම දරන්න තරම් ආදායමක් නැහැ. ඉතින් මේ තාත්තලා ඇහෙන බණ පදයක් අහගන්නවා ඇරෙන්න පොත් බලන්න යන්නෙ නෑ. හදිසියේ පොඩි දෙයක් හරි කියවන්න ඕන උනොත් ඉතින් කාගෙ හරි පිහිටක් ඕන වෙනවා අකුරු පේන්නෙ නැති නිසා. ඒත් දැන් මේ තාත්තාට ඒ ප්‍රශ්නය නැහැ. අපි සරත්චන්ද්‍ර මහතාට පිං පිණිස මේ තාත්තාට පෙනීම අරන් දුන්නා.

ඒ ලැබුන පෙනීමෙන් මේ තාත්තා ධර්මය කියවන්න දකින්න ලැබෙන එකම බොහෝම උතුම් පුන්‍යකර්මයක්. ඒ ජීවිත වලට ආලෝකය දුන්නා හා සමානයි.

මේ වියපත් පියාගේ ජීවිත මෙසේ එළි කළා සේම ඔබලාගේ පියාණන් යම් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ ජීවිතයද ආලෝකමත් වේවා…. සැපයෙන් සැපයට පත් වේවා… ධර්මයේ සුවය පිහිට නිරතුරුවම ලැබීමටත් ඒ තුළින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටත් මේ කුසලය ආශිර්වාදයක්ම වේවා… මොනයම් හෝ හේතුවක් නිසාවෙන් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලබා අනේක පින් රැස් කොට උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හැකියාව ලැබේවා…

එමෙන්ම මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා දායකත්වය දක්වා සිදු කරගත්තාවූ කුසලානිසංසයේ බලයෙන් අයියා, අක්කා ඇතුලු පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උදා වේවා…. ලෙඩ දුක් රෝග පීඩා කිසිවක් නොම වේවා… කරන කියන සිතන පතන සෑම කටයුත්තක්ම ඒ අයුරින්ම ඉටු වේවා… රැකී රක්ෂා මෙන්ම දරුවන් සිටීනම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. තව බොහෝ පින් දහම් සිදු කරමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද ඔබ සියළු දෙනාටම හැකියාව ලැබේවා…

Donor : Kushi Ratnayake
Death Anniversary : May 19
Project ID :